ආදරය සුන්දරද මෙතරම්......
දවස් කීපයක් තිස්සේ ඇද හැලුන වැස්ස අඩුවන බවක් පේන තෙක්මානයේ නොවීය.ශරන්යා සිතුවිලි අතර අතරමං වී සිටියාය.ඇයගේ සිත කෙමෙන් කෙමෙන් අතිතයට දිව ගියාය.
ඇයගේ මව ඇයගෙන් සඳහටම සමුගන්නා විට ඇය අවුරුදු පහක කුඩා දැරිවියකි ඉන් අනතුරුව ඇයට සිදුවුයේ ඇයගේ පියා වු අමරසිරි විසින් දෙවන වරට විවාහ පත් වු මංජුලාට අම්මා ලෙස කතා කිරිමටය.මංජුලාට නැදෑයන් කිසිවෙක් නොවීය.ඇය අනාථ නිවසක සැදි වැඩුන අතර ශරන්යාගෙ මවගේ අභාවයෙන් පසු අමරසිරිගේ යාළුවකුගේ මාර්ගයෙන් ඇයව අමරසිරිට කතා කරන ලද්දේය. මංජුලා කෙදිනකවත් ඇයට වෙනස්කම් නොකළාය.ඉන්පසු අවුරුද්දකින් ඔවුන්ගෙ ඒ පවුලට අලුතින් එකතු වුයේ ශනාය ය.අමරසිරිගෙත්, මංජුලාගෙත් එකම හීනය වුයේ ශරන්යාටත් ශනායටත් හොඳ අධ්‍යාපනයක් ලබාදි සතුටින් ජිවිතය ගතකිරිමටය.සියලුම දෙය ඔවුන්ට අවශ්‍ය ලෙස සිදුවුහ.විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් නොමති වුවද ශරන්යා උසස් පෙල සමත් වුනාය.
ශනායාද ඉගෙනිම අතින් දක්ශකම් දැක්වුවාය.උසස් පෙළ විභාගයෙන් පසු ශරන්යා පරිගනක පාඨමාලාවක් හැදැරුවේ එය හොද රැකියාවක් කිරිමට පිටුවහලක් වෙවි යයි සිතාය.සියල්ල හොදින් සිදුවුවද එක දවසකින් ඒ සැමදෙයක්ම සුනුවිසුනු වි ගියේ අමරසිරිගේ හදිසි අභාවයෙනි.අවමංගල්‍ය කටයුතු සිදුවී සතියක් ගෙවුනද ශරන්යාට තවමත් එය දරාගත නොහැකි වුවාය.
ඇය සිය පියාට බෙහෙවින් ආදරය කළාය.ඔහු නැවත විවාහයක් කරගැනිමට හේතුව වුයේ තමන් බවද මංජුලා බෙහෙවින් කාරුනික තැනැත්තියක් බව හොදින් දැනගත් පසුව පමනක් නැවත විවාහ වුනු බව ශරන්යා ඒ දේවල් තේරුම්ගත හැකි වයසට පත් වු පසු ශරන්යාට ඔහු පවසා තිබුනේය.කෙසේ වුවද අද අමරසිරි ඔවුන් අතර නොමැති විම ඔවුන් තිදෙනාටම දරාගත නොහැකි විය.
"දුව දැන් කල්පනා කරා ඇති අපිට සමහර වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑ තාත්තා ගෙනාපු ආයුෂ එච්චර වෙන්නැති" මංජුලා දිගු හුස්මක් පහලට හෙලමින් පැවසුයේ ඇයටත් තවම දරාගත නොහැකි වුවත් කොතෙකුත් කල්පනා කරන ශරන්යාව අස් වැස්සිමටය.
"තාත්තා අපිට කොච්චර ආදරෙන්ද හිටියේ අම්මේ ඇයි අපිව ඉතින් මෙහෙම තනිකරලා එයා ගියේ " ශරන්යා මංජුලාගෙ උරහිසට ඔලුව තබාගෙන ඉකිබිදින්නට වුවාය.
"ඇති දුව දැන් ඇඩුවා.අපි මෙහෙම දුක් වෙනකොට තාත්තාට සැනසිල්ලක් ලැබෙන එකක් නෑ දුව තාත්තා මේ වේලාවේ කොහේ හිටියත් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා මං දන්නවා."
"අම්මා නංගී කෝ දැන්" ශරන්යා දෑසේ තිබු කදුළු දෑතෙන් පිස දමමින් ශනායා සොයන්නට වුයේ පසු ගිය දින කිහිපය තුළ ඈ ගැන සොයාබලන්න තරම්වත් කල්පනාවක් නොවු නිසාය.
"ලොකු අම්මා එක්ක ඉන්නවා දුව, අනේ මංදා දුව ඊයෙත් බාප්පා ආච්චි එක්ක රංඩු වුනා මේ මහ ගේ එයාට ඕනේ කියලා, අපිත් ඉතින් දැන් කොහේ කියල යන්නද ලොකු අම්මට කරදරයක් වෙන්නත් බෑ මන් දන්නවා ආච්චි ගොඩක් අසරන වෙලා ඉන්නේ කියලා.මේ හැමදෙම කරන්න කියල බාප්පාව උසි ගන්නන්නේ දමයන්ති කියලා හැමෝටම තේරිලා තියෙන්නේ.මොනවා උනත් දුවලාගේ ලොකු අම්මා තාම මට සලකන්නේ දුවගේ අම්මාට සලකන විදියට නිසා එයාලත් ඉන්නේ බාප්පලා එක්ක කේන්තියෙන්"
"එහෙම වුනොත් අම්මා අපි කුලියට ගෙයක් අරන් යමු , බාප්පට කියමු තාත්තගේ තුන් මාසේ දානේ ඉවර වෙනකම් අපිට ඉන්න දෙන්න කියල ඒ අතරතුර මම කොහොමහරි ජොබ් එකක් හොයගන්නම් අම්මා"
"ඔයාගෙ කොම්පුටර් කෝස් එක තාම ඉවර නැනේ දුව අනික ඔයාට තාම අවුරුදු විස්සක්වත් නැහැ, මම කැමති නැ දුවව දැන්ම රස්සාවකට යවන්න මට මහප්පා කිව්වා රස්සාවක් හොයලා දෙන්නම් කියලා ඔයයි නංගියි දෙන්නාම ඉගෙන ගන්න ඒවා මග ඇරගන්න එපා."
"අම්මා මොනවද මේ කියන්නේ අම්මා නංගි ළග ඉන්න ඕනේ කාලේ මේ, හරි මම කොම්පූයුටර් ක්ලාස් එක නතර කරන්නේ නැතුව ජොබ් එකක් කරන ගමන් කරන්න්ම් අම්මා. කොහොමත් ක්ලාස් තියෙන්නෙ ඉරිදාටනේ"
"මම ලොකු අම්මා එක්ක කතා කරන්නම් එහෙනම් ආච්චිට කියමු අපි බාප්පාට කියන්න කියලා අපිට තව ටික කාලයක් ඉන්න දෙන්න කියලා"
02
කාලයද කෙමෙන් කෙමෙන් ගෙවි ගියේය තාත්තාගේ තුන්මාසේ දානයටද තව ඇත්තේ දින තුනක් පමණී. ඒ අතරතුර මම මගේ පරිඝනක පාඪමාලාව සාර්ථකව අවසන් කර තිබු අතර පුවත්පත් වල තිබු රැකියාවන් කිහිපයකටම අයදුම් කර තිබුනි.ලොකු අම්මාත් ලොකු තාත්තාත් අපේ ඕනෑ එපාකම් බැලු නිසා ගෙදර වියදම් වලට ප්‍රශ්නයක් නොවුනත් ඔවුන් හට දිගටම කරදරයක් වීමට අම්මාටත් මටත් සිතුනේ නැත.එමනිසා දානේ වැඩකටයුතු සඳහා තාත්තා විසින් මා වෙනුවෙන් කුඩාකල සිට ඉතිරිකිරිමේ ගිණුමට තැන්පත් කළ මුදල් ලබාගත්හ.කුළි ගෙදරකට යාම සඳහාද ප්‍රමාණවත් මුදල් එහි විය.
දානේට කළින් අපට කුළි ගෙයක් සොයාගැනිමට හැකි විය.ඉතාම නිස්කලංක පරිසරයක පිහිටි එය අයිතිකාර පවුලේ නිවස පිහිටා තිබු වත්තේ අයිනට වෙන්න සැදු පුංචි හුරුබුහුටි නිවසක් විය.එහි අයිතිකරුවන් වුයේ අවුරුදු හැට ඉක්ම වු විශ්‍රාමික විදුහල්පතිවරයකු සහ ඔහුගේ බිරිඳයි ඔවුන්ගේ සහයට එක් වයසක කාන්තාවක්ද එහි විය.ඔවුන් පැවසු පරිදි ඔවුන්ගේ ළමුන් දෙදෙනාම පිටරටවල ජිවත් වන්නේය.දානේ වැඩකටයුතු වලින් පසු අපි එම නිවසටම එමට පොරොන්දු විය.
දානේ දින අපි උදෑසනම පන්සලට හීල් දානය පිළියෙළ කලෙමු.ලොකු අම්මා සිටි නිසා සෑම දෙයක්ම පිලිවෙලට කරගත හැකි විය.අපි කුලියට යාම සම්බන්ධව ලොකු අම්මා නම් සිටියේ නොසතුටුන්ය.දානේ දවසේ හවසම අපි අපේ බඩු ටික ලෑස්ති කළහ.
"අනේ මන්දා මංජුලා මම නම් කැමති නෑ උඹලා මේ ගෙදරින් යනවට මොනා කරන්නද ඉතින් අර වසවර්තියාගෙනුයි උගේ ගෑණි ගෙනුයි උඹලාට ගැලවිමක් නෑනේ"
"මටත් දුකයි අම්මාව දාලා යන්න මේ ඉඩම්කඩම්වලට ගෙවල් වලට අමරසිරිගෙත් එදා ඉදන් ඇල්මක් තිබේබේ නෑ"
Comments
Post a Comment