Posts

Showing posts from May, 2018

දෛවෝපගත බැඳීම්

නිම්නා පුලුවන් තරම් හයියෙන් දුවන්නට විය...කදුලු කැට මෙන් දෑස්වලින් කඩාහැලෙන්නට විය..ඇය මේ දුවන්නේ මහපාරේ යනවගද ඇයට ගානක් නොවිය ඇය නොනවතවාම පිස්සියක සේ දුවන්නට විය..එකවරම පැමිනි ට්‍රක් එකට බ්‍රෙක් ගැසිමට වේලාවක් නොවිය.ට්‍රක් එකේ ඉදිරිපස වැදි නිම්නා ඈතට විසි විය....... අතේ සේලයින් බටයක් ගසා සුඛෝපභොගි පෞද්ගලික රෝහල් කාමරයක ඇඳක නිම්නා වැතිර සිටියාය...ඒ අසල වුයේ සාරියකින් සැරසි සිටි මැදිවිය ඉක්මවු සුන්දර කාන්තාවකි..නිම්නා දෑස් අරින්නට විය...ඒ අතරතුර ඇය භාරව සිටි වෛද්‍යවරයාද කාමරයට පැමිනියේය... "දු හව් ආර් යු ෆිලින්ග් නව්?......." "හ්ම්ම්ම්ම් අයිම් ෆිලින්ග්  බෙටර් නව් ..." "ගුඩ්..." "මිසිස් දල්පදාදු ඔයාගේ ඩොටර් ඉන් ලෝට දැන් ගොඩක් හොඳයි..ඔයා කැමති නම් අද හවසට එයාව ගෙනියන්න පුලුවන්..." "තැන්ක් යු සෝ මච් ඩොක්ටර්.." "යු ආර් වෙල්කම් මිසිස් දල්පදාදු..." නිම්නාට සිදුවු අනතුරින් ඇගේ හිසට සිදුවු තුවාලය නිසා අවුරුදු පහක පමන ඈත  අතිතය ඇගේ මතකයෙන් ගිලිහි තිබුනි..අඩුම තරමේ එම අනතුර සිදුවිමට කලින් සිදුවු දේවල්ද කිසිවක් ඇයට මතක නැත. හර...