ඇය....
අමන්දා වික්‍රමසිංහ
රොහාන් වික්‍රමසිංහගේත්, සුනේත්‍රා වික්‍රමසිංහගේත් එකම දියණිය ය. අවුරුදු තුනක් තිස්සේ පණ මෙන් ආදරය කළ තම පෙම්වතාගේ මනමාලිය වී දිවි ඇතිතුරා ඔහුගේ පතිනිය වන්නට පෙරුම් පුරන්නීය.
ඔහු......
ආකාශ් රත්නායක
සාලිය අත්තනායකගෙත්, දිල්හානි අත්තනායකගෙත් බාල පුතු ය. තම පියාගේ ව්‍යාපාර කටයුතු වලට සහය දෙමින් සැහල්ලු ජිවිතයක් ගත කළ ඔහුගේ සියල්ලම වුයේ අමන්දා ය. අමන්දා මෙන්ම ඔහුත් ඇයට පණ මෙන් ආදරය කළේය.නොබො දිනකින් අමන්දා සමඟ විවාහ වී යහපත් පවුල් ජිවිතයක් ගත කිරිමට ඔහුද සිහින දකින්නේ ය...
ඔවුන්ගේ සිහිනයට කුමක් සිදු වෙවිද???
රැදෙන්න කියාගන්න බෑ ආදරය සමඟින්
උදෑසනම පටන් ගත් වැහි පොදය නොනවත්වාම පැවතුනි.මුලු ගෙදරම එකම කලබලයකි.
"මම කිව්වේ නංගි අද නම් සුභ දවසක්ම තමයි බලන්නකෝ මේ ලස්සන මල් වැස්සක් වහින්නේ උදේන්ම එකනේ" ඒ අමන්දාගේ ලොකු අම්මාය.
ඇත්තටම අද අමන්දාගේ මුලු පවුලටම සතුටු දිනයකි, ඇයි ඒ විතරක්ද අමන්දාට නම් අද ගොඩාක්ම සතුටු දවසක්. හැම යුවතියකගේම හීනය ලස්සන මනමාලියක් වෙන එක අද අමන්දාගේ ඒ ලස්සන හීනය හෑබෑ වෙන දවසයි.
"අනේ මගේ පුංචි කෙල්ල අද සුරගනාවියක් වගේ" අමන්දාගේ අම්මා සතුටින් ඉපිලෙමින් පැවසුවාය.
"ඔන්න ඇන්ටි මගේ වැඩ කොටස නම් ඉවරයි දැන් ඇන්ටිට තියෙන්නේ අමන්දාට තැල්ල තියන්න තමයි"
'අනේ තැන්ක් යු අක්කා ඔයා ලස්සනට මාව ඩ්‍රෙස් කරාට"
අමන්දා සැලොන් එකේ අක්කට ස්තුති කලේ ඇත්තටම අම්මා කිව්වා වගේ සුරංගනාවියක් වගේම ඇයව හැඩගන්වා තිබු නිසාය.
"නංගි පිටත් වෙන්න තියෙන නැකැතට තව ටික වේලාවයි තියෙන්නේ අපි ඉක්මන් කරමු"
සුනේත්‍රා රතිඤ්ඤා සද්දෙත් එක්කම තම එකම දියනියගේ නලලට තැල්ල තිබ්බේ දෑසේ පුංචි කදුළු කීපයක් රඳවාගෙනමය.
නැකතට පිටත් වෙන්න කලින් අමන්දා මවටත් පියාටත් , ලොකු අම්මා ඇතුළුව අනෙකුත් වැඩිහිටියන්ට බුලත් දී වැන්දාය.
අමන්දාත් දෙවෙනි මනමාලියත් අනෙක් සියලු දෙනා සමඟ උත්සව ශාලාවට පිවිසුණහ. මනමාල පාර්ශවයේ සියලු දෙනාම ඇස් පිය නොගසා බලා සිටියේ අමන්දාගේ රුව දෙසය.
අමන්දාගේ රුව දුටු ආකාශ්ටද එකවරම අදහා ගැනීමට නොහැකි විය.අවුරුදු තුනක් තිස්සේ ආදරය කළ හුරුබුහුටි යුවතිය අද පුංචි සුරංගනාවියක් වගේ ඔහුගේ ලෝකයේ රැජින වී කිරුළු පළදින්නට ඇත්තේ තව ස්වල්ප වේලාවකි.
"අනේ මගේ පුංචි කෙල්ල අද හරිම ලස්සනයි" ආකාශ්ගේ මව දිල්හානි සිය දෑතට අමන්දාගේ මුහුණ මැදිකරගනිමින් ඇයව පිලිගත්තාය.
අමන්දාගේ මව මෙන්ම දිල්හානිත් ඇයට බෙහෙවින්ම ආදරය කළාය.දිල්හානි පමණක් නොව සාලිය අත්ත්නායකද ඔවුන්ට දුවලා නොසිටිය බැවින් ඔවුන්ගේම දියනියක ලෙස ඒදා සිටම ඇයට ආදරය කළහ. ආකාශ්ගේ වැඩිමහල් සහොදරයා වු අශේන් රත්නායකට පමණක් ඇය අමුත්තියක විය. ඒසේ වුයේ ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අවුරුදු හතරක කාලයක් විදේශගතව සිට මාස දෙකකට පමණ කාලයකට කලින් ලංකාවට ආ බැවින් ඔවුන් අතර වැඩි කතබහක් නොවුවත් මේ සොදුරු රුවත්තිය සැබිවින්ම තම බාල සොයුරු හට ගැලපෙනම සහකාරිය බව ඔහු දැනගෙන සිටියේය.
එමෙන්ම තමා විවාහ වීමට පෙර ආකාශ්ගේ විවාහය සිදුකිරිම ගැන ඔහුගේ සිතේ කිසිදු අමනාපයක් නොවීය.ඒ පිලිබඳව දිල්හානිටත් සාලියටත් තිබුනේ ඔවුන්ගේ පුතුන් දෙදෙනා ගැන අඩම්බරයකි.රූපය අතින්ද කඩවසම්කමින්ද අනුන වු මේ සහෝදරයන් දෙදෙනාම එකිනෙකාට බෙහෙවින් ලෙංගතුය. ආකාශ්ට මෙන්ම දිල්හානිටද උවමනා වුයේ අමන්දාව ඔවුන්ගේ නිවසට ඉක්මනින්ම කැන්දන් යාමටය.
"අමන්දා තව ටික වේලාවයි නේද බබෝ අපිට පිටත් වෙන්න තියෙන්නේ" ආකාශ් අමන්දාගේ කනට කෙඳුරුවේය.
අමන්දාගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවිය.අමන්දා යටි ඇසින් ආකාශ් දිහා බලා සිනාසුනා ය.
"අනේ අමා ඔයා ඔහොම බලනකොට මට තවත් ඉවසන්න බෑ"ආකාශ් මෘදුව අමන්දාගේ අත පිරිමදිමින් පැවසුයේය.
"තව චුට්ටක් ඉවසන්නකො සුදු" අමන්දා ආකාශ්ගේ දෑස ලෙස බලමින් පැවසුවාය.
"ඒයි අමා උඹලා හනිමුන් ගියාම ලව් කරපන්. දැන් වරෙන් යන්න ගොයින්ග් අවේ එකට රෙඩි වෙන්න. ඒ අමන්දාගෙ හොදම යෙහෙළිය වගේම අද දෙවෙනි මනමාලිය වු හිරුනි ය.
'අයියෝ හිරුනි ඔයා කොහොමද මගේ මනමාලිව විතරක් එහෙම අරන් යන්නේ මම ලෑස්ති වෙන්න ඔනේ නෑද්ද"
"හරි හරි මැට්ටෝ ඔයත් ගිහින් දැන් රෙඩි වෙන්න ඔයට වගේ නෙමේ අමාට ගොඩක් දේවල් තියෙනවා අන්දන්න"
"කමක් නෑ ඉතින් ඔය මොනවා ඇන්දත් තව ටික වෙලාවයිනේ ඕවා තියෙන්නේ" ආකාශ් මනමාල හිනාවෙන්ම පැවසුවේය. එත් එක්කම අමන්දා තරවටු බැල්මක් ආකාත් වෙත හෙලුවාය.
"අනේ බං මම හිතුවේ නෑ උබේ මිනිහා මෙච්චර වල් කියලා"හිරුනි හිනාවෙමින් අමන්දාව ඩ්‍රෙසින් රූම් එකට රැගෙන ගියාය.
2 කොටස
තද නිල්පාට දිගු ගවුමකින් සැරසුනු අමන්දා, එයටම ගැලපුනු බටහිර ඇදුමකින් සැරසුනු ආකාශ්ගේ අතින් අල්ලාගෙන විවාහ උත්සවශාලාවට පැමිනියේ ඇයගේ අහිංසක සුන්දරත්වයෙන් සියලු දෙනවම මවිත කරවමින්ය. ඒ මොහොතේ දුරකථන සංවාදයක නියැලි සිටි අශේන්ගේ දෙනෙත් අහම්බෙන් මෙන් අමන්දාව දුටුවේ ය. ඔහුගේ හදවතද දෑස්ද තරමක් ගැස්සුන බව ඔහුට දැනේනට විය, දුරකථනයේ යමෙකු හා සංවාදයේ සිටි බවද අමතක වු ඔහු කන මත රැදි තිබු දුරකථනය අතට ගත්තේ අනේක් පසින් හෙලෝ හෙලෝ යන හඩ නිකුත් වෙද්දිමය.විනාඩියක් පමණ එසේ බලා සිටි ඔහු හිස පහත් කරගත්තේ ලැජ්ජාවෙන්ය.නොදනුවත්ම හෝ ඔහු කළ වරද නිසා ඔහු පසුතැවෙන්නට වුයේ ඔහු එලෙස බලා සිටියේ තම සොයුරාගේ බිරිද දෙස බව හැගුන නිසාවෙනි.
මනමාල ජෝඩුව පිටත් වෙන නැකත් වෙලාව පැමිනුනේය.ඔවුන් පිටත් වීමට පෙර දෙපැතේතෙම දෙමාපියන්ට වැඳ අවසර ලබා ගත්තේය.අශේන්ටද ඔවුන් වැඳ අවසර ලබාගත්තේ ඔහු ආකාශ්ගේ වැඩිමල් සහොදරයා වු බැවින්ය.තමා අතින් කලින් නොදැනුවත්වම සිදුවු වැරැද්ද අමතක කරමින් ආකාශ්ටද අමන්දාටද ඔහු එක සිතින් සුබ පැතුවේ ආකාශ්ව දෑතින්ම බදාගනිමින්ය.
ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුනේ නුවර එළිය ප්‍රදේශයේ තිබු සැපපහසු සුපිරි ගනයේ හෝටලයකි.රියදුරෙකු නොමැතිව ආකාශ්ම රිය පදවන්නට සිතා සිටියේය එය ඔවුන්ට නිදහසේ ඒ ගමන යාමට හේතුවක් වේවි යයි සිතාය.
"අමා අපේ හීන හැමදෙයක්ම සෑබැ වුනා නේද බබෝ"
" ඔව් ආකාශ් ඒවුනාට තාම හිතගන්න බෑ මට නම් හීනයක් වගේ තාම"
අමන්දා එසේ කියද්දිම ආකාශ් අමන්දාගේ එක් අතක් ගෙන හැපුවේය සිනාසෙමින්ය.
"ආව් මොනවද මැට්ටෝ ඒ කළේ මගේ අතේ දත් පාරත් හිටියා..මට හොදටම රිදුනා ආකාශ්"
"ඉතින් මැට්ටියේ මේක හීනයක් නෙමේ කියලා දැනෙන්න තමයි එහෙම කළේ මම" නැවත ඒ අත ආකාශ් සිපගත්තේ මෘදුව අතගාමින්ය.
'සොරි පැටියෝ රිදුනද ඔයාට"
"හ්ම්ම්ම්ම්ම්"
ආකාශ්, අමන්දාගේ නලළද සිපගත්තේ පසුව ඔහුටද අත හැපුව එකට දුක හිතුන නිසාවෙන්ය.අමන්දා ද ආකාශ්ගේ පපුවට තුරුල් වුනාය.ඒ සමගම පොද වැස්සක්ද ඇඳහැලෙන්නට විය.
"තව ගොඩක් දුර යන්න ඕනේද ආකාශ් හොටෙල් එකට"
"ඇයි මගේ පැටියට හදිස්සියිද" ආකාශ් මනමාල හිනාවකින් පැවසුවේය.
"අපෝ ඔයා නම් හරි නරකයි මුකුත් කියන්න බෑ හැමතිස්සේම හිතන්නෙ වල් විදියට තමයි"
"ඒක හරි කතාවක්නෙ යකෝ මගේ ගෑණි ඉස්සරහ මම වල් කතා කියන්නේ නැතිව පිට ගෑණු ඉස්සරහ කියන්නද අනික අද මගේ හනිමුන් එක ඉතින් කොහොමත් අද දවසම වල් තමයි.තාම වල් කතා විතරයි කිව්වේ බබෝ වල් වැඩ ඉතින් හොටෙල් එකට ගියම පස්සේ තමයි" එවිටම අමන්දා බිම බලගෙන සිනාසුනේ ලැජ්ජාවට මුණත් රතුකරගෙනය.
"ඒ පාර නම් මගේ හා පැටියට ලැජ්ජ හිතුනා නේද" නැවතත් අමන්දාගේ අත පිරිමදිමින් ආකාශ් පැවසුවේය.
"තව ටිකක් විතර දුරයි බබා ඔයාට මහන්සිත් ඇතිනේ ඔයා සිට් එක පිටිපස්සට කරලා චුට්ටක් නිදගන්න බබා මම ළංවෙනකොට ඇහැරන්න්ම්"
"හා කමක් නැද්ද් ඉතින් මට නින්ද ගියොත් ඔයාට පාලුයිනේ"
"ඒක නම් එහෙම තමයි ඒත් ඉතින් ඔයා දැන් ටිකක් නිදාගත්තොත් ඔයාට එළිවෙනකම් ඇහැරිලා ඉන්න එක අවුලක් නැති වෙයි" ආකාශ් සුපුරුදු මනමාල හිනාව දාමින් පැවසුවෙය.
"ඔය ඉතින් ඔයා නම් හරි නරකයි මම නිදගන්නේම නෑ එහෙනම්"
"ඔහොම කෙන්ති ගද්දි නම් මට කාර් එක මග නතර කරන්නම හිතෙනවා"
"දැන් නම් මම ගුටියක් දෙනවා හොදද ආකාශ්"
ආකාශ් හයියෙන් සිනාසුනේ අමන්දාගේ වදන් වලටය.
"හරි හරි පැටියෝ ඔයා ටිකක් නිදාගන්න ඩ්‍රෙස් කරන්න පාන්දර ඉදන් ඇහැරිලානේ මම සින්දුවක් දාගෙන යන්නම්"
අමන්දා දෑස් පියාගෙන සුළු මොහොතකින් ඇයට නින්ද ගියාය. නිදා සිටි තමන්ගේ සොදුරු බිරිදගේ මුහුණ දෙස විටින විට බලමින් ආකාශ් වංගු සහිත වැස්සට තෙමි තිබු පාර දිගේ වාහනය පදවන්නට විය........
3
එකවරම අමන්දාගේ දෙනේත් විවර වුයේ අධික ශබ්දයක් සමග නිකුත් වු ආලෝකයකින්ය එත් සමගම අමන්දා කෑගසුවා නොව ඇයට ඉබේම කෑගැසුනේ ඈ කාර් එකෙන් ඉවතට විසික් වෙද්දීමය.අසළ තිබු ගල්වැටියක හිස වැදුන අමන්දා සිහියත් අසිහියත් අතර සිටිමින් දෑස් විවර කිරිමට තැත් කළාය.මදක් විවර වු දෑස් වෙලින් ඈ සෙවුයේ ආකාශ්වය.
"බොස් නෝනාට සිහිය තියෙනවා තාම අපි ටක්ගාලා මෙතනින් පැනගමු"
"වරෙන් වරෙන් එහෙනම් ඉක්මනට වාහනේ ගනින්"
එත් සමගම එහි වු විශාල ට්‍රක් රථය එතනින් පිටත් විය.ඔවුන්ගේ කතාබහ පැහැදිලිව නොඇසුනද අමන්දාට එහි වු පුද්ගලයන් දෙදෙනාගේ මුහුනු තරමක් පැහැදිලිව දැකගත හැකි විය.
"ආ.. කා...ශ් ආ....කා....ශ්"
නැගිට ගන්නවත් පණ නැතිවු අමන්දා කෙදිරිගාන්නට වුවාය.හිසේ වු තුවාලයේන් රුධිරය වහනය වන්නට වුයෙන් අමන්දාගේ දෑස් පියවීය.
අමන්දා සෙමෙන් සෙමෙන් දෑස් විවර කරන්නට විය.ඇගේ බොඳ වු දෑස් සැමතැනම ආකාශ් සෙවුවාය.නමුදු ඇයට දැක ගත වුයේ කදුළු පිරි දෑසින් බලා සිටින සුනේත්‍රාවත් දිල්හානිත් පමණි.
"අම්මා කෝ මගේ ආකාශ්" අමන්දා අඩමින් නැගිටින්නට උත්සහ කළාය.
"අනේ රත්තරන් ඔයාට තාම නැගිටින්න බෑ" සුනේත්‍රාද අඩමින් අමන්දාව සනසන්නට උත්සහ කළාය. දිල්හානිත් අමන්දා අසලට පැමිණ ඇගේ හිස ආදරයෙන් පිරිමදින්නට විය.
අමන්දාට ඔවුන් දෙදෙනාගේම හැසිරිමෙන් තේරුනා ආකාශ්ට කරදරයක් වෙලා ඇති කියලා ඒත් ඒ වෙනකොට ආකාශ් අමන්දාව සඳහටම තනි කර ගොස් අදට දවස් දහයක් වී ඇතිබවක් ඈ නොදැන සිටියාය. මව්වරුන් දෙදෙනාද ඒ බව අමන්දාට පැවසිමට නොහැකිව මහත් සේ දුක් විය.
"හරි අම්මා මට තේරෙනවා මට වගේම ආකාශ්ටත් මේ ඇක්සිඩන්ට් එකෙන් තුවාල වෙන්නැති.මට දැන් හොදයිනේ ඉතින් මාව එක්කන් යන්නකෝ අම්මා එයා ළගට ප්ලීස් අම්මා" අමන්දා අඩමින් සුනේත්‍රාට පිංසෙන්ඩුවිය.සුනේත්‍රාට මෙය තවත් දරාගත නොහැකිය ඇය හඩමින්ම රෝහල් කාමරයෙන් පිටතට දිව ගියාය.
"අනේ අම්මා" අමන්දා දිල්හානිගේ දෑතේ එල්ලෙන්නට විය.අම්මාගේ හැසිරිම ඇයව තවත් කලබල කළාය.අමන්දා දිල්හානිටද එදා සිටම ඇමතුවේ අම්මා කියායි.
"අනේ ඇයි අපේ අම්මා එහෙම කළේ අම්මා කියන්නකෝ ඔයාවත් මගේ ආකාශ්ට ගොඩාක් අමාරුද අනේ අම්මා කියන්නකෝ"
අමන්දාගේ ඇඩිල්ල ක්‍රමයෙන් වැඩිවන්නට විය, දිල්හානිද කදුලු පිරි දෑසින් ඇය දෙස බලා ඇගේ හිස අතගෑවා හැරෙන්නට මුකුත් නොකිවාය.එවිටම අමන්දාගේ තාත්තා රෝහල් කාමරය වෙත පැමිණ අමන්දා අසලට පැමිණුනේය.දිල්හානි අමන්දාගෙන් මෑත්වි රෝහල් කාමරයෙන් පිටවුවාය.
"තාත්ති ඔයා මගේ හොද තාත්ති නේද මාව ආකාශ් ළගට එක්කන් යන්න තාත්ති" අමන්දා රොහාන්ගේ දෑත අල්ලා පැවසුවාය.තවත් මෙය නොසගවා සිටිම සුදුසු නැති බව තේරුන රොහාන් කෙසේ හෝ තම එකම දියණියට ඇගේ ස්වාමිපුරුශයා දැන් මෙලොව නැති බව පවසන්නට සිතාගත්තේය.
"දු මම ඔයාගේ හොද තාත්ති වගේම දුත් මගේ හොදම දුව කියලා මගේ හොදම දුව කියලා මම දන්නවා.ඔයා පොඩි කාලේ ඉදන්ම ඔයා අඩනවා බලන්න මම කැමති නෑ... දුව දන්නවාද දවසක්
මම අම්මාට ගහන්නත් ගියා ඔයාව ඇඩෙව්වා කියලා එතකොට ඔයාට මාස හයක් විතර ඇති අම්මා ඔයාව නිදි කරල ආච්චි ළග තියලා අම්මාගේ වැඩකට ටවුන් එකට ගිහින් එත් ඔයා පොඩ්ඩ වේලාවකින් ඇහැරිලා ආච්චිට ඔයාව නළවගන්න බැරි වෙලා මම වැඩට ගිහින් එද්දි ඔයා හොදටම අඩනවා මට පුදුම කේන්තියක් අවේ සුනේත්‍රා ඔයාව දාල ටවුන් එකට ගියා කිව්වම... මටත් ඔයාව නලවාගන්න බැරි වුනා....ඔයා අඩලා අඩලා හෙම්බත් වෙලා හිටියේ ඒත් එක්කම අම්මා ආවා මම ඔයාව කොට් එකේ තියලා අම්මා ළගට ගිහින් අත උස්සද්දිම දුගේ ආච්චි ඇවිත් මැදට පැන්නා එනිසා අම්මා බේරුනා.....මගේ ජිවිතේ පලවෙනි සැරේට එදා අම්මට අත ඉස්සුවේ මගේ දොණිගේ ඇස්වල කදුලු දකින්න බැරි නිසයි.ඒක අදටත් එහෙම තමයි මගේ සුදු දුවගේ ඇස්වල කදුලු දකින්න මම කැමති නැ දුව......
රොහාන් අමන්දාගේ හිස අතගාමින් කියන දේවල් ඇය කදුලු පිරි දෙනෙතින් අසා සිටියේ තම පියා කියන්නට හදන්නේ බැරෑරුම් දෙයක් බව තේරුනත් ආකාශ් ගැන කිසිදු නරක දෙයක් නම් අසන්නට ඈ අකමැති වුවාය.
"දුව දන්නවද දුවගේ අම්මයි මමයි බබාලා නැතිව අවුරුදු හතරක් විතර හිටියා එහෙම ඉද්දි තමයි මගේ සුදු දුව අම්මාගේ බඩට ආවේ ඉතින් එදා ඉදන් අම්මාගේයි මගේයි හැමදේම වුනේ ඔයා මැනික...ඔයා අපේ පන...." රොහාන්ගේ දැස්වලද කදුලු පටලයක් ඒ වන විට රැදි තිබුනද ඔහු ඔහුගේ වේදනාව දරාගත්තේ මේ වෙලාවේ ඔහු අමන්දාට ශක්තියක් විමට අවැසි නිසාවෙන්ය...
" මේ ලොකේ වෙන සමහර දේවල් අපිට නවත්තන්න බෑ මගේ දු....ආකාශ් මේ ආත්මේ ගෙනා ආයුශ ඉවර වුනා මගේ රත්තරන්" එසේ කියද්දිම අමන්දා හයියෙන් කෑගසා අඩන්නට විනි.
"අනේ තාත්තී මගේ ආකාශ්" රොහන් අමන්දා තදින් වැලදගත්තේය එවර නම් රොහාන්ද අඩන්නට විය.
"ඇයි තාත්ති එයා මාව දාලා ගියේ එයාට තිබ්බා නේද මාවත් අරන් යන්න..මට එයාව බලන්න ඕනේ තාත්ති අනේ මාව එක්කන් යන්න ..." අමන්දා පිස්සුවෙන් වගේ කෑගසන්නට විය.සුනේත්‍රාත් දිල්හානිත් රෝහල් කාමරයට පැමිණ අමන්දාව සනසනන්ට විය.
"මට මගේ චුටි පුතා සඳහටම නැති වුනා...ඒත් මට මගේ දුවව නැතිකරගන්න බෑ රත්තරන් අපිව බලාගන්න ඕනේ නිසයි චුටි පුතා මගේ දුවව දාල ගියේ"දිල්හානි අඩමින් පැවසුවාය.....
"ඔව් මගේ පැටියෝ කොහොමහරි දරාගන්න..අනිත් එක දුට දවස් දහයකට විතර සිහිය ආවේ අපි ඉතින් ආකාශ්ගේ අන්තිම කටයුතු ටික අවසන් කරලා ඉවරයි රත්තරන්"
"එහෙම කිව්වට මම කොහොමද අම්මා ඒක දරාගන්නේ"අමන්දා වේදනාවෙන් පැවසුවාය..තවත් අඩන්නට ඇගේ දෑස්වල කදුලු නොවුවාය ඒතරම් ඈ කදුලු හෙලුවාය.මෙලෙස ඈ රෝහලෙ තවත් දින කිහිපයක් ගත කළාය.ඈ ළග සුනේත්‍රාත් දිල්හානිත් මාරුවෙන් මාරුවට රැදුනහ.
4.
ආකාශ්ගේ අභාවය දැන්ගත් දා සිට අමන්දා බලාගත් අත බලා සිටියා මිස කිසිවකු සමග වැඩි කතාබහක් නොවීය.අවශ්‍යම දෙයකට පමනක් ඇගේ මවත් පියාත් සමග ඇරුනකොට ඈ කතා කළේ දිල්හානිත් සාලියත් සමග පමනි.අශේන්ද දෙවරක් පමන රෝහලට පැමිනියද ඈ ඔහු සමග වචනයකුදු කතා නොකලාය. අශෙන්ද වුයේ දැඩි කණගාටුවෙන්ය.තම බාල සොයුරුගේ හදිසි වියෝව ඔහුටද තදින් දැනෙන්ට විය එපමණක් නොව අමන්දා පිලිබඳවද ඔහු බොහෝ සේ දුක් විය. ඔහු විසින් විවාහය දවසේ දුටු සුන්දර අමන්දා තවත් නොවිය.සුදුමැලි වී ගිය ඇගේ මුහුණ දකිනවිට සියලු දෙනාම හූල්ලන්නට විය.
අමන්දා තවමත් මානසිකව සුව නොවුවත් රිය අනතුරේන් සිදු වු සියලුම තුවාලයන් සුව වු බැවින් ඈට ගෙදර යාමට රෝහලෙන් අවසර ලැබුනි.
"සුනේත්‍රා මම කැමතියි අමා දුව අපේ ගෙදර එක්කගෙන යන්න.මොනවා වුනත් එයා දැන් අපේ ගෙදර පොඩි ලේලි" දිල්හානි අමන්දාගේ හිස අතගාමින් පැවසීය.
"හ්ම්ම්ම්ම් එක නම් එහෙම තමයි සුනේත්‍රා.එත් මට හිතේන්නේ දු ළග මම මේ වෙලාවේ ඉන්න ඕනේ කියලා ..නේද රොහාන්"
'එකනම් එහෙම තමයි සුනේත්‍රා එත් දිල්හානි කියන කතාවේත් ඇත්තක් තියෙනවා..අනික දිල්හානිත් අපේ දුට සලකන්න්නේ එයාගේ දුවෙක් වගෙනේ, අපි දුවගෙනුත් අහල බලමු නේද කොකටත්...මගේ සුදු දු ඔයා මොකද කියන්නේ ඒ ගැන"
"අම්මා මම මගේ ආකාශ්ගේ ගෙදරට යන්නද...මට එයාගේ මතකයන් එක්ක ඉන්න ඕනේ....ආකාශ් ගොඩාක් අසාවෙන් හිටියේ මාව එහෙට එක්කන් යන්න" කදුලු පිරි දෙනෙතින් අමන්දා එසේ පැවසුවාය...
"එකනේ මගේ අමා දුත් කැමතියි මා එක්ක ඉන්න....."
"අමන්දාත් එහේ යන්න කැමති නම් මගේ අකමැත්තක් නෑ දිල්හානි මම දන්නවා ඔයා මගේ කෙල්ලව හොදින් බලාගන්නවා කියලා..ඒත් සුදු දුට එහේ එන්න ඕනේ වෙලාවට තාත්තිට කොල් එකක් දෙන්න මාත් පුලුවන් හැම වෙලාවේම එහේ එන්නම්" සුනේත්‍රා ඒසේ පැවසුවේ මේ වෙලාවේ මොන දේටත් වඩා අමන්දාගේ කැමත්තට ඉඩ දිය යුතු නිසයි
රෝහලෙන් පිටතට ආ පසු අමන්දා සුනේත්‍රාවත් රොහාන්වත් වැළදගෙන අඩන්නට විය.
"අම්මායි, තාත්තියි මාත් එක්ක තරහා නෑ නේද අම්මා"
"අඩන්න එපා රත්තරන් අපි ඔයා එක්ක තරහා නෑ...කෝ දැන් ඇඩුවා ඇති ඔයා මට එහෙට ගිහින් කොල් එකක් දෙන්න දු" සුනේත්‍රා අමන්දාගෙ කදුලු පිසදැමමින් ඇයට සමුදුන්නාය......
"රොහාන් ඔයාට හිතේන්නේ නැද්ද අපි දු ආකාශ්ලගේ ගෙදර යැව්ව එක හරි නෑ කියලා" සුනේත්‍රා රිය පදවමින් උන් රොහාන්ට පැවසුයේ අමන්දා එහේ යැවිම ගැන වේදනාවෙන්ය.
"හ්ම්ම්ම් එක නම් එහෙම තමයි ඒත් දැන් දුවව අයිති එයාලට..ආකාශ් නැති වුනා කියලා එකපාරට ඒ බැඳිම් නවත්තන්න බෑ සුනේත්‍රා අනික දිල්හානිට පුතත් නැතිවුන නිසා එයාට මේ වෙලාවේ අමන්දා ඉන්න එක හයියක්...දිල්හානිත් ඒදා ඉදන්ම අපේ කෙල්ලට පණ වගේ ආදරේ කලා ඒ නිසා එයා දූව හොදින් බලාගනියි"
"ඒ ගැන නම් මට කිසි බයක් නෑ රොහාන්..වෙන නැන්දම්මා කෙනෙක් නම් දුුව ගෙට ගන්න හිතන එකක්වත් නැ බැදපු දවසේම පුතා මරාගත්තා කියලා එලවලා දායි ඒ අතින් දිල්හානි ගැන නම් කියලා වැඩක් නැ මම ඒත් කල්පනා කලේ වෙන දෙයක් ගැන..."
"ඒ මොකක් ගැනද..."
"අශේන් ගැන.... මොනවා උනත් ඒ දරුවත් එහෙනේ ඉන්නේ දැන්.... වටේපිටේ ඉන්න මිනිස්සුයි අපේ නෑයෝයි දූට මොනවා හරි කතාවක් හදයිද කියලා මට බයයි"
"එකනම් එහෙම තමයි මටත් ඔය ගැන හිතුනා එත් සුනේත්‍රා දූගේ කසාදය වුනාට එක කොලෙට විතරයිනේ සීමා වෙලා තියෙන්නේ ඒක හැමෝම දන්නවා.... එයාගේ හිත හැදුනාට පස්සේ අපි එයාව පිලිවෙලක් කරන්න ඕනේ නේද..ඉතින් මට නම් හිතේන්නේ අශේන් නරක දරුවෙක් නෙමේ දිල්හානිලාත් දූට ගොඩාක් ආදෙරේ එකේ අපි ඒ ගැන තව ටික කාලයක් ගියාම කතා කරන්න කියලා මම හිතුවේ ...ඔයා මොකද ඒ ගැන හිතන්නේ...."
"ඒවා ඒ විදියට වුනොත් නම් ඉතින් අපිටත් සැනසිමෙන් මැරෙන්න තිබ්බා රොහාන්" සුනේත්‍රා දිගු සුසුමක් හෙලමින් පැවසුවාය.....
05 කොටස
අමන්දා, දිල්හානිත් සාලියත් සමග ආකාශ්ගේ නිවසට පැමිනියාය.ඇයට මෙම නිවස නුපුරුදු තැනක නොවු නමුත් කුමක්දෝ නුහුරු හැගිමක් ඇය තුළ විය.විවාහයෙන් පසු ඈ මෙම නිවසට මෙලෙස ආකාශ් නොමැතිව ඒමට කවදාවත් සිතුවේ නැත.
"යමු දු ගෙට.....දු රුම් එකට ගිහින් ටිකක් රෙස්ට් කරන්න මම ලීලාට කියලා සුප් එකක් හදලා එවන්නම්..."
"හ්ම්ම්ම් හොදයි අම්මා...." අමන්දා කාමරයට යාමට පෙර සාලයේ එල්ලා තිබු ආකාශ්ගේ ජායාරූපය ඉදිරියට ගොස් කදුලු පිරි දෙනෙතින් බලා සිටියාය...
"අනේ මන්දා දිල්හානි අපි මේ දරුවා මෙහේ ගෙනත් එයාගේ දුක තවත් වැඩි කළාද කියලා..."
"නෑ සාලිය ටික දවසක් මෙහෙ ඉන්නකොට එයා තනියම එයාගේ හිත හදාගනිවි..අනික එයා තාම ආකාශ්ගේ වයිෆ්..."
එදින හවස දිල්හානිත් සාලියත් අශේනුත් සාලයේ කතාකරමින් සිටියහ.
"කොහොමද පුතා ඔෆිස් එකේ වැඩටික.."
"අවුලක් නෑ තාත්තා ඒත්.... මට මගේ බිස්නස් එකේ වැඩ පටන් ගත්තට පස්සේ තමයි ප්‍රශ්නේ"
"මොකක්ද අශේන් ඒ කතාවේ තේරුම ඔයාට තාත්තාගේ බිස්නස් බලාගන්න තියෙද්දි තව ඒවා පටන් ගන්නේ ඇයි......"දිල්හානි පැවසුවාය..
එවිටම අමන්දාද ඒ අතරට පැමිනියාය.
"එන්න දු ඔයා මේ වෙලාවේ ආ එක හොදයි මට ඔයාටත් කියන්න දෙයක් තියෙනවා..." සාලිය පැවසුවේය
"හ්ම්ම්ම් කියන්න තාත්තා...."අමන්දා දිල්හානි අසලින් ඉඳගත්තාය.
"මේකයි අමා දු..ඔයා දන්නවනේ ආකාශ් තමයි මගේ කම්පනි එකේ වැඩ ඔක්කෝම බලා ගත්තේ කියලා..මේ දවස් ටිකේ මට අශේන් තමයි ඒ වැඩවලට උදව් කලේ..ඒත් එයාට ඒ කාලේ ඉදන්ම ඕන වුනේ තනියෙන්ම බිස්නස් එකක් පටන් අරන් කරන්න..ඉතින් දැන් එයාට එක කරන්න ඕනේලු..සෝ මම කැමතියි ඔයාට බිස්නස් ගැන නොලෙජ් එකක් තියෙන ඒකේ දු ඒවා ගැන දැන් බලනවනම්"
"ඔයාට පිස්සුද සාලිය මේ දරුවාව ඔෆිස් යවන්න හදන්නේ මම මේ දරුවා මෙහෙ ගෙන්න ගත්තේ වැඩගන්න නෙමේ...."
"නෑ අම්මා ඔයා හිතන විදිය වැරදියි මමත් තාත්තා කියන දේ අනුමත කරනවා..." අශේන්ද, සාලියගේ කියු දේට එකග විය...
"හරි එහෙනම් අපි අමාගේන් අහමුකෝ..දු කියන්න ඔයා මේ ගැන මොකද කියන්නේ කියලා......" සාලිය අමන්දාගේන් විමසුවේය.
"අනේ මංදා තාත්තා මට වර්කින්ග් එක්ස්පිරියන්ස් එකක් නෑනේ..... ඒවුනාට වෙනසකටත් එක්ක මට ඔෆිස් යන්න ආසයි...ඒත් අම්මා කැමති නෑ නේද....."
"නෑ ඉතින් දුවට කැමති නම් යන්න ඉතින්...හැබැයි අශේන් ඔයා වෙන බිස්නස් එකක් කරන්න ඕනේ නෑ දැන් නංගිත් ඉන්නවනේ ඔයාගේ උදව්වට"
"හ්ම්ම්ම් ඒක ගැන නම් ඉතින් තව හිතන්න ඕනේ අම්මා දැනට මම නංගිට හෙල්ප් කරන්නම් බිස්නස් වැඩවලට..."
"ඒත් තාත්තා මට ටු ඩෙයිස් විතර දෙන්න...මට හෙට උදේට ආකාශ්ගේ සොහොන ළගට යන්න ඕනේ අම්මා ...මාව එක්කන් යනවද....."
"යමු දුව මම එක්කන් යන්නම්...."
ඉන්පසු රාත්‍රි ආහාරයෙන් පසු අමන්දාත් අශේනුත් තමන්ගේ කාමරවලට යන්නට විය..අමන්දා, ආකාශ්ගේ කාමරයේ සිටි නිසා එයත් අශේන්ගේ කාමරත් වුයේ උඩුමහලේ බැවින් දෙදෙනාම එක්ව තරප්පු පෙළ නගින්නට විය....
"ගුඩ් නයිට් නංගි..."
"ගුඩ් නයිට් අයියා..."
දෙදෙනාම සිනාමුසු මුහුනෙන් එකෙනෙකාට සමු දී කාමර වලට ගියහ.
මැදියම් රැයේහි අශේන්ට කිසිවකුගේ කෙඳිරිලි හඩක් ඇසු හෙයින් ඔහු කාමරයෙන් පිටතට ආවේය... ඔහුට කෙඳිරිලි හඩ ඇසුනේ බැල්කනිය ලගින් බැවින් ඔහු සෙමෙන් එතනට ගියේය...එතනට යන විටත් ඔහු දැනසිටියා එලෙසෙ හඩන්නේ අමන්දා බව...රාත්‍රි ඇදුමෙන් අහස දෙස බලමින් හඩන අමන්දාව ඔහු අදුරේදිම දැක්කේය.දිගු සුසුමක් හෙලමින් ඔහු නැවත කාමරය දෙසට හැරුනේ ඔහු අමන්දා සමග මේ වෙලාවේ කත කලොත් ඈ ඔහු ගැන වැරදියට සිතයි සිතාය...කාමරයට පැමිනි අශේන් ඇඳට වැටුනද ඔහුට නිදිමතක් නොවිය..ආදරයේදි තව කෙනෙකු අහිමි වීමේ දුක ඔහු කලින් අත්විද තිබු බැවින් ඔහුට මේ වෙලාවේ අමන්දාගේ හැගිම් තේරුම් ගැනිමට හැකිවුනත් අමන්දා කෙරෙහි ඔහුගේ සිත කුමක්දෝ දුකකින් පෙලුනේය..ඒ ඇයිද යන්න ඔහුට සිතා ගැනිමට නොහැකිය..විවාහය දවසේද ඈ දුටුවිගස ඔහුගෙ සිත සැලුන හැටිද ඔහුට මතක් විය....
06
උදෑසනම අමන්දා, දිල්හානිත් සමග ආකාශ්ගේ සොහොනට ගොස් එන අතරතුර අමන්දාගේ දෙමාපියන්ව බැලිමටද ගියහ.අමන්දා, ආකාශ්ගේ ව්‍යාපාර කටයුතු බලාගැනිමට ගත් තීරනය පිලිබඳව රොහාන් බොහෝ සේ සතුටු වුයේ එමගින් ඇයගේ හිතේ තිබෙන වේදනාව අමතක කරගැනිමට ඇයට පහසු වේවි යයි සිතු නිසාය.
එදිනද අමන්දා රාත්‍රි කෑම මේසයට නොපැමිනියාය, ආකාශ්ගේ සොහොනට ඈ ගිය නිසා ඇය වුයේ දරාගත නොහැකි වේදනාවකින්ය.
"අම්මා අද නංගි කෑමට එන්නේ නැද්ද....."
"අද ආකාශ්ගේ සොහොනට ගිය නිසා හිත පෑරිලා ඇති ආපහු..මම ලීලාව යැව්වා බලන්න හිස රිදෙනවා කියලා පස්සේ කන්නම් කිව්වලු පුතා..මාත් ඉතින් කරදර කරන්න ගියේ නෑ පුතා....."
"හ්ම්ම්ම්ම්ම් ඒක හොදයි දිල්හානි.... චුටිපුතා හිටියානම් අද අපි කොච්චර සතුටෙන්ද...." සාලියට ඉබේබම හීල්ලුනාය...
ආකාශ් මතක් කල බැවින් සියලු දෙනාම දුක් විය..අශේන්ටද ඉන්පසු කෑමට පිරියක් නොවු බැවින් ඔහු කෑම මේසේන් නැගිට කාමරයට ගියේය....කාමරයට ගිය අශේන් ඇඳට ගොස් දෑස් පියගත්තේය... කෑමට තිබු පිරිය නැතිව ගියේ ආකාශ් මතක් කළ දුකටද එසේත් නැතිනම් අමන්දා බඩගින්නේ යැයි හැගුන නිසාද යන්න ඔහුටද සිතගත නොහැකිය...ඔහු උවමනාවටත් වඩා අමන්දා ගැන දුක්වීම සම්බන්ධයෙන් ඔහු සිටියේ අවුල් වු මනසින්ය.....ඒ සම්බන්ධවම කල්පනා කරමින් සිටි ඔහුට නින්දා ගියත් පෙර දින රාත්‍රියේ මෙන් කිසිවකුගේ ඉකිබිදුන හඩක් ඇසුන නිසා ඔහු ගැස්සි ඇහැරුනේය...
ඒකියන්නේ අමා අදත් අඩනවා.....ඔහු සිතින් මිමිනුවේය.....
උදෑසනම අමන්දා, දිල්හානිත් සමග ආකාශ්ගේ සොහොනට ගොස් එන අතරතුර අමන්දාගේ දෙමාපියන්ව බැලිමටද ගියහ.අමන්දා, ආකාශ්ගේ ව්‍යාපාර කටයුතු බලාගැනිමට ගත් තීරනය පිලිබඳව රොහාන් බොහෝ සේ සතුටු වුයේ එමගින් ඇයගේ හිතේ තිබෙන වේදනාව අමතක කරගැනිමට ඇයට පහසු වේවි යයි සිතු නිසාය.
එදිනද අමන්දා රාත්‍රි කෑම මේසයට නොපැමිනියාය, ආකාශ්ගේ සොහොනට ඈ ගිය නිසා ඇය වුයේ දරාගත නොහැකි වේදනාවකින්ය.
"අම්මා අද නංගි කෑමට එන්නේ නැද්ද....."
"අද ආකාශ්ගේ සොහොනට ගිය නිසා හිත පෑරිලා ඇති ආපහු..මම ලීලාව යැව්වා බලන්න හිස රිදෙනවා කියලා පස්සේ කන්නම් කිව්වලු පුතා..මාත් ඉතින් කරදර කරන්න ගියේ නෑ පුතා....."
"හ්ම්ම්ම්ම්ම් ඒක හොදයි දිල්හානි.... චුටිපුතා හිටියානම් අද අපි කොච්චර සතුටෙන්ද...." සාලියට ඉබේබම හීල්ලුනාය...
ආකාශ් මතක් කල බැවින් සියලු දෙනාම දුක් විය..අශේන්ටද ඉන්පසු කෑමට පිරියක් නොවු බැවින් ඔහු කෑම මේසේන් නැගිට කාමරයට ගියේය....කාමරයට ගිය අශේන් ඇඳට ගොස් දෑස් පියගත්තේය... කෑමට තිබු පිරිය නැතිව ගියේ ආකාශ් මතක් කළ දුකටද එසේත් නැතිනම් අමන්දා බඩගින්නේ යැයි හැගුන නිසාද යන්න ඔහුටද සිතගත නොහැකිය...ඔහු උවමනාවටත් වඩා අමන්දා ගැන දුක්වීම සම්බන්ධයෙන් ඔහු සිටියේ අවුල් වු මනසින්ය.....ඒ සම්බන්ධවම කල්පනා කරමින් සිටි ඔහුට නින්දා ගියත් පෙර දින රාත්‍රියේ මෙන් කිසිවකුගේ ඉකිබිදුන හඩක් ඇසුන නිසා ඔහු ගැස්සි ඇහැරුනේය...
ඒකියන්නේ අමා අදත් අඩනවා.....ඔහු සිතින් මිමිනුවේය.....
ඇගිලි වලින් නලලද මිරිකමින් ඔහු නැගිට කාමරයෙන් පිටතට පැමිනියේය.බැල්කනිය දෙස බැලු ඔහු දුටුවේ අදද අහස දෙස බලමින් අඩන අමන්දාවය...ඔහුට ඈ ළගට ගොස් ඈ සමග කතා කරන්න සිතුනද ඔහු නැවත ඒ අදහස වෙනස් කරමින් කාමරයට ගියේය.
පසුදින උදෑසන කාර්යාලයට යාමට සුදානම්ව සාලයට පැමිනි අශේන් දුටුවේ,නාලා දිගට තිබෙන තෙත කොන්ඩය කඩා දිගු සුදු ගවුමකින් සැරසුන බුදුන් වඳින අමන්දාවය ඒසැනෙකින්ම ඔහුගේ මුවේ වුයේ සුන්දර සිනාවක් දිස්විය...බුදුන් වැඳ පිටිපසට හැරුන අමන්දාට එකවරම පෙනුනේ සුන්දර සිනාවකින් ඈ දෙස බලාසිටින අශේන්ය.ඇයට එකවරම මතක් වුයේ ආකාශ්වය..ඔහුද මෙලෙස බලාසිටි හැටි ඇයට මතක් වු නිසා ඇය වේදනාවෙන් බිම බලාගත්තාය.එය දුටු ඔහුගේ සිනහවද එකවරම අතුරුදන් විය.
"සොරි නංගි.." ඔහු එලෙස බලාසිටිම නිසා ඇයට ආකාශ්ව මතක්වන්නට ඇතැයි සිතු අශේන් ඇයගෙන් සමාව ඉල්ලුවේය..එවිට එකවරම ඔහු දෙස බැලු අමන්දාගේ දෑස් විසල් වුයේ ඇගේ හැගිම් ඔහු එකවර තේරුම්ගත් බව දැනුන නිසාවෙන්ය...එහෙත් ඈ කිසිවක් නොකිව්වාය...ඇ
"ඔයාට හෙට ඉඳන්ම ඔෆිස් එන්න අමාරු නම් තව ටික දවසක් ඉන්න නංගි........" ඈ එලෙස බලාසිටිම නිසා අපහසුතාවයට පත්වු අශේන් පැවසුයේය....
"නෑ අයියා මම හෙට ඉඳන් එන්නම් මටත් ගෙදර ඉන්න කම්මැලියි.....හැබැයි ඉතින් අයියට තමයි මුල් දවස් ටිකේ කරදර කරන්න වෙන්නේ වැඩ ටික ඉගෙනගන්නකම්..."
"ඒකට නම් කමක් නෑ ඔයාට ඕනේ දෙයක් මගෙන් අහලා දැනගන්න පුලුවන්......"
අශේන් කාර්යාලයට ගිය පසු පළමුව කලේ අමන්දාට වැඩ කරන්න ස්ථානයක් පිලියෙල කිරිමය.ඇයටම පමනක් වෙන්කල පුංචි කැබින් එකක් ඔහු සුදානම් කළේය.
අමන්දාත් ඔෆිස් යාම සඳහා කළු පැහැති ස්ලැක් එකක් සහ රෝස පැහැති ෂර්ට් බ්ලවුස් එකක් සුදානම් කරගත්තාය....
එදින රාත්‍රි අහාරය සඳහා අමන්දා කෑම මේසයට පැමිනියාය.
"ඔන්න දු කන්න ආස කෑමක් මම අද ලීලාට කියලා හැදෙව්වා...බලන්නකෝ මොනවද හදලා තියෙන්නේ කියලා...."
"හ්ම්ම්ම් පොල් පිට්ටු නේද ....තෑන්ක් යු අම්මා"
"දුව දැන් හෙට ඔෆිස් යන්න ලෑස්තියි නේද..."
'ඔව් තාත්තා...."
"අමාට අශේන් එක්කම යන්න පුලුවන් නේද...."
"ඔව් දැනට යන්න දුව අශේන් එක්ක පස්සේ මම හිතුවේ දිල්හානි දුවට ඩ්‍රරයිවින් පුලුවන් එකේ අකාශ්ගේ කාර් එක හදලා ඉවර වුනාට පස්සේ දුවට දෙන්න....."
"හ්ම්ම්ම්ම් තාත්තගේ කැමැත්තක්...." අමන්දා දුක්මුසු ලෙස පැවසුවේ ඇයට සිදුවු අනතුර මතක් වු නිසාය..ඒදා ඇය නිදානොගත්තානම් එම අනතුර වලක්වාගන්න ඉඩ තිබුනායයි ඇය සිතුවාය...අසාවෙන් පිට්ටු කෑල්ල කන්න ගත්තද එය මතක් වීමෙන් පසු ඈ කෑම එක අතගාන්නට වුවාය...අශේන් එය දුටු බැවින් පෙර දින මෙන් අදත් ඇය කෑම කන්නේ නැතිව ඉදිවි සිතා එය මග හරවන්නට උත්සහ කළේය..
"අමා මොනවද හයර් ස්ට්ඩිස් වලට කළේ...."
"මම ස්ලිම් එකේ පාර්ට් ටු වෙනකම් කම්ප්ලීට් කලා අයියේ..."
"ඉතින් එහෙනම් ඉතිරි ටිකත් කම්ප්ලිට් කරලා ඩිග්‍රි එක ගත්තා නම් ඔයාට බිස්නස් වැඩ කරද්දි තව ලේසි වෙයි අමා....."
"දැට්ස් අ ගුඩ් අයිඩියා පුතා...මාත් කැමතියි ඒකට...." සාලියද සතුටින් පැවසුවේය...
"හ්ම්ම්ම්ම් මම ඒ ගැන තව ටිකක් හිතලා කියන්නම් අයියා...."
"ඔන්න මගෙනුත් අකැමැත්තක් නෑ දුව..." දිල්හානිද පැවසුවාය
07 කොටස
08 කොටස
එදින රාත්‍රියේ නම් අමන්දාගේ ඉකිබිඳින හඩ ඇසුනේ නැති බැවින් අශේන්ට දැනුනේ පුදුම සතුටකි...ඒ ගැන සිතන විටම අශේන්ගේ ෆොන් එක නාදවන්නට විය.
"හෙලෝ..."
"අඩෝ අශේනයා..."
"අම්මේ රකියා කියපන් ඉතින්..උබ ඇයි උදේ කෝල් එකක් දුන්නේ නැත්තේ..."
"වැඩ වගයකට හිර වුනා බං....මොකෝ කරන්නේ නෑනා පොඩ්ඩ ගැන කල්පනා කරන්වා නේද තෝ..."
"අම්මෝ යකෝ උබට දිවැස් තියෙනවද...හැබැයි ඉතින් උබ හිතන එවාගැන නම් නෙමේ කල්පනා කරේ.."
"හරි හරි බං මොනාගැන හරි නෑනා ගැනනේ ඉතින්...'අශේන් හඩ නගා සිනාසුනේය...
"ඉතින් කියපන් දැන් කවද්ද සෙට් වෙන්නේ..උබ දැන් යන්නේ කවද්ද ආපහු..."
"මේකයි බං මෙහේ පොඩි බිස්නස් වගයකුත් සෙට් වුනා යනවද නැද්ද කියලා කල්පනා කලේ..අම්මා එහෙන් වද දෙනවා බදින්න කියලා බං..."
"ඉතින් එහෙනම් බැඳලා බිස්නස් එකක් කරගෙන ලංකාවට වෙලා හිටපන්..."
"එහෙම තමයි බං දැන් කරන්න වෙන්නේ මට පේන් විදියට.උබත් ඉතින් මගේ මගුලට සප් එකක් දියන් උබගේ නෑනා පොඩ්ඩ එක්ක ඇවිත්..."
"හරි හරි බං ඕන උදව්වක් දෙන්නම්...."
"එහෙනම් මේ ඉරිදා හවසට අපේ පැත්තේ වරෙන් අපේ අනිත් සෙට් එකත් එනවා"
"හරි මචං එලකිරි සෙට් වෙමු එදාට...."ඔෆිස් එකේ වැඩ නිසා අමන්දාට කාලය ගෙවාගැනිම එතරම් අපහසු වුනේ නෑ..සිකුරාදා දින රාත්‍රියේ ආරාමයට යාම සඳහා ඔවුන් දෙදෙනාම වැඩිටිහියන්ගෙන් අවසර ලබාගත්හ...අමන්දා, අශේන් සමග මිතුරුවිම සම්බන්ධව සුනේත්‍රාත් රොහානුත් සිටියේ සතුටින්ය...
අමන්දා උදෑසනම අවදිව කෑම සඳහා සැන්ඩ්විච් කීපයක්ද සුදානම් කරගත්තාය..ඉන්පසු සුදු පැහැති චාම් සල්වාර් එකකින් සැරසුනු අමන්දා පහලට එනවිට අශේන්ද ලා නිල් පැහැති ඩෙනිමකින් සහ සුදු අත් දිග ෂර්ට් එකක් ඇඳ එහි අත් දෙක ඉහලට ඔසවා තිබු අතර ඒනිසා ඔහුට අමුතුම කඩවසම් බවක් එක් කර තිබුනි..ඔවුන් දෙදෙනාම දුටු සැනින් එකිනෙකාට සුහද සිනාවකින් සංග්‍රහ කළත් එකිනෙකා දැකිමෙන් දෙදෙනාමගේම සසල වුනු දෑස් ඔවුන් සගවා ගත්හ.දිල්හානිත් සාලියත් ඔවුන්ගේ ගමන් ගැන් සතුටු විය..එයින් අමන්දාට ඇගේ සිත හදාගැනිමට අනිවාර්යේන් හැකිවෙනු ඇතැයි ඔවුන් සිතුහ.
පසුදින උදෑසන කාර්යාලයට යාමට සුදානම්ව සාලයට පැමිනි අශේන් දුටුවේ,නාලා දිගට තිබෙන තෙත කොන්ඩය කඩා දිගු සුදු ගවුමකින් සැරසුන බුදුන් වඳින අමන්දාවය ඒසැනෙකින්ම ඔහුගේ මුවේ වුයේ සුන්දර සිනාවක් දිස්විය...බුදුන් වැඳ පිටිපසට හැරුන අමන්දාට එකවරම පෙනුනේ සුන්දර සිනාවකින් ඈ දෙස බලාසිටින අශේන්ය.ඇයට එකවරම මතක් වුයේ ආකාශ්වය..ඔහුද මෙලෙස බලාසිටි හැටි ඇයට මතක් වු නිසා ඇය වේදනාවෙන් බිම බලාගත්තාය.එය දුටු ඔහුගේ සිනහවද එකවරම අතුරුදන් විය.
"සොරි නංගි.." ඔහු එලෙස බලාසිටිම නිසා ඇයට ආකාශ්ව මතක්වන්නට ඇතැයි සිතු අශේන් ඇයගෙන් සමාව ඉල්ලුවේය..එවිට එකවරම ඔහු දෙස බැලු අමන්දාගේ දෑස් විසල් වුයේ ඇගේ හැගිම් ඔහු එකවර තේරුම්ගත් බව දැනුන නිසාවෙන්ය...එහෙත් ඈ කිසිවක් නොකිව්වාය...ඇ
"ඔයාට හෙට ඉඳන්ම ඔෆිස් එන්න අමාරු නම් තව ටික දවසක් ඉන්න නංගි........" ඈ එලෙස බලාසිටිම නිසා අපහසුතාවයට පත්වු අශේන් පැවසුයේය....
"නෑ අයියා මම හෙට ඉඳන් එන්නම් මටත් ගෙදර ඉන්න කම්මැලියි.....හැබැයි ඉතින් අයියට තමයි මුල් දවස් ටිකේ කරදර කරන්න වෙන්නේ වැඩ ටික ඉගෙනගන්නකම්..."
"ඒකට නම් කමක් නෑ ඔයාට ඕනේ දෙයක් මගෙන් අහලා දැනගන්න පුලුවන්......"
අශේන් කාර්යාලයට ගිය පසු පළමුව කලේ අමන්දාට වැඩ කරන්න ස්ථානයක් පිලියෙල කිරිමය.ඇයටම පමනක් වෙන්කල පුංචි කැබින් එකක් ඔහු සුදානම් කළේය.
අමන්දාත් ඔෆිස් යාම සඳහා කළු පැහැති ස්ලැක් එකක් සහ රෝස පැහැති ෂර්ට් බ්ලවුස් එකක් සුදානම් කරගත්තාය....
එදින රාත්‍රි අහාරය සඳහා අමන්දා කෑම මේසයට පැමිනියාය.
"ඔන්න දු කන්න ආස කෑමක් මම අද ලීලාට කියලා හැදෙව්වා...බලන්නකෝ මොනවද හදලා තියෙන්නේ කියලා...."
"හ්ම්ම්ම් පොල් පිට්ටු නේද ....තෑන්ක් යු අම්මා"
"දුව දැන් හෙට ඔෆිස් යන්න ලෑස්තියි නේද..."
'ඔව් තාත්තා...."
"අමාට අශේන් එක්කම යන්න පුලුවන් නේද...."
"ඔව් දැනට යන්න දුව අශේන් එක්ක පස්සේ මම හිතුවේ දිල්හානි දුවට ඩ්‍රරයිවින් පුලුවන් එකේ අකාශ්ගේ කාර් එක හදලා ඉවර වුනාට පස්සේ දුවට දෙන්න....."
"හ්ම්ම්ම්ම් තාත්තගේ කැමැත්තක්...." අමන්දා දුක්මුසු ලෙස පැවසුවේ ඇයට සිදුවු අනතුර මතක් වු නිසාය..ඒදා ඇය නිදානොගත්තානම් එම අනතුර වලක්වාගන්න ඉඩ තිබුනායයි ඇය සිතුවාය...අසාවෙන් පිට්ටු කෑල්ල කන්න ගත්තද එය මතක් වීමෙන් පසු ඈ කෑම එක අතගාන්නට වුවාය...අශේන් එය දුටු බැවින් පෙර දින මෙන් අදත් ඇය කෑම කන්නේ නැතිව ඉදිවි සිතා එය මග හරවන්නට උත්සහ කළේය..
"අමා මොනවද හයර් ස්ට්ඩිස් වලට කළේ...."
"මම ස්ලිම් එකේ පාර්ට් ටු වෙනකම් කම්ප්ලීට් කලා අයියේ..."
"ඉතින් එහෙනම් ඉතිරි ටිකත් කම්ප්ලිට් කරලා ඩිග්‍රි එක ගත්තා නම් ඔයාට බිස්නස් වැඩ කරද්දි තව ලේසි වෙයි අමා....."
"දැට්ස් අ ගුඩ් අයිඩියා පුතා...මාත් කැමතියි ඒකට...." සාලියද සතුටින් පැවසුවේය...
"හ්ම්ම්ම්ම් මම ඒ ගැන තව ටිකක් හිතලා කියන්නම් අයියා...."
"ඔන්න මගෙනුත් අකැමැත්තක් නෑ දුව..." දිල්හානිද පැවසුවාය
07 කොටස
සුපුරුදු පරිදි එදින රාත්‍රියේද අමන්දා ආකාශ්ව සිහිකරමින් බැල්කනියට වී සුසුම් හෙලන්නට වුවාය...අශේන්ද වෙනදා වගේම ඇයව සනසන්නට නොගියේය..ඇය ඔහු සමග මිතුරුකමක්ද නොවු බැවින් ඇය සමග කතාකරන්නටද ඔහු අකමැති විය...
ටික දවසක් මාත් එක්ක වැඩකරද්දි මගේ යාලුවෙක් වේවිනේ එතකොට ඒ ගැන කතාකරනවා යයි ඔහු සිතින් සිතුවේය....
පසුදින උදැසන අමන්දා ඔෆිස් යාම සඳහා සුදානම් වි පහලට පැමිනියාය..ඒවන විට අශේන්ද සුදානම් වි පහලට වී සිටියේ අමන්දා එනකම්ය..උදෑසන ආහාර එකට ගත් ඔවුන් නිවසින් පිටවිය.....
"අයියා මට දැන් බයත් වගේ පන්ඩිතයා වගේ ඔෆිස් යන්නම් කිව්වට..." අමන්දා හීනියට සිනාවෙමින් පැවසුවාය.
"අමා ඇයි බයවෙන්නේ ඕන දෙයක් මගෙන් අහගන්න..අනිත් එක ඔයා අදම වැඩ කරන්න ඕනේ නෑ...."
"ඒ කිව්වේ..."
"ඒ කිව්වේ ඔයා අද ගිහින් ඔෆිස් එකේ අයව අදුනාගන්න තව අපේ කම්පනි එකේ තියෙන ප්‍රඩ්‍රක්ස් මොනවද,අපේ කම්පනි එකේ මොනවද කෙරෙන්නේ එවගේ දේවල් ටික විතරක් අද ස්ටඩි කරන්න...පස්සේ මම හෙට කියලා දෙන්නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා හොඳද...."
"හොදයි අයියා මම අයියා කියන දේවල් ටික කරන්නම් අද...."
අශේන් ඩ්‍රරයිව් කරන ගමන් විටින් විට අමන්දා දෙස බැලුවේ ඈ කවුලුවෙන් පිටත බලා සිටි නිසාය...
"මොනවද කල්පනා කරන්නේ..."
"මුකුත් නෑ අයියා...."
"හිරුනි එහෙම ලගදි කතා කලේ නැද්ද අමා..." අමන්දා දෑස් විසල් කර අශේන් දෙස බැලුවේ ඔහු අමන්දාව කොහොමද අදුරන්නේ කියලයි...
"මොකද බයවුනේ මම හිරුනිව අදුරන්නේ කොහොමද කියලද...."
"හ්ම්ම්ම්ම්ම්..."
"ඔයා හොස්පිට්ල් එකේ සිහි නැතිව ටෙන් ඩේයිස් විතර හිටියනේ ඒ දවස්ටිකේම හිරුනි ආවා ඔයාව බලන්න...මමත් ඔයාව බලන්න ඒ දවස් ටිකේ ආවාම මට මීට් වුනේ..ඔයා ගැන එයා ගොඩක් හොඳ කිව්වා ඔයාට සිහිය එන්න කලින් එයාට අබ්‍රොඩ් යන්න වුන එක ගැන ගොඩක් දුකෙන් හිටියේ එයා..ඉතින් එහෙම තමයි මම එයා ගැන දන්නේ..." අශේන් ලාවට සිනාසෙමින් පැවසුවේය.....
"හිරුනි තමයි මට හිටපු එකම සහ හොඳම යාලුවා..මට සිහිය ආවට පස්සේ දවසේම එයා කොල් කලා ඊයේත් මම එයාට කතා කලා..මම අද ඉදන් ඔෆිස් යන එක ගැන එයා ගොඩක් සතුටු වුනා...එයා කොහොමත් මගේ මැරේජ් එකෙන් පස්සේ ඔසි යන්න හිටියේ මට සිහිය එනකම් එයා යන එක කල්දාගන්න හැදුවා කිව්වා...හ්ම්ම්ම්ම් මටත් දුකයි එයාවත් ළග නැති එක දැන්..." අමන්දා දුකින් පැවසුවාය...
"හොව් හොව් මැඩම් මම ඔයාව අඩවන්න නෙමේ එයාව මතක් කලේ හොඳද"
අශේන් එය පැවසු අකාරයට අමන්දාට සිනසුනාය...
"ගැහැනු ළමයි එහෙම හිනාවෙනකොට තමයි ලස්සන..." අමන්දා සිනාසෙමින්ම අශේන් දෙස බැලුවාය....ඒ සිනාවත් අමන්දාගේ බැල්මත් අශේන්ගේ සිත කලබල කෙරුවත් ඔහු එය අමන්දාට නොහැගෙන ලෙස කාර් එක එලෙව්වේය...
"ඔන්න අපි ඔෆිස් එකට ආවා..යමු ඇතුළට...."
අමා අශේන්ගේ පසුපසින් පැමිනියාය.... එස් ඒ ගෘප් ඔෆ් කම්පනීස් හි සියලු දෙනාම අමන්දාව අදුරගත්තේ වෙඩින්ග් එකට සහභාගි වු බැවින්ය..නමුත් තේ හැඳිමට අලුතෙන් පැමිනි පියරත්න ඈ ගැන කිසිත් නොදත්තේය......
අශේන් සියලු සේවකයන්ව කැදෙව්වේ අමන්දාව හදුන්වාදීමටය....
"ගුඩ් මොර්නිග් හැමොටම..."
"ගුඩ් මොර්නින්ග් බොස්"
"මම හිතන්නේ දැනටමත් ඔයලා ගොඩක් අය දන්නවා මේ කවුද කියලා..එවුනාට මම ඔයාලාට ඉන්ට්‍රඩ්යුස් කරන්නම් මේ කවුද කියලා සහ අපේ ආයතනයේ කවුරු විදියටද වැඩ කරන්නේ කියලා..හ්ම්ම්ම් මේ ඉන්නේ මිසිස් අමන්දා රත්නායක ඒවගේම එයා අද ඉඳන් අපේ එකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදියට වැඩ කරයි එත්කොට අපේ එකවුන්ට්ස් මැනේජර් මිස්ටර් ජගත්ගේ ජොබ් එක රොල් එක එහෙම්ම්ම තමයි..මිස් අමන්දා අපේ අනිත් ඔෆිස්වල එකවුන්ට්ස් ටිකයි මෙහෙ ටිකයි හැන්ඩ්ල් කරයි...සෝ මමත් අමන්දාට ඔයාලව අදුන්වලා දෙන්නම්..."
එලෙස අශේන් ඔෆිස් එකේ අයව අමන්දට හදුන්වා දුන්නේය.....මේ අතර පියරත්න සිතා සිටියේ ඒ පැමිනියේ අශේන්ගේ බිරිඳ කියායි.....
"බොස් එහෙනම් අද ටී වේලාවට මම කේක් මොනවාහරිත් ලෑස්ති කරන්නම් නේද..මොකද බැන්දට පස්සේ ජොඩුවම එකට වැඩට ආවේ අදනේ..." පියරත්න මනමාල හිනාවක් දාගෙනම අශේන්ට අමන්දාටයි කියද්දි දෙන්නාම දෑස් විසල් කර පියරත්න දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.
"මොකක්ද පියරත්න කිව්වේ...."
"ඇයි ඉතින් බොස් මම වැරදි දෙයක් කිව්වේ නෑ නේද...."
"මොකද නැත්තේ මිස් අමන්දා මගේ වයිෆ් නෙමේයි....." බොරුවට තරහක් පෙන්වා අශේන් එසේ කිව්වද ඔහුට හිත ඇතුලෙන් සතුටක් නොදැනුනාම නොවේ...
අමන්දා නම් එය එච්චර ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ...ඇය පියරත්න දෙස සිනාමුසු මුහුනින් බලා සිටියා පමනයි..
"අනේ සමාවෙන්න බොස්....මම ඇත්තටම වැරදියට හිතුවේ....අනේ අපේ ලොකු මහත්තයට නම් කියන්න එපා..මාව රස්සාවෙන් අයින් කරාවි..බොහොම අමාරුවෙන් මම මෙ රස්සාව හොයාගත්තේ..." පියරත්න බියවි පැවසුවේය..
"නෑ නෑ පියරත්න ඔච්චර බය වෙන්න එපා තමුසේ එච්චර ලොකු වැරද්දක් කලේ...කමක් නෑ අද ටී වෙලාවට කේක් රෙඩි කරනවා හැබැයි ඒ අමන්දා මිස් අද ඉඳන් වැඩට ආව සතුටට හරිද....."
"හරි බොස් මම රසම රස කේක් ටිකක් ලෑස්ති කරන්නම්..."
"අයියා කේන්ති අරන් ඒ මනුස්සයව බය කලා නේද මුලින්ම පව් අයියා..ඒ මනුස්සයා නොදැනුවත්මකටනේ කිව්වේ එහෙම..."අමන්දා පැවසුවාය...
"එකනම් එහෙම තමයි..ඒත් නංගි ගැන හිතලා මම එහෙම කලේ...... ඔන්න ඔයාගේ කැබින් එකට ආවා..මම ශනායාව එවන්නම් ඔයා ළගට තව ටිකකින් එයා ඔයාට කම්පනි එකේ දේවල් ඔක්කොම එක්ස්ප්ලේන් කරයි ඊට පස්සේ මට කෝල් එකක් දෙන්න..මම ඉන්නේ එහා පැත්තේ කැබින් එකේ හොඳද...."
"හ්ම්ම්ම්ම්ම් ඔකේ අයියා..."
අශේන් ගිය පසු දිගු සුසුමක් හෙලමින් අමන්දා පුටුවේ ඉඳගත්තාය...හ්ම්ම්ම් ලස්සන ඔෆිස් එකක් ඈ සිතින් මිමිනුවාය...ආකාශ් ඔෆිස් එක පිලිබඳව කියු දේවල් ඇයට මතක්විය...ඔහු කීපදවසක්ම ඇයව ඔෆිස් එකට එක්කගෙන එන්න සිතා සිටියද ඔහුට බැරිවිය....ඒ දේවල් මතක් වි ඇයගේ දෑසේ කදුලු බිංදු කඩාහැලෙන්නට විය..එවිටම කැබින් එකට කවුරුන් හරි තට්ටු කරන්වා ඇසුන නිසා ඇය කදුලු පිසදාගත්තාය..
"යර්ස් කම් ඉන්..."
"මැඩම් මම ශනායා..."
"ඉඳගන්න ශනායා..."
"මට බොස් කිව්වා මැඩම්ට කම්පනි එකේ ඩිටෙල්ස් දෙන්න කියලා..."
08 කොටස
ශනායා කම්පනි එකේ ඩිටේල්ස් දී කැබින් එකෙන් ගිය පසු ඈ අශේන්ට කෝල් එකක් දෙන්න කියු නිසා ෆෝන් එක අතට ගත්ත පසුවයි ඇයට මතක් වුනේ අශේන්ගේ ෆෝන් නම්බර් එක ඈ ළග නොමැති බව...
"අයියෝ අයියාගෙන් නම්බර් එක ඉල්ලගන්න බැරි වුනානේ..හ්ම්ම්ම් එහා පැත්තේනේ කැබින් එක තියෙනවා ගිහින්ම කතා කරනවා.." එසේ සිතා ඇය නැගිටින්න හදනකොටම මේසේ උඩ තිබුන ලෑන්ඩ් ෆෝන් එකේ රින්ග්ස් ගියේය...
" හෙලෝ..."
"හෙලෝ අමා ශනායා ගියා නේද"
"ඔව් අයියා මම ඔයාට කෝල් කරන්න හදද්දියි මට මතක් වුනේ අයියගේ නම්බර් එක මගේ ළග නෑ කියලා..."
"ඒක දන්න නිසා තමයි මම ලෑන්ඩ් එකට කෝල් එකක් ගත්තේ....ශනායා ඔක්කෝම ක්ලියර්ලි එක්ස්ප්ලේන් කරාද අමා..."
"ඔව් අයියා එයා හොඳට කියලා දුන්නා ඒටික..."
"ඔකේ ගුඩ් අමා...මම අද ස්ලිම් එකටත් කෝල් කලා එයාලගේ ක්ලාසස් නෙක්ස්ට් මන්ත් ඒකේ ස්ටාර්ට් කරනවා කිව්වා සෝ නෙක්ස්ට් මන්ත් ඉඳන් ක්ලාස් යන්න රෙඩි වෙන්න හොඳද...."
"හ්ම්ම්ම්ම් තැන්ක්යු අයියා...."
"එහෙනම් දැන් ලන්ච් ගන්න යමු..රුම් එකෙන් එලියට එන්න එහෙනම්...."
"අනේ අයියා අපි ලන්ච් ගෙනාවේ නෑ නේද කන්නේ මොනවද....." අමන්දා එය කියු අකාරයට අශේන්ට සිනා ගියේය....
"මම කොහොමත් ගෙදරින් ලන්ච් ගෙන්නේ නෑ අමා එලියෙන් තමයි කන්නේ...ඔයත් යමු අද මාත් එක්ක ලන්ච් ගන්න එලියට...."
"ඒ වුනාට අපරාදේ අයියේ..ලීලා නැන්දාට කිව්වා නම් එයා අපි දෙන්නටම කෑම හදලා දෙනවනේ...."
"අපොයි ඔව් අම්මගෙනුයි ලීලාගෙනුයි මට හැමදාම වදේ කෑම ගෙදරින් ගෙනියන්න කියලා මමයි කැමති නැත්තේ..හරි දැන් ඔයත් හැමදාම වැඩට එන නිසා අනිත් දවසේ ගෙදරින් කෑම ගෙමු..අදට එලියෙන් කමු..."
"හ්ම්ම්ම්ම් ඔකේ මම එන්නම් එලියට එහෙනම්...."
අශේන්,
අමන්දාව ඒ අසල තිබු රෙස්ටුරන්ට් එකකට රැගෙන ගියේය...
"මොනවද
ඔඩර් කරන්නේ අමා..."
"අයියාට
කැමති දෙයක්....."
"ඔයා
මොනවද වැඩියෙන්ම කන්න කැමති...."
"එහෙම
විශේෂත්වයක් නෑ මම හැමදේම කනවා..." අමන්දා සිනාසෙමින් පැවසුවාය...
"ඒ
වුනාට ඇග දැක්කම නම් එහෙම කියලා කියන්න බෑ...." අමන්දාගේ දෑස් විසල් විය...අශේන්ද ඇහිබැමි ඉහලට ඔසවා සිනාසුනේ ඈගේ බැල්මටය...
"මොකද
බයවුනේ...මම ඇත්තනේ කිව්වේ ඔයාව දැක්කම කියන්න පුලුවන් ඔයාගේ වෙයිට් එක 45 විතර වගේ කියලා එකයි මම එහෙම කිව්වේ...."
"අපෝ
මම කොහොමත් වැඩිය මහත් වෙන්න කැමති නෑ මේ විදිය හොඳයි...." ඇය නැවත් සිනාසෙමින් පැවසුයේය....
"හ්ම්ම්ම්ම්
එහෙනම් මම චයිනීස් රයිස් දෙකක් ඔඩර් කරන්නම්...."
"ඔකේ
බට් චිකන් හොඳද...."
"ඕකේ..."
අමන්දාත්,
අශේනුත් කෑම කැමෙන් පසු එලියට එනවිටම...
"අම්මේ
මචං අශේන්..."
"රකියා
කවද්ද උබ ලංකාවට ආවේ...."
"මම
පෙරේදා බං ආවේ..ඒත් උබ මෙහේ මොනවද කරන්නේ..මම හිතුවේ උබ තාම රට කියලා නැත්නම් ඉතින් ආව ගමන් උබව මීට් වෙන්න් මම එනවනේ...මට පෙන්නේ උබ හොරෙන්ම ලංකාවට ඇවිත් මැරි කරලා වගේ එනිවේ ක්න්ග්රැඩ්ස් මචං..ආපහු යන්න කලින් ටිරීට් එකක්නම් ඕනේ පුතෝ හොඳද..."
"හොව්
හෝව් පොඩ්ඩක් ඉඳපන්....මම මැරි කලේ නෑ බං..."
"හරි
හරි අවුලක් නෑ උබ කෙල්ලෙක් එක්ක යාලු වුන සතුටට එහෙනම් ට්රිට් එකක් දියන්කෝ...."
'පිස්සුද
බං උබට .. විනාඩියක්
හිටහන්කෝ..අමා ඔයා කාර් එකට යන්න මම එන්නම් ...ආ කී එක.." එවිටම අශේන් ඔහුගේ යාලුවට ඇගිල්ල කටට තියාගනිමින් කිව්වේ ආපහු මුකුත් කියන්න එපා කියලා මොකද මෙච්චර වෙලා කිව්ව දේවල් වලින් අමන්දාගේ හිත රිදුන බව අශේන් දැක්ක නිසයි. අමන්දාද හිස පහත් කරගෙනම එතනින් ඉවත් විය...
"මොකක්ද
නරියෝ උබ ඒ කලේ උබට නම් තියෙන්නේ පුදුම කටක් තමයි..."
"ඇයි
බං උබ එකිව මට ඉන්ට්රඩ්යුස් කරන්නේ නැතුව එලෙව්වේ මම දාගනි කියලද..." අශේන් කල දේට රකිතට ඇත්තටම ටිකක් අවුල් ගිය නිසා ඔහු ඒසේ පැවසුවේය...
"සොරි
සොරි බං..ඒ ආකාශ්ගේ වයිෆ්..."
"ඉතින්
උගේ වයිෆ් උබ එක්ක මොනවද කරන්නේ..." තාම රකිත සිටින්නේ කෙන්තියෙන්ය...
"අම්මෝ
උබට නැගලා තියෙන තරම්..මම කියන දේ මුලින්ම අහපන්කෝ..මම කෙටියෙන්ම කියන්නම්...අපේ අකාශ්ගේ වෙඩින් එකට තමයි මම ලංකාවට ආවේ විශේෂයෙන්ම නැත්නම් උබ දන්නවනේ
මම ලංකාවට එන්න ලොකු කැමත්තක් තිබුනේ නෑ..මල්ලිගේ වෙඩින්ගෙ එක දවසේ උන් හනිමුන් යනකොට කාර් එක ඇක්සිඩන්ට් වෙලා ඌ නැති වුනා බං..."
"ශිට්
සිරාවටම...සොරි බං මම මේ මුකුත් දන්නේ නෑ"
"ඉට්ස්
ඔකේ මචං ..නංගිටත් සිහිය ආවේ ආෆ්ටර් ටෙන් ඩෙස්...අම්මයි තාත්තයි එකිට පන ඇරලා ආදරේයි බං ඉතින් මල්ලි නැති වුනාට පස්සේ අමාව එහේ ගෙනාව..එකි හැමදාම ඔහේ බලන් ඉන්නවයි අඩන එක තමයි කරන්නේ...මටත් ඉතින් අන්තිමේට තාත්තගේ බිස්නස් වැඩ ටික බලන්න වුනා...මේවා හැමදෙයක්ම මෙච්චර දියුනු කලේ මල්ලි බං ඉතින් තාත්තට ඕනේ වුනා නංගිවත් බිස්නස් වැඩ වලට දාන්න එතකොට
එකිගේ හිතේ දුක හරි අඩු වෙයි කියලා..ඉතින් අද තමයි අමා මුලින්ම වැඩට ආවේ...සෝ ලන්ච්
ගන්න මාත් එක්ක එලියට ආවා..."
"අඩේ
සොරි බං මම එච්චර දෙයක් දන්නේ නෑනේ..හිටහං මම එකට සොරි කියන්නම්.."
"හරි
හරි දැන් ඔනේ නෑ..ඉඳා මගෙ නම්බර් එක මට කෝල් එකක් දියන් පස්සේ සෙට් වෙමු...'
"එලකිරි
මචන් සෙට් වෙමු..මේ තව දෙයක් තියෙනවා...උබට ආකාශ්ගේ බිස්නස් විතරනෙ තාත්තා බලාගන්න
කිව්වේ...නෑනා නම් කහ කෑල්ල වගේ ලස්සනයි මම හිතන්නේ උබට එයාවත් බලාගන්න වෙයි වගේ..."
රකිත් එක ඇසකුත් ගසමින් පැවසුවේය...
"
අනේ මේ පලයන් බං කැත කතා කියන්නේ නැතුව ..මම යනවා මට කෝල් එකක් දියන් එහෙනම්..."
"හරි
හරි මස්සිනා එහෙනම් බලමුකො මොකද ඉස්සරහට වෙන්නේ කියලා..."
රකිත
පැවසු දේවල් වලට අශේන්ට සිනා නැගුනත් , ඔහු දිගු සුසුමක් හෙලුවේ අමන්දාගේ සිත දැන් හදන්නේ කොහොමද කියලා සිතුන නිසයි...අශේන් කාර් එකට ඇවිත් දොර අරිනවිට අමන්දා දෑස් පියාගෙන සිටියාය..
09. කොටස
"අමා සොරි නංගි ...මගේ යාලුවා කිව්ව දේවල් වලින් ඔයාගේ හිතරිදුනා නම් සොරි නංගි......"
"හ්ම්ම්ම්ම්ම් නෑ අයියා ඉට්ස් ඔකේ....."
අමන්දා එසේ පැවසුවද ඒ දෑස්වල තිබු වේදනාව අශේන්ට තේරුම් ගන්න එක ඒතරම් අපහසු වුනේ නෑ....
"ඔයාට දැන් මහන්සි නම් මම ඔයාව ගෙදරින් දාන්නද නංගි....."
"නෑ අයියා අවුලක් නෑ අනික මගේ බෑග් එකත් ඔෆිස් එකේ ....මට ශනායා ෆයිල් එකක් දුන්නා ස්ටඩි කරන්න මට ඒක බලාගන්නත් ඕනේ..."
"හ්ම්ම්ම් ඔකේ එහෙනම් ඔෆිස් එකට යමු..."
එදින ඔෆිස් නිමවී ගෙදර යන අතරතුරද ඔවුන් අතර වැඩිකතාබහක් නොවිය..
'අමා ලීලාට කියන්න හෙට අපිට කෑම හදන්න කියලා..."
"ඔකේ අයියා....."
"මාත් එක්ක තරහෙන්ද ඉන්නේ ඔයා..."
අමන්දා නැතයි කියන්න හිස සෙලෙව්වාය...
"හ්ම්ම්ම්ම්ම් ඔකේ..." අශේන් දිගු සුසුමක් පහල හෙලමින් පැවසුවේය....
එදින රාත්‍රියේ කෑම මේසේදිත් අමන්දා වැඩිය කතා නොකල අතර ඔෆිස් එකේ සිදුවු දේවල් බොහොමයක් දිල්හානිටත් සාලියටත් පැවසුවේ අශේන්ය.....
අද නම් වෙනදටත් වඩා අඩයි....අශේන් කාමරයට ගිය පසු කල්පනා කලේ අමන්දා ගැනය....රකියත් ඉතින් මුකුත් දැනගෙන නෙමෙනේ කිව්වේ ඌත් වැරදි නෑ මම තමයි වැරදි මීට පස්සේ අමා එක්ක ගමන් යනකොට කල්පනා කරන්න වෙනවා මීට වඩා සිතින් සිතුවේය.....ටික වෙලාවකට පසු වෙනදාවගේම සුපුරුදු ලෙස ඉකිබිඳින හඩ ඇසුන නිසා අශේන් ඇඳේහි ඉඳගෙන කල්පනා කලේ අදවත් අමන්දා සමග කතාකරනවද නැද්ද යන්නයි...මොනව උනත් එයා හිතේ දුකටනේ අඩන්නේ මාව දැකලා දුක වැඩිවෙන්නත් ඉඩ තියෙනවා තව ටිකක් ඉවසමුකෝ කියලා සිතු අශේන් නැවත් ඇඳේහි වැතිරුනේය.....
පසුදින උදෑසන අශේන් සුදානම් වී පහලට පැමිනෙන විට අමන්දා පහල නොවිය...
"අම්මා ...අමා අද ඔෆිස් යන්නේ නැද්ද..."
"යනවා යනවා පුතා..උදෙන්ම නැගිටලා ලීලා එක්ක ඉව්වනේ ඉතින් දැන් තාම ලෑස්ති වෙනවා ඇති..එයා එනකම් පුතා කන්න"
"අනේ සොරි අයියා මම ගොඩක් ලෙට් නෑ නේද...'
"මොකද නැත්තේ අපි නම් දන්නේ ඔන්න රතු ඉර ගැහුවට පස්සේ ඔෆිස් ගියාම බොස්ගෙන් බැනුම් අහන්න වෙයි..නේද අම්මේ..."
"ඇත්තද...." අශේන් පැවසු දෙයට සියලු දෙනාම සිනාසුනහ.
කෑම කැමෙන් අනතුරුව දෙදෙනාම ඔෆිස් යාමට ගෙදරින් පිටත් විය.
"අමා ටිකක් විතර සෙල්ෆිශ් නේද...." කාරය පදවන අතරතුර අශෙන් අමාගේන් ඇසුවේය...අමා ටිකක් විතර කලබල විය..
"සෙල්ෆිශ් මේ මම...ඇයි අයියා එහෙම ඇහුවේ..."
"නෑ ඉතින් ඔයා විතරක් නෙමේනේ උඩ ෆ්ලොර් එකේ ඉන්නේ මගේ රූම් එකත් තීයෙනවානේ නේද?...."
"ඔව් ඉතින්...." අමාට තාම තේරුම් ගන්න බෑ අශේන් කියන්න හදන දේ
"ඉතින් අපේ කන් හොඳට ඇහෙනවනේ නේද..සමහරක් අය හිතන් ඉන්නේ අපිට මුකුත් ඇහෙන්නේ නෑ කියලා...." දැන් තමයි අමන්දාට තේරුනේ අශේන් මොනවද කියන්න හදන්නේ කියලා..අමන්දාගේ මුන නැවත් දුකින් පිරුනේය...
"සොරි අයියා මම නිසා ඔයාගේ නින්දට ඩිස්ටර්බ් වුනාට..."
"ඒකටනම් කමක් නෑ නංගි..ඒත් ඔයා අඩන එකට නම් මම කැමති නෑ..." අශේන් ඒ කිවු අකාරයට අමන්දා එකවරම ඔහු දෙස බැලුවාය...අශේන්ද ඇය දෙස බලා දෑස ඉවතට ගත්තේ අමන්දා තවමත් බලා සිටියදිය....
"කවුරු උනත් මම අඩනවට කැමති නෑ නංගි...මම දන්නවා ඔයාගේ ජිවිතේ ඔය වයසට වුන දේවල් දරාගන්න අමාරුයි කියලා ඒත් අපිට අඩලා විසදුමක් හොයන්න බෑ...ඔයාට ඕකට හරියන හොඳම විසඩුමක් තියෙනවා මගේ ලග...."
"ඒ මොකක්ද..." අමන්දා එවර පුදුමයෙන් ඇසුවාය...
"හ්ම්ම්ම්ම්ම් ...මම දන්න ආරාමයක් තීයෙනවා..මීට අවුරුදු පහකට විතර කලින් මම එහෙට ගිහින් තීයෙනවා ඔයාට එතනට ගිහින් භාවනා කරන්න පුලුවන් ටික දවසක් එතනට ගියාට පස්සේ ඔයාට හිත හදාගන්න ලේසි වෙයි අමා......"
"හ්ම්ම්ම්ම්ම් මාව එක්කන් යන්න පුලුවන්ද ඔයාට එතනට..."
"හ්ම්ම්ම් මම එක්කන් යන්නම්..." අමන්දා හීනියට සිනාසුනාය...මේ වෙලාවේ අශේන්ගේ වදන් ඇයට ශක්තියක් විය..ඈ නැවත කල්පනා කරන්නට විනි...
"අද නම් ඔන්න අමා වැඩ ගොඩක් තියෙනවා හොඳද....ඔයා මට අපේ ඔන්ගොයින් ප්‍රොජෙක්ට්ස් වල ෆයිනල් එකවුන්ට්ස් ටික චෙක් කරලා දෙන්න අමා..මම ඒවගේ ෆයිල්ස් ටික රූම් එකට එවන්නම්..මොනවහරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න හොඳද...." කාර් එක ඔෆිස් එකට ළගා වු පසු අශේන් එසේ පවසා අමන්දා සමගම ඔෆිස් එකට ගොඩවිය........
10 කොටස
එදින වැඩ බොහොමයක් තිබු බැවින් අමන්දාට වෙලාව යනවා තේරුනේ නැහැ..එකවරම ලෑන්ඩ් ෆොන් එක නාද දෙන්නට විය...
"හෙලෝ අමා කන්නේ නැද්ද..."
"ආනේ එකමාරයි නේද වේලාව..වැඩ නිසා වෙලාව යනවා තේරුනේ නෑ අයියා..ඔයත් කාලා නෑ නේද තාම..මම එන්නම් ලන්ච් රූම් එකට අපි කමුද එහෙනම්.."
"ඔකේ..."
එලෙස වෙහෙසකර දිනයක් නිමාකරමින් අශේනුත් අමන්දාත් කාර්යාලයේන් පිටත් විය.
"අද නම් වැඩ ගොඩක් කරපු නිසා මහන්සියි නේද"
"හ්ම්ම්ම්ම් ඒත් මම ආසයි එහෙම වැඩ ගොඩක් කරන්න එතකොට කාලය යනවා තේරේන්නේ නෑ..."
"මේ සෙනසුරාදා උදේට මම ඔයාව ආරමයට එක්කන් යන්නම්..හැබැයි චුට්ටක් දුර යන්න ඕනි..උදෙන්ම යමු එතකොට රෑ වෙන්න කලින් එන්න පුලුවන්..."
"අනේ තැන්ක් යු අයියා..අපි අම්මාවත් එකක්න් යමු..එයත් ආස වෙයි යන්න..."
"අම්මා එනවනම් මමත් කැමතියි ඒත් මම හිතන්නේ නෑ එයි කියලා නංගි මොකද ඒක තියෙන්නේ කන්දක් උඩ අම්මගේ කකුල් අමාරුවත් එක්ක එයා එයිද දන්නේ නෑ ඉතින්..."
"එහෙමද... එහෙනම් ඉතින් අපේ අම්මාවවත් එක්කන් යන්න බැරිවෙයි..." අමා දුකෙන් වගේ පැවසුවාය...
"ඇයි මාත් එක්ක යන්න බයයිද?..."
"අනේ නෑ අයියා..." අමන්දා එකවරම සිනාසෙමින් පැවසුවාය...
"එහෙනම් අපි දෙන්නා ගිහින් එමු..."
09. කොටස
"හ්ම්ම්ම්ම්ම් නෑ අයියා ඉට්ස් ඔකේ....."
අමන්දා එසේ පැවසුවද ඒ දෑස්වල තිබු වේදනාව අශේන්ට තේරුම් ගන්න එක ඒතරම් අපහසු වුනේ නෑ....
"ඔයාට දැන් මහන්සි නම් මම ඔයාව ගෙදරින් දාන්නද නංගි....."
"නෑ අයියා අවුලක් නෑ අනික මගේ බෑග් එකත් ඔෆිස් එකේ ....මට ශනායා ෆයිල් එකක් දුන්නා ස්ටඩි කරන්න මට ඒක බලාගන්නත් ඕනේ..."
"හ්ම්ම්ම් ඔකේ එහෙනම් ඔෆිස් එකට යමු..."
එදින ඔෆිස් නිමවී ගෙදර යන අතරතුරද ඔවුන් අතර වැඩිකතාබහක් නොවිය..
'අමා ලීලාට කියන්න හෙට අපිට කෑම හදන්න කියලා..."
"ඔකේ අයියා....."
"මාත් එක්ක තරහෙන්ද ඉන්නේ ඔයා..."
අමන්දා නැතයි කියන්න හිස සෙලෙව්වාය...
"හ්ම්ම්ම්ම්ම් ඔකේ..." අශේන් දිගු සුසුමක් පහල හෙලමින් පැවසුවේය....
එදින රාත්‍රියේ කෑම මේසේදිත් අමන්දා වැඩිය කතා නොකල අතර ඔෆිස් එකේ සිදුවු දේවල් බොහොමයක් දිල්හානිටත් සාලියටත් පැවසුවේ අශේන්ය.....
අද නම් වෙනදටත් වඩා අඩයි....අශේන් කාමරයට ගිය පසු කල්පනා කලේ අමන්දා ගැනය....රකියත් ඉතින් මුකුත් දැනගෙන නෙමෙනේ කිව්වේ ඌත් වැරදි නෑ මම තමයි වැරදි මීට පස්සේ අමා එක්ක ගමන් යනකොට කල්පනා කරන්න වෙනවා මීට වඩා සිතින් සිතුවේය.....ටික වෙලාවකට පසු වෙනදාවගේම සුපුරුදු ලෙස ඉකිබිඳින හඩ ඇසුන නිසා අශේන් ඇඳේහි ඉඳගෙන කල්පනා කලේ අදවත් අමන්දා සමග කතාකරනවද නැද්ද යන්නයි...මොනව උනත් එයා හිතේ දුකටනේ අඩන්නේ මාව දැකලා දුක වැඩිවෙන්නත් ඉඩ තියෙනවා තව ටිකක් ඉවසමුකෝ කියලා සිතු අශේන් නැවත් ඇඳේහි වැතිරුනේය.....
පසුදින උදෑසන අශේන් සුදානම් වී පහලට පැමිනෙන විට අමන්දා පහල නොවිය...
"අම්මා ...අමා අද ඔෆිස් යන්නේ නැද්ද..."
"යනවා යනවා පුතා..උදෙන්ම නැගිටලා ලීලා එක්ක ඉව්වනේ ඉතින් දැන් තාම ලෑස්ති වෙනවා ඇති..එයා එනකම් පුතා කන්න"
"අනේ සොරි අයියා මම ගොඩක් ලෙට් නෑ නේද...'
"මොකද නැත්තේ අපි නම් දන්නේ ඔන්න රතු ඉර ගැහුවට පස්සේ ඔෆිස් ගියාම බොස්ගෙන් බැනුම් අහන්න වෙයි..නේද අම්මේ..."
"ඇත්තද...." අශේන් පැවසු දෙයට සියලු දෙනාම සිනාසුනහ.
කෑම කැමෙන් අනතුරුව දෙදෙනාම ඔෆිස් යාමට ගෙදරින් පිටත් විය.
"අමා ටිකක් විතර සෙල්ෆිශ් නේද...." කාරය පදවන අතරතුර අශෙන් අමාගේන් ඇසුවේය...අමා ටිකක් විතර කලබල විය..
"සෙල්ෆිශ් මේ මම...ඇයි අයියා එහෙම ඇහුවේ..."
"නෑ ඉතින් ඔයා විතරක් නෙමේනේ උඩ ෆ්ලොර් එකේ ඉන්නේ මගේ රූම් එකත් තීයෙනවානේ නේද?...."
"ඔව් ඉතින්...." අමාට තාම තේරුම් ගන්න බෑ අශේන් කියන්න හදන දේ
"ඉතින් අපේ කන් හොඳට ඇහෙනවනේ නේද..සමහරක් අය හිතන් ඉන්නේ අපිට මුකුත් ඇහෙන්නේ නෑ කියලා...." දැන් තමයි අමන්දාට තේරුනේ අශේන් මොනවද කියන්න හදන්නේ කියලා..අමන්දාගේ මුන නැවත් දුකින් පිරුනේය...
"සොරි අයියා මම නිසා ඔයාගේ නින්දට ඩිස්ටර්බ් වුනාට..."
"ඒකටනම් කමක් නෑ නංගි..ඒත් ඔයා අඩන එකට නම් මම කැමති නෑ..." අශේන් ඒ කිවු අකාරයට අමන්දා එකවරම ඔහු දෙස බැලුවාය...අශේන්ද ඇය දෙස බලා දෑස ඉවතට ගත්තේ අමන්දා තවමත් බලා සිටියදිය....
"කවුරු උනත් මම අඩනවට කැමති නෑ නංගි...මම දන්නවා ඔයාගේ ජිවිතේ ඔය වයසට වුන දේවල් දරාගන්න අමාරුයි කියලා ඒත් අපිට අඩලා විසදුමක් හොයන්න බෑ...ඔයාට ඕකට හරියන හොඳම විසඩුමක් තියෙනවා මගේ ලග...."
"ඒ මොකක්ද..." අමන්දා එවර පුදුමයෙන් ඇසුවාය...
"හ්ම්ම්ම්ම්ම් ...මම දන්න ආරාමයක් තීයෙනවා..මීට අවුරුදු පහකට විතර කලින් මම එහෙට ගිහින් තීයෙනවා ඔයාට එතනට ගිහින් භාවනා කරන්න පුලුවන් ටික දවසක් එතනට ගියාට පස්සේ ඔයාට හිත හදාගන්න ලේසි වෙයි අමා......"
"හ්ම්ම්ම්ම්ම් මාව එක්කන් යන්න පුලුවන්ද ඔයාට එතනට..."
"හ්ම්ම්ම් මම එක්කන් යන්නම්..." අමන්දා හීනියට සිනාසුනාය...මේ වෙලාවේ අශේන්ගේ වදන් ඇයට ශක්තියක් විය..ඈ නැවත කල්පනා කරන්නට විනි...
"අද නම් ඔන්න අමා වැඩ ගොඩක් තියෙනවා හොඳද....ඔයා මට අපේ ඔන්ගොයින් ප්‍රොජෙක්ට්ස් වල ෆයිනල් එකවුන්ට්ස් ටික චෙක් කරලා දෙන්න අමා..මම ඒවගේ ෆයිල්ස් ටික රූම් එකට එවන්නම්..මොනවහරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න හොඳද...." කාර් එක ඔෆිස් එකට ළගා වු පසු අශේන් එසේ පවසා අමන්දා සමගම ඔෆිස් එකට ගොඩවිය........
10 කොටස
එදින වැඩ බොහොමයක් තිබු බැවින් අමන්දාට වෙලාව යනවා තේරුනේ නැහැ..එකවරම ලෑන්ඩ් ෆොන් එක නාද දෙන්නට විය...
"හෙලෝ අමා කන්නේ නැද්ද..."
"ආනේ එකමාරයි නේද වේලාව..වැඩ නිසා වෙලාව යනවා තේරුනේ නෑ අයියා..ඔයත් කාලා නෑ නේද තාම..මම එන්නම් ලන්ච් රූම් එකට අපි කමුද එහෙනම්.."
"ඔකේ..."
එලෙස වෙහෙසකර දිනයක් නිමාකරමින් අශේනුත් අමන්දාත් කාර්යාලයේන් පිටත් විය.
"අද නම් වැඩ ගොඩක් කරපු නිසා මහන්සියි නේද"
"හ්ම්ම්ම්ම් ඒත් මම ආසයි එහෙම වැඩ ගොඩක් කරන්න එතකොට කාලය යනවා තේරේන්නේ නෑ..."
"මේ සෙනසුරාදා උදේට මම ඔයාව ආරමයට එක්කන් යන්නම්..හැබැයි චුට්ටක් දුර යන්න ඕනි..උදෙන්ම යමු එතකොට රෑ වෙන්න කලින් එන්න පුලුවන්..."
"අනේ තැන්ක් යු අයියා..අපි අම්මාවත් එකක්න් යමු..එයත් ආස වෙයි යන්න..."
"අම්මා එනවනම් මමත් කැමතියි ඒත් මම හිතන්නේ නෑ එයි කියලා නංගි මොකද ඒක තියෙන්නේ කන්දක් උඩ අම්මගේ කකුල් අමාරුවත් එක්ක එයා එයිද දන්නේ නෑ ඉතින්..."
"එහෙමද... එහෙනම් ඉතින් අපේ අම්මාවවත් එක්කන් යන්න බැරිවෙයි..." අමා දුකෙන් වගේ පැවසුවාය...
"ඇයි මාත් එක්ක යන්න බයයිද?..."
"අනේ නෑ අයියා..." අමන්දා එකවරම සිනාසෙමින් පැවසුවාය...
"එහෙනම් අපි දෙන්නා ගිහින් එමු..."
එදින රාත්‍රියේ නම් අමන්දාගේ ඉකිබිඳින හඩ ඇසුනේ නැති බැවින් අශේන්ට දැනුනේ පුදුම සතුටකි...ඒ ගැන සිතන විටම අශේන්ගේ ෆොන් එක නාදවන්නට විය.
"හෙලෝ..."
"අඩෝ අශේනයා..."
"අම්මේ රකියා කියපන් ඉතින්..උබ ඇයි උදේ කෝල් එකක් දුන්නේ නැත්තේ..."
"වැඩ වගයකට හිර වුනා බං....මොකෝ කරන්නේ නෑනා පොඩ්ඩ ගැන කල්පනා කරන්වා නේද තෝ..."
"අම්මෝ යකෝ උබට දිවැස් තියෙනවද...හැබැයි ඉතින් උබ හිතන එවාගැන නම් නෙමේ කල්පනා කරේ.."
"හරි හරි බං මොනාගැන හරි නෑනා ගැනනේ ඉතින්...'අශේන් හඩ නගා සිනාසුනේය...
"ඉතින් කියපන් දැන් කවද්ද සෙට් වෙන්නේ..උබ දැන් යන්නේ කවද්ද ආපහු..."
"මේකයි බං මෙහේ පොඩි බිස්නස් වගයකුත් සෙට් වුනා යනවද නැද්ද කියලා කල්පනා කලේ..අම්මා එහෙන් වද දෙනවා බදින්න කියලා බං..."
"ඉතින් එහෙනම් බැඳලා බිස්නස් එකක් කරගෙන ලංකාවට වෙලා හිටපන්..."
"එහෙම තමයි බං දැන් කරන්න වෙන්නේ මට පේන් විදියට.උබත් ඉතින් මගේ මගුලට සප් එකක් දියන් උබගේ නෑනා පොඩ්ඩ එක්ක ඇවිත්..."
"හරි හරි බං ඕන උදව්වක් දෙන්නම්...."
"එහෙනම් මේ ඉරිදා හවසට අපේ පැත්තේ වරෙන් අපේ අනිත් සෙට් එකත් එනවා"
"හරි මචං එලකිරි සෙට් වෙමු එදාට...."ඔෆිස් එකේ වැඩ නිසා අමන්දාට කාලය ගෙවාගැනිම එතරම් අපහසු වුනේ නෑ..සිකුරාදා දින රාත්‍රියේ ආරාමයට යාම සඳහා ඔවුන් දෙදෙනාම වැඩිටිහියන්ගෙන් අවසර ලබාගත්හ...අමන්දා, අශේන් සමග මිතුරුවිම සම්බන්ධව සුනේත්‍රාත් රොහානුත් සිටියේ සතුටින්ය...
අමන්දා උදෑසනම අවදිව කෑම සඳහා සැන්ඩ්විච් කීපයක්ද සුදානම් කරගත්තාය..ඉන්පසු සුදු පැහැති චාම් සල්වාර් එකකින් සැරසුනු අමන්දා පහලට එනවිට අශේන්ද ලා නිල් පැහැති ඩෙනිමකින් සහ සුදු අත් දිග ෂර්ට් එකක් ඇඳ එහි අත් දෙක ඉහලට ඔසවා තිබු අතර ඒනිසා ඔහුට අමුතුම කඩවසම් බවක් එක් කර තිබුනි..ඔවුන් දෙදෙනාම දුටු සැනින් එකිනෙකාට සුහද සිනාවකින් සංග්‍රහ කළත් එකිනෙකා දැකිමෙන් දෙදෙනාමගේම සසල වුනු දෑස් ඔවුන් සගවා ගත්හ.දිල්හානිත් සාලියත් ඔවුන්ගේ ගමන් ගැන් සතුටු විය..එයින් අමන්දාට ඇගේ සිත හදාගැනිමට අනිවාර්යේන් හැකිවෙනු ඇතැයි ඔවුන් සිතුහ.
ඔවුන් උදෑසනම පිටත් වු නිසා 8.00 පමන වන විට ආරමයට ලගාවන්නට හැකිවිය..එදින විශේශ භාවනා වැඩසටහනක්ද වු නිසා ඔවුන් පැමිනි ගමනෙහි අරමුන වඩාත් සාර්ථක විය.ජිවිතයේ අනිත්‍ය බව ගැන මෙන්ම සිත දියුනු කරගැනිම පිලිබඳව බොහෝ දෑ අමන්දාට අසන්නට ලැබුනු අතර එම ස්ථානයේ තිබු නිසංසලභාවය ඇගේ සිතට එක්කලේ පුදුමාකර සහනයක්.අශේන් පිලිබඳවද ඈ මහත්සේ පැහැදුනාය.ඔහුට ඒ ගැන ස්තුති කිරිමට ඈ සිතාගත්තාය. .. ඔවුන් එම ස්ථානයෙන් පිටත් වනවිට සවස 5.30 විතර විය...ඒ වෙලාවේ පැවති වැහිබර කාලගුනය නිසා පරිසරය පමනට වඩා අඳුරු වී තිබිනි.......
11 කොටස
"ඔයාට ගොඩක් පින් අයියා අද මාව ආරමයට එක්කන් ගිය එකට..."
"හ්ම්ම්ම් එහෙමද..මාත් කොහොමත් ආසාවෙන් හිටියේ එහේ යන්න..."
"අයියා කලින් එහේ ගිහින් තියෙනවද..."
"ඔව්..මාත් ගොඩක් අවුලෙන් හිටපු දවස්වල මගේ යාලුවෙක් තමයි ප්ලේස් එක ගැන කිව්වේ..."
"ඒ ඇයි අයියා අවුලෙන් හිටියේ...."
"ලව් කේස් එකක් තමයි ඉතින්..."
"ඒ කිව්වේ...."
"ඒක දිග ස්ටෝරි එකක් කෙටියෙන්ම කිව්වොත් මම පන වගේ ආදරය කරපු ගර්ල් එක්ක තිබුන අෆේයාර් එක නැතිවුනා..ඉතින් ඊටපස්සේ පොඩ්ඩක් පිස්සු නැටුවා සෝ පස්සේ මෙතනට ඇවිත් තමයි හිත හදාගත්තේ දෙන් මම ස්ටඩිස් වලට රට ගියා ..."
"ඒ කියන්නෙ අයියා ආදරය කරලා තියෙනවා කලින්..."
"හ්ම්ම්ම්ම් ආදරය විරහව දෙකම විඳවලා තියෙනවා...."
"එතකොට ඒ ගර්ල්ගෙන් පස්සේ වෙන කාටවත් ආදරේ කලේ නැද්ද්...."
"නෑ.....මම ඊටපස්සේ ඒ ගැන හිතුවේ නෑ...."
"ඇයි ඒ තාමත් ඒ ගර්ල්ට ආදරේ නිසාද..."
"අපෝ නෑ...මාව දාලා ගිය කෙනෙක්ට මම ආදරේ වෙන්නේ ඇයි...මට ඊටපස්සේ ඒ ගැන හිතන්න වේලාවක් තිබ්බේ නෑ ස්ටඩිස් නිසා...."
"හ්ම්ම්ම්ම්ම්ම් එහෙමද..."
"ඔව්...."
"දැන් ඉතින් ස්ටඩිස් ඉවරයිනේ..වයසත් හරි එකේ මැරේජ් එකක් ගැන හිතුවා නම් හරිනේ..."
"හ්ම්ම්ම්ම් මටත් හිතනවා දැන් බැන්දානම් හොඳයි කියලා..." අමන්දා එකවරම අශේන් දෙස බැලුවාය....අශේන්ගේ වදන් වලට අමන්දාගේ හිත ටිකක් ගැස්සුන බව ඇයට තේරුනා...අශේනුත් ඇය දෙස බැලුවේ ඇගේ ප්‍රතිචාරය කෙසේද යන්න දැකගැනිමටය..ඒ බව අශේන්ට හැගුන නිසා ඔහු යාන්තමට සිනාසුනේය...
"එහෙනම් ඉතින් අම්මට කිව්වානම් ඉවරයිනේ..." අමන්දා ඕනෑවට එපාවට පැවසුවාය...අශේන් එකවරම හයියෙන් සිනාසුනේ අමන්දාගේ හැසිරිමටය...
"ඇයි මේ...එක පාරටම මොකද වුනේ..."
'නෑ මුකුත් නෑ.." එකවරම වැස්සක් ඇඳ හැලෙන්නට විය...අමන්දා දෙඋරහිසද හකුලුවා ගත්තේ එලියේ සීතල කාලගුනය වාහනයේ ඇතුලට දැනුන නිසාය...
"ඇයි සීතලද..ඒසී එක අඩු කරන්නද..."
"හා...." ටික දුරක් වාහනේ ගොස් එකපාරටම වාහනේ නතරවිය...
"ඇයි අයියා මොකද වුනේ..."
අශේන් නැවත ස්ටාර්ට් කරන්න උත්සහ කලද වාහනය ස්ටාර්ට් වුනේ නැත...
"ශිට් මේක ස්ටාර්ට් වෙන්නේ නෑනේ..මං හිතන්නේ බැහැලා බලන්න වෙයි..ඔයා ඔහොම්මම වාහනේ ඉන්න හොඳද..."
අශේන් වාහනයෙන් බැස බොනට් එක ඇර පරික්ශ කලේය...අශේන් පරක්කු නිසා වාහනයේ තිබු කූඩයද රැගෙන අමන්දා වාහනයෙන් බැස අශේන්ට කූඩය ඇල්ලුවේ ඒ වන විටත් අශේන් යම්තාක් දුරට තෙමි සිටිය නිසාය.....
"ඇයි ඔයා බැස්සේ..මම කිව්වා නේද වාහනේට වෙලා ඉන්න කියලා..යන්න ගිහින් නගින්න වාහනේට ඔයාව තෙමෙනවත් එක්ක දැන්..."
"බෑ ඉතින් ඔයාවත් තෙමෙනවනේ..මොකද වෙලා තියෙන්නේ වාහනේට..."
"මේ බලන්න අමා මේ ලගපාතක ගෙයක්වත් නැහැ..සෝ ප්ලීස් ඔයා කාර් එකට යන්න මම මේක බලන්නම්..."
"බෑ..." අමන්දා හිතුවක්කාර ලෙස පැවසුයේ අශේන් දෙස බලාගෙනමය...අමන්දාට රැවු අශේන් නැවත වාහනය පරික්ශාකරන්නට විනි....
"ඕක හරියන වැඩක් නෙමේ වගේ නේද අයියේ..මං කියන්නද අපි පොඩ්ඩක් ඉස්සරහට පයින් ගිහින් බලමු උදව්වට කාවහරි..."
"හ්ම්ම්ම්ම් යමු එහෙනම්...."අශේන් බොනට් එක වසා කාර් එක ලොක් කලේය..ඒවන විටත් වැස්ස යම්තාක් දුරට තිබු නිසා දෙදෙනාම ගියේ කූඩය යටින්ය...නමුත් ඔවුන් දෙදෙනාම ගමන් කලේ ටිකක් ඈතින් නිසා කෙසේ හෝ දෙන්නම තෙමුණහ...අමන්දා අපහසුවට පත්වේවි යයි සිතා අශේන් දුරස්ව ගියේය...
"අන්න අයියේ අර හරියේ නම් ගෙවල් තියෙනවා...ලයිට්ස් දලා තියෙන්නේ..."
'ඔව් නේ..යමු ගිහින් බලමු...."
'ගෙදර කවුද...."
ටික වේලාවකින් මැදිවියේ කාන්තාවක් පැමින දොර විවර කලාය...
'අපි මේ ගමන්ක් ගිහින් එන ගමන්..අපේ වාහනය අතරමග නතර වුනා...ඒක හදාගන්න අපිට කාවහරි හොයාගන්න පුලුවන් වේවිද..."
'කවුද ශ්‍රියා ඇවිත් ඉන්නේ...." එවිටම මැදිවියේ පිරිමි කෙනෙකුත් අවුරුදු හතක පමන දැරියක් සමග එලියට ආහ......
"මෙයාලගේ වාහනේ කැඩිලා ටිකක් එහාට වෙන්නලු තියෙන්නේ කාවහරි හොයනවා හදන්න..."
"හ්ම්ම්ම්ම් මුලින්ම දෙන්නම එන්නකෝ ගේ ඇතුලට...."දෙදෙනාම යම්තාක් දුරට තෙමි සිටියහ...
"දූ පැටියා ගිහින් අලුත් ටවල් එකක් අරන් එන්න අම්මිගේ අල්මාරියෙන්..."
"මේකයි මහත්තයා ඇත්තටම මට නම් ඔවා බලන්න තේරෙන්නෙ නෑ හැබැයි ගෙවල් පල්ලේහ මනුස්සයෙක් ඉන්නවා..අපි එයාට කියමු..ඔයාලට එතකම් මෙහෙ ඉන්න පුලුවන්..."
"අනේ ලොකු දෙයක් මිස්ටර්.."
"ශ්‍රියා මෙයාලට තේ එකක් හදන්න මම ඇන්තනි මාමාව බලලා එන්නම්...මට කාර් එකේ කී එක දෙන්න මහත්තයා......."
"ආ....මේ වෙලාවේ හැටියට මේක ලොකු උදව්වක් .ගොඩක් ස්තුතියි මේ උදව්වට අයියේ ..අනික මට මහත්තයා කියන්න එපා මම අශේන් රත්නායක.."
"අයියෝ ඔවා මොනවද මල්ලි මනුස්ස්යෙක්ට කරදරයක් වුනාම තව මනුස්ස්යෙක්ම එපැයි උදව් කරන්න...මම සනත් ඒකනායක..ඔයාල ඉඳගෙන් තේ එකක් බොන්න් මම ඉක්මනට එන්නම්."
'අක්කි ආ ටවල් එක..."
"තැන්ක් යු පැටියෝ...."
"අමා අපි ගෙදරට කෝල් එකක් දීලා කියමු නේද නැත්නම් එයාල බය වෙයි..."
"අනේ ඔව් අයියේ මම මේ ඔයාට කියන්න හැදුවේ කෝල් එකක් දෙන්න කියලා..."
අශේන් දිල්හානිට කතාකර වුන දේවල පැවසුවේය.. ඒ අතරතුර ඒ ගෙදර කාන්තාව ඔවුන්ට තේ පිලියෙල කර රැගෙන ආවාය...
"බොන්න....පුදුම වැස්සක් මේ දවස්වල....මම හිතන්නේ මේ නෝනයි මහත්තයයි නේද..."
අශේනුත් අමන්දාත් එකිනෙකා දෙස බලන්නට විය මේ වෙලාවේ හැටියට ඔවුන්ගේ තිබෙන නෑකම කියනවට වඩා ඒ දේ පිලිගන්න එක හොඳයි යයි අශේන් සිතුවේය...
"ඔව් අක්කේ...."
"මම දැක්ක ගමන් හිතුවා හොඳට ගැලපෙන ජෝඩුව...."
අමන්දා දෑස් විසල් කර අශේන් දෙස බැලුවාය...අශේන්ට නම් හොඳටම හිනා......
12 කොටස
එහි වු කාන්තාව ගේ ඇතුලට ගියගමන් අමන්දා හිමින් අශේන්ගේ අත කෙනිත්තුවාය...
"ආආආව්ව්ව්ව්...ඒක නම් හොඳටම රිදුනා අමා.."එවර අමා සිනාසුනාය...
"අක්කි අන්කල්ගේ අත කෙනිත්තුවා නේද....." ඒ අසල සිටි පුංචි දැරිවිය අශේන් ළගට විත් පැවසුවාය....ඇය අශේන්ට අන්කල් යයි කිවු නිසා අමන්දා නැවත් සිනාසුනාය..
"අන්කල්...මම අන්කල් එත්කොට මෙයා අක්කිද...මම මේ අක්කිටත් වැඩිය පොඩියිනේ අනේ...."
"නෑ නෑ ඔයා පොඩි නෑ.." දැරිය අමන්දා ළග දැවටෙමින් පැවසුවාය...
"ඇද්ද බොරු කියලා හිනාවෙනවට ඔයාට හොඳ වැඩේ අන්කල්...."
"ඇත්තද අක්කිබබා...."අශේන් නැවත සිනාසෙමින් පවසන විට අමන්දා ඔහුට රැව්වාය.....ඒ අතරතුර කාන්තාව නැවත් ඔවුන් වෙත පැමිනුනාය...
"අනේ දු එයාලට කරදර එහෙම කරන්නේ නෑ හොඳද..හෙට උදේ දහම් පාසල් යන්න ඕනේනේ..හොඳ දු වගේ ගිහින් දැන් නිදාගන්න....."
"හා අම්මි...මම යනවා අක්කි නිදාගන්න..."
"ඔකේ ගුඩ් නයිට් පැටියෝ...." දැරිවිය අමන්දාගේ කොපුලකට හාදුවක් දී අශේන්ටද හාදුවක් දී සිනාසෙමින් ඇතුලට ගියාය.....ඒ අතරතුර සනත්ද ගෙදරට පැමිනුනේය...
"හරි වැඩේනේ මල්ලි....වාහන හදන මනුස්සයා පොඩ්ඩක් ගමෙන් පිට ගිහින්..මම ගෝලයාට කිව්වා බලන්න කියලා..ඒ මනුස්සයාට ඒක හදන්න තේරුමක් නෑ වගේ..හැබැයි හෙට උදෙන්ම ලොක්කා එනවා කිව්වා...ඉතින් හෙට උදේට තමයි වාහනේ හදාගන්න වෙන්නේ..මම අර මනුස්සයත් එක්ක එකතු වෙලා වාහනේ පාර අයිනටම දැම්මා...වාහනේ ගැන නම් බයවෙන්න කාරි නෑ හැබැයි දැන්..ඒත් ඉතින් මල්ලිලට යන්න වෙන්නේ හෙට තමයි....."
"එකත් එහෙමද මාර කේස් එකනේ..." අශේන් එක්වරම බැලුවේ අමන්දා දෙසය..
"මොනවාද දැන් කරන්නේ අයියේ..කැබ් එකක් කෝල් කරලා යන්නත් බෑනේ වෙහිකල් එක දාලා...."
"ඉතින් සනත් එහෙනම් මේ දෙන්නට ඉස්සරහ කාමරේ රෙඩි කරලා දෙන්න හෙට උදේ වෙනකම් ඉන්න මේ ඉන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්නේ..."
"අයියෝ එහෙනම් ඔච්චර හිතන්න දෙයක් නෑනේ ..ශ්‍රියා හොඳ ළමයා වගේ එහෙනම් ඔයා මේ ලමයි දෙන්නට කන්න මොනවාහරි හදන්නකෝ.ආ තව දෙයක් ශ්‍රියා ඔයා මේ නංගිට අඳින්න ඔයාගේ ගවුමක් දෙන්නකෝ ටිකක් තෙමිලත් එක්කනේ ඉන්නේ..මල්ලිටත් මගේ අලුත් සරමකුයි ෂර්ට් එකකුයි ලෑස්ති කරන්න.... මම ඉස්සරහ කාමරේ ලෑස්ති කරන්නම් මෙයාලට ඉන්න...." අමන්දා දැස් විසල් කර අසරනව අශේන් දෙස බැලුවේ..ඔහු පෙර කී බොරුව නිසා දැන් වෙන්න යන දේ ගැන සිතමින්ය.....අශේන්ද ඇහිබැමි ඔසවා අමන්දා දෙස බැලුවේය..ඔහු කිවු දේවල් දැන් හරි ගස්සන්න ගියොත් ඒ මිනිස්සු ඔවුන් ගැන් වැරදියට හිතයි සිතා අශේන්ද කිසිවක් නොපැවසුවේය....
ශ්‍රියා අමන්දාට අවශ්‍ය කරන ඇඳුම් සමග ඇයව නානකාමරයට රැගෙන ගියාය...ශ්‍රියා තරමක් මහත කොට කාන්තාවක් වු නිසා අමන්දාට දුන් ගවුම ටිකක් ලොකුවට වගේම දනහිසට වඩා චුට්ටක් උඩින් තිබ්බේය..ගවුම ලොකු නිසාත් කොන්ඩේ ටිකක් තෙතට තිබු නිසාත් අමන්දා කොන්ඩය කඩා ඉස්සරහට දාගත්තාය...ඉන්පසු අශේන්ද සනත් දුන් සරම සහ ෂර්ට් එක ඇඳගත්තේ ඇගපත සොදාගත් පසුය..ඔවුන් සාලයට පැමිනෙන විට ශ්‍රියා කෑම මේසයට කෑම සුදානම් කර තිබුනි....
'දූ කාලා නේද නිදාගත්තේ ශ්‍රියා...."
"ඔව් මම කලින්ම කැව්වා වෙලාසන නැගිට්ටන්න ඕනේ නිසා හෙට උදේට...."
"හ්ම්ම්ම් ඒක හොඳයි...මල්ලි බඩපිරෙන්න කන්න හොඳද...නංගිනම් කන්නේ නෑ කෑම එක අතගානවනේ..." අමන්දා ඇත්තටම කෑම එක කනවට වඩා කලේ අතගාන එකයි..
"ගෙදරට දැනුම් දුන්නා නේද මල්ලි..."
"ඔව් අයියේ...ඇත්තටම ඔයාලා අපිට කලේ ලොකු උදව්වක් අද..."
"ඒ ගැන එච්චර හිතන්න එපා එහෙනම් මල්ලි ඔයාල දැන් නිදාගන්න..මම ටිකක් උදෙන්ම නැගිටලා වාහනේ හදාගන්නම්..ඇන්තනි මාමා උදෙන්ම එනවා කිව්වා..." කෑම කැමෙන් පසු සනත් සහ ශ්‍රියා ඔවුන්ගේ කාමරයට ගියහ...අශේන්ද අමන්දාද වෙන කරන්නට දෙයක් නොමැති නිසා කාමරයට ගියහ.අශේන් කාමරය ඇතුලෙන් අගුලු දැම්මේය...
"අයියා ඇයි කාමරේ ලොක් කලේ..." අමන්දා එකවරම බයවී ඇසුවාය....
"බයවෙන්න එපා මම ඔයාට කරදරයක් කරන්නේ නෑ අපි මේ ඉන්නේ එලියේ කාමරනේ ඉතින් ලොක් කරගන්නේ නැතුව බැහැනේ නේද...ඔයා ඇඳෙන් නිදාගන්න මම බිම නිදාගන්නම්...."
"බෑ බෑ මට නිදාගන්න බෑ...ඔයා ඇඳෙන් නිදාගන්න මම මේ පුටුවේ වාඩිවෙල ඉන්නම්...." ඇඳ අසල වු පුටුවක වාඩිවෙමින් අමන්දා පැවසුවාය..."
"පිස්සුද නංගි ඔයාට...පුටුවක එලිවෙනකම් ඉන්නේ කොහොමද ..හරි ඔයාට ඔච්චරම බය නම් මම එලියට යන්නම් ඔයා කාමරේ ඉන්න..දැන් අර මිනිස්සුත් නිදිනේ....මම පුලුවන් නම් කාර් එකේ නිදාගන්නවා ඒත් මට ඔයාව මේ ගෙදර තනියෙන් දාල කාර් එකට යන්න බෑ මොනවා වුනත්...."
අමන්දා එයට කිසිත් නොපැවසුවාය ..අශේන් සමග මෙලෙස කාමරයක තනිවිම ගැන ඇයගේ සිත මහත් සේ කලබල වී තිබුනාය...අශේන් නැවත් කාමරයේ ලොක් එක ඇරියේය...
"ඔයා ඇතුලෙන් ලොක් එක දාගන්න නංගි මම මෙතන පුටුවේ ඉන්නම්...." එහි කොරිඩොර් එකේ වු පුටුවක් අශේන් කාමරයේ දොර අසලම තබාගත්තේය....අමන්දා කාමරය ඇතුලෙන් අගුලු දා ඇඳෙන් ඉඳගත්තද ඇයගේ සිත වද දෙන්නට විය..."අමා ඔයා මොනවද ඒ කලේ ..එලියේ වැස්ස නිසා ගොඩක් සීතලයි ඒ මනුස්සය එලියේ ඉන්නේ කොහොමද..අනික අශේන් නරක මනුස්සයෙක් නෙමේ කියලා ඔයා දන්නවා හොඳටම...ඒත් දෙයියනේ මම කොහොමද පිට මනුස්සයෙක් එක්ක කාමරයක රැයක් ඉන්නේ..අනේ අකාශ්....."අමන්දා සිතින් මුමුනමින් අඩන්නට විය
13 කොටස
"මම හිතුවේ නෑ අමාට මාව මෙච්චර අවිශ්වාසයි කියලා....කමක් නෑ එක අතකින් බලපුවාම අමා කියන්නේ හොඳ කෙල්ලෙක්..මල්ලි තමුසේ ජීවත් වෙලා හිටියා නම් ඇත්තටම ලකී හලෝ.....අවුලක් නෑ අමා ඔයාගේ හිත මට තේරේනවා..ඒත් හිතින් මේ සීතලේ නිදාගන්න එක තමයි අවුල...." අශේන්ද එලෙස සිතින් සිතුවේය...
ටික වෙලාවකින් කාමරයේ දොර ඇරිනි.....අශේන් පුටුවට වකුටුවි සිටියේය..අමන්දාට ඇත්තටම ඔහු ගැන දුක සිතිනි...
"අයියේ ...අයියේ නැගිටින්න...."
"ඇයි අමා..ඔයාට කරදරයක් නෑ නේද..."
"නෑ මට කරදරයක් නෑ ඔයාට ඔහොම සීතලේ පුටුවක නිදාගන්න බෑ නේද..ඇතුලට එන්න
"නෑ නංගි අවුලක් නෑ ටිකක් විතර සීතල නම් තමා ඒත් ශෙප්...."
"නෑ අයියේ කමක් නෑ ඔයා රුම් එක ඇතුලට ඇවිත් නිදාගන්න...මම බිමින් මෙට්ට්‍රස් එක දැම්මා...ඇඳ උඩට මම බෙඩ්ශිට්ස් දාල මට නිදාගන්න හදාගත්තා....."
"ඒ වුනාට කමක් නෑ අමා තව පැය කීපයයිනේ තියෙන්නේ..මම මෙහෙම ඉන්නම්..."
"අයියෝ ඔයා මාත් එක්ක තරහෙන් නේද කියන්නේ ඔහොම...එනවා මැට්ටෝ ඇතුලට..දැන් මටත් සීතලයි මෙතනට වෙලා ඉඳලා..." එවර අශේන් නැගිට කාමරයට ගියේය...
'ඔයාට පිස්සුද ඇඳේ ඔහොම නිදාගන්න ඔයාගේ කොන්ද කැඩිල තියේයි උදේට..."
"හරි අනේ දැන් වෙන කරන්න දෙයක් නෑනේ ඔයාට බිම ශීට් එකක් විතරක් දාලා නිදාගන්න බැරිව යයි ගොඩක් සීතලයි...දැන් නිදාගන්න වද දෙන්නේ නැතුව මට නිදිමතත් එක්ක..."
"හ්ම්ම්ම් උදේට යනගමන් එහෙනම් පත්තුවකුත් බැඳගෙනම යමු..." අශේන් සිනාසෙමින් පවසා මෙට්ටේ නිදාගත්තේය....ඇත්තටම අශේන් කිව්වා වගේම අමන්දා ගොඩක් අමාරුවෙන් නිදාගත්තේ උදේ නැගිටිනකොට කොහොමහරි අමන්දා කොන්ද කෙලින් කරගන්න බැරිතරම් වේදනාවෙන් තමයි හිටියේ...සනත් කිව්ව විදියටම උදේන්ම වාහනේ හදාගන්න පුලුවන් වුන නිසා අශේන්ටත් අමන්දාටත් එහෙන් උදේම පිටත් වෙන්න පුලුවන් වුනා...
"අයියේ ඇත්තටම ඔයාලට ගොඩක් පින්...මේ තියෙන්නේ මගේ කාඩ් එක ඕන වෙලාවක මට කෝල් එකක් දෙන්න අනික තමයි අයියලා කොලඹ ආවොත් අනිවාර්යෙන් එහේ එන්න ඕනේ හොඳද..."
"අනිවාර්යෙන්ම මල්ලි අපි එහේ එන්නම්..එහෙනම් ඔයාල පරිස්සමින් යන්න..."
"අනේ තාත්ති එහෙනම් මේ අක්කිලාගේ ගෙදර අපි යමුකෝ මට මුහුද බලන්නත් පුලුවන් නේද කොලඹ ගියාම...." දැරිවිය ආසාවෙන් උඩ පැන්නාය
"ඔව් පැටියෝ ඔයාව මුහුද බලන්නත් එක්කන් යන්නම්..." ඉන්පසු අශේනුත් අමන්දාත් ඔවුන්ගෙන් සමුගත්හ.
"අනේ මංදා අයියේ ඔයත් වෙලවකට පොඩි ළමයෙක් වගේ" අමන්දා එසේ පැවසුවේ ඔවුන් යන අතරමගදිය...
"ඇයි ඔයා එහෙම කියන්නේ..."
"මම පිලිගන්නවා ඒ මිනිස්සු අපිට කලේ ලොකු උදව්වක් කියලා ඒත් ඇයි එයාලට එහේ එන්න කිව්වේ...ඊයේ රෑ කාපු කට්ට මදිද ඔයා කියපු බොරුව නිසා ...මගේ කොන්ද ඉන්න බෑ රිදෙනවා තාම.....දැන් ඒ මිනිස්සු බැරිවෙලාවත් ආවොත් තමයි මරු සෙල්ලම තමයි වෙන්නේ...අනික අම්මයි තාත්තයි මේවා දැනගත්තොත් මං ගැන වැරදියටත් හිතයි."
"අප්පටසිරි.... සිරියස්ලි මට ඒ ගැන මතක් වුනේ නෑනේ අමා...බලමුකෝ ඔය කිව්ව්වට එන එකක් නෑ.."
"මොකද නැත්තේ අයියා අර චුටි දූට මුහුද බලන්නත් ඕනේ කිව්වා..අනේ මන්දා අයියා ඔයා නම්..." අමන්දා අසරනව පැවසුවේ ඔවුන් බැරිවෙලාවත් පැමිනුනොත් දෙමාපියන්ටත් ඒ ගැන කියන්න වෙන නිසාත් ඔවුන් එක කාමරයක් රැයක් ගතකරපු දේවල් ඒ අය දැන්ගත්තොත් ඇය ගැන වැරදියට සිතාවි යයි සිතුනු නිසාත්ය.....
" අයැම් වෙරි සොරි නංගි ..මම ඒක එච්චර දුරදිග හිතලා කිව්වේ නෑ..බැරිවෙලාවත් එයාල එනවා කිව්වොත් මම අනිවාර්යෙන් ඒක බැලන්ස් කරන්නම්..ඔයා දැන් ඒ ගැන වොරි වෙන්න එපා..අනික තමයි ඔයා ගැන කාටවත් මම අහිතක් හිතන්න තියන්නේ නෑ...ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා මම දන්නවනේ තව ටිකකින් මට ඊයේ රෑ මැරෙන්න වෙන්නේ සීතලේ හැදිලා....." අශෙන් සිනාසෙමින් පැවසුවේය....
"ඇත්තද මැට්ටෝ..ඒව ඉතින් මගේ වැරදි නෙමේ බොරු කියපු නිසා තමයි මේ ඔක්කොම....."
ඔවුන් ගෙදරට පැමිනෙන විට උදේ 11 පමන වී තිබුනා....එදින දහවල් ආහරයට ඔවුන් දෙදෙනාම කෑම මේසෙට නොපැමිනුනේ පෙර දින රාත්‍රියේ හරිහැටි නින්දක් නොතිබුන බැවින්ය....
සවස 4 පමන වන විටත් අමන්දා නැගිට තිබුනේ නැති නිසා දිල්හානි ඇයගේ කාමරයට ගියාය...
"අමන්දා දු..ඔයා තාම නිදිද....."
"හ්ම්ම්ම්ම් ඔව් අම්මා ඇග ටිකක් රිදෙනවා අම්මා..."
"ඇයි ඒ කෝ බලන්න..ඇගත් රස්නෙයිනේ...ඔයා දවල්ට කෑවෙත් නෑනේ බබෝ..ඊයේ රෑ හරියට නින්දකුත් නෑනේ ඒක වෙන්නැති...දැන් නැගිටල බත් ටිකක් කාලා පැනඩොල් දෙකක් බීලා බලමු දුව අඩුවුනේ නැත්නම් අපි බෙහෙත් ටිකක් ගමු රෑට..කෝ ඉතින් දැන් නැගිටින්නකෝ හොඳ ළමයා වගේ...."
"අයියාත් දවල්ට කෑවේ නැද්ද අම්මා...."
" ඔව් එයත් දවල්ට කන්න නම් නැගිට්ටේ නෑ දැන් ටිකකට කලින් නැගිටල කිරි එකක් හදන් බීලා එලියට ගියා...අද යාලුවෙක්ගේ ගේක පාර්ටි එකක් කියලා...යන්න කලින් ඔයාවත් ඇහුවා..ඔයා නිදි කිව්වාම එයා තමයි කිව්වේ නැගිටවලා කන්න කියන්න කියලා..."
"හ්ම්ම්ම් එහෙමද..හරි අම්මා මම පොඩි වොශ් දාගෙන එන්නම් පහලට...."
"අඩෝ අශේනයා වරෙන් ඇතුලට...උබ වේලාවටත් කලින් ඇවිත්නේ බං..."
"අරුන් ටික කියටද එනවා කිව්වේ..."
"උන් එද්දි හතවත් වේ බං..."
"හරි අවුලක් නෑ මම කලින් ආවේ උබත් එක්ක මට කතා කරන්න දෙයක් තියෙන නිසා..."
"හරි හරි යමුකෝ උඩට...අම්මා උඩට තේ එකක් හදලා එවන්නකෝ අශේන් ඇවිත්...."
"හරි දැන් කියාහංකෝ බලන්න මොකක්ද කියන්න තියෙන්නේ කියලා..ෂුවර් එකටම නෑනාගේ කෙස් එකක් නේද..." රකිත නොන්ඩි හිනාවකුත් දාගෙනම පැවසුවේය...
"අම්මෝ බං ඔව් එය ගැන තමයි...සිරාවටම උබ හොඳයි බං සාස්තර කියන්න.."
"හරි හරි මස්සිනා දැන් කියපන්කෝ විස්තරේ..මම දන්නවානේ උබගේ හැටි උබ නෙතුගේ කෙස් එකෙන් පස්සේ කෙල්ලෙක් දිහා ඇහක්වත් ඇරලා බැලුවේ නෑනේ...මට උබව ඒදා දැක්ක ගමන් තේරුනා උබ ඒකිට ඉන්ට්‍රෙස්ට් කියලා..."
අශේන් කලින් දවසේ වුන හැම සිද්දියක්ම රකිතට පැවසුවේය..රකිතත් කට ඇරන් හැමදේම අහගෙන හිටියේය...
"අඩෝ බලාගෙන ගියහම ඒකි මාර ඩයල් එකක්නේ....උබනම් හැබැයි හම්බවුන චාන්ස් එකෙන් උපරිම ප්‍රයොජනේ අරන් තීයෙනවා..."
"පලයන් බං යන්න මම කිසිම දෙයක් කලේ නෑ..මම ඒ බොරුව කිව්වේත් හිතලා නෙමේ බං නිකන් කටට ආවට කිව්වේ...මට හිතෙන්නේ මම ඒකිට ආදරෙයි කියලා ඒත් ඒක කවදාවත් මට කියාගන්න බැරි වෙයි බං..."
"ඇයි ඒ..."
"ඇයි ඒ කියන්නේ බං ඒකී ආකාශ්ට මාර විදියට ආදරේ කරන්නේ....අනික මම කොහොමද බං ඕක කියන්නේ..."
"උබට කියන්න නම් වෙන්නේ ඉතින් කටින් තමයි වෙන කොහෙන්වත් කියන්න බෑනේ....එහෙනම් අපි මෙහෙම කරමු අපි උබලාගේ අම්මයි තාත්තයි එක්ක මේ ගැන කතා කරමු..."
"පිස්සුද බං උබට...කොහොමත් මල්ලීගේ තුන් මාසේ දානේ ඉවර වෙනකම් මුකුත් කරන්න බෑ..ඊට පස්සේ බලමුකෝ...උබට සීන් එක කිව්වට පස්සේ හිත නම් ටිකක් සැහැල්ලු වුනා..බලමුකෝ ඉස්සරහට මොකද කරන්නේ කියලා..."
"ඕනේ දේකට මම ඉන්නවා උබට හොඳද..දැන් උබ තේ එක බීපං මම වොශ් එකක් දාල රෙඩි වෙන්නම් දැන් අරුන් ටිකත් එයි..."
රකිත ගිය පසු අශේන් දෑස් පියාගෙන් කල්පනා කලේ අමන්දා ගැනය... "ශිට් මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මම අමාට ආදරේ කරයි කියලා...."
14 කොටස
"දුව පැනඩෝල් දෙකට අඩු වෙලා නෑනේ..තාම ඇග රස්නෙයි...අපි තාත්තා එක්ක් ගිහින් බෙහෙත් ටිකක් ගමුද....."
"අපි හෙට උදේ වෙනකම් බලමුද අම්මා...."
"දැන් පැනඩෝල් බිව්වේ 4.30 විතර නේද..එතකොට දැන් වේලාව 8.15 තාම පැය හයක් ගිහින් නෑනේ ආපහු පැනඩොල් බොන්න..... වයිරල් එකක් වෙන්න ඇති ..කෝකටත් අපි ගිහින් බෙහෙත් ටිකක් ගමු..රෑට අමාරු වුනොත් එහෙම ලොකු පුතත් නෑනේ එයා එද්දි ගොඩක් රෑ වෙයි හොඳ ළමයා වගේ ඇඳුමක් දාගන්නකෝ.....මම තාත්තාව ලෑස්ති කරගන්නම්.... ."
"හා අම්මා එහෙනම් යමුකෝ බෙහෙත් ගන්න...."
"රකියා එහෙනම් වෙඩින්ගේ ඕන වැඩකට අපිට කතාකරපන් බං හරිද..."
"අනිවාර්යෙන් රකියා දැන් උබයි අශේනයා විතරයිනේ අමාරුවේ වැටෙන්න ඉන්නේ අපේ සෙට් එකෙන්...."
"ඔව් ඔව් අශේනයත් දැන් භාගේට අමාරුවේ වැටිලා ඉන්නේ දමියා...."
"නෑ සිරාවටම ...එළ එළ මචං අරකිට පෙන්නම උබත් බැඳලා අපි වගේ සතුටෙන් ඉඳපන්...."
'මූට පිස්සු බං ..කොහොමත් මම බඳිනවා බං හැබැයි දැන්මම නේමේ...."
"අනිවාර්යෙන්ම මචං උබ බඳින්නම ඕනේ...නෙතු හිතන් හිටියේ ඒකි නැතුව උබ වෙන කාවවත් මැරි කරන්නේ නෑ කියලා...ආරංචියේ හැටියට ඒකිගේ ෆැමිලි ලයිෆ් එක අවුල් බං ඒකිගේ මිනිහට හැමතැනම ගෑණු..උබේ අගේ තේරෙන්නත් එපැයි බං..."
"හරි හරි දැන් දාලා ගිය උන් ගැන කතා ඕනේ නෑ ඌට මරු කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා...."
"උබගේ නෑනා එහෙම නෙමේ නේද..."
"අඩෝ දමියා උබ මාරයිනේ...."
"සිරාවටම උබ කිව්වේ මුගේ නෑනා ගැනද රකියා....ඒකි පවු බං ඇත්තටම ඒ වගේ අහිංසක කෙල්ලෙක්ට උබ වගේ සිරා ලව් කරන එකෙක් තමයි හරියන්නේ අනික ඒ කෙල්ල ඉන්න සිටුවේෂන් එක ගැනත් උබ දන්නවා ආන්ට්යි අන්කලුත් පන ඇරලා...වේලාවකට උබලාගේ මල්ලි පව් කියලා හිතෙනවා බං අනේ මන්දා ඌ ගෙනාපු ආයුෂ එච්චර වෙන්නැති... .'
"ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ බං..මට දුක අන්තිම අවුරුදු හතරේම මට ඌත් එක්ක කාලේ ගතකරන්න බැරිවුන එක ගැන....අමන්දාත් සෑහෙන්න පව්..ඒත් අමන්දා ගැන අනුකම්පාවකට වඩා මට තියෙන්නේ ආදරයක් බං...." අශේන් පැවසුවේ ලොකු වේදනාවකින්ය....
"හරි හරි දැන් දුක මුඩ් ඕනේ නෑ අශේන් උබට ඕන උදව්වක් කියාහන් අපි කරන්නම් ඔය කේස් එක ගැන හොඳද....."
"එළකිරි මචං...එහෙනම් මම යන්නද බං දැන් හෙට උදේම මීටින්ග්ස් වගයක් තියෙනවා බං.." අශේන් පුටුවෙන් නැගිට්ටේ එතනින් පිටවෙන්නට සිතාගෙනය...
"අඩෝ බොරු කියන්න එපා උබට නෑනා බලන්නේ නැතුව ඉන්න බැරි නිසානේ යන්නේ....:"
"අනේ පලයන් බං යන්න..මේ උබලා මට විහිලු කරාට කමක් නෑ හැබැයි අමා ඉන්න තැන නම් එපා බං හොඳද..."
"හරි හරි අපි එහෙම කරන්නේ නෑ දැන් ඉතින් පලයන් නෑනා පව්..."
"ඇත්තද..... එහෙනම් ආයේ සෙට් වෙමු මචං...." අශේන්ට ඇත්තටම අමන්දා දැකගැනිමේ උවමනාවක් නොතිබුනාම නොවේ...ගෙදරින් එලියට එද්දිත් ඒ රුව නොදැක්ක නිසා වැඩිපුර රෑවෙනකම් හිටියොත් ආපහු උදේට දකින්න වෙන නිසාම තමයි කලින්ම එහෙන් පිටත්වුනේ.....
අශේන් ගෙදරට පැමිනෙන විට ගෙදර ලීලා පමනයි සිටියේ....
"කෝ මේ ගෙදර කට්ටිය කෑමකට ගියාද එලියට...."
"අනේ නෑ සුදු මහත්තයා ..අමන්දා බේබිට සනීප නෑ බෙහෙත් ගන්න ගියා...."
"මොකක් ඇයි ඒ මොකක්ද අසනීපේ..." අශේන් කලබලයෙන් ඇසුවේය....
"හවස ඉඳන් හොඳටම උන තිබුනා පැනඩෝල් බිව්වත් අඩු වුනේ නෑ මයේ හිතේ.......ඉතින් ලොකු නෝනායි ලොකු මහත්තයයි බෙහෙත් අරන් දෙන්න එක්කන් ගියා....."
අශේන් මොබයිල් එක අතට රැගෙන දිල්හානිට ඇමතුමක් ගත්තේය....
"හෙලෝ අම්මා...මොක්ද නංගිට....බෙහෙත් ගත්තද...."
"ඔව් පුතා මේ බෙහෙත් අරන් එන ගමන් දැන් ළග ඉන්නේ...වයිරල් ෆීවර් එකක් බය වෙන්න දෙයක් නෑ කිව්වා....ඔයා ගෙදර ඇවිත්ද ඔය ඉන්නේ...."
"ඔව් අම්මා මම මේ දැන් ආවේ මට ලීලා තමයි විස්තරේ කිව්වේ..හරි එහෙනම් ඔයාලා පරිස්සමින් එන්නකෝ...නංගිට අමාරු නෑ නේද......"
"නෑ නෑ පුතා ආමරුවක් නෑ...ලීලාට කියන්න පුතා සුප් එකක් හදන්න කියලා..."
"හරි අම්මා එහෙනම් මම තියනවා ෆෝන් එක බායි..."
"බායි පුතා...."
ලීලාට සුප් එකක් හදන්න කියා අශේන් උඩට ගියේ වොශ් එකක් දාගන්න...අශේන් පාර්ටි එකට විශේෂයෙන්ම ගියේ රකිතට අමන්දා ගැන විස්තරය කියන්න ඕන වුන නිසයි... පාර්ටි එකට ගියත් ඩ්‍රින්ක්ස් නොගත්තේත් ආපහු ඇවිත් අමන්දා එක්ක කතා කරන්න අවශ්‍ය නිසයි....නමුත් අමන්දාගේ අසනීප තත්වය දැනගත්තාම ඔහුට සිතුනේ අමන්දාත් එක්ක කතා නොකර ගිය එක ගැන ලොකු දුකක් .."ශිට් අමාට සනීප නෑ කියලා දන්නවනම් කලින් මම කීයටවත් එලියට යන්නේ නෑ....."අශේන් එසේ සිතා ඇග සෝදාගෙන පහලට ආවේය.....
එවිටම ඔවුන්ද ගෙට ගොඩවිය....අමන්දාගේ සුදුමැලි වුනු මුහුනත් ලෙඩබර දෑසත් දුටු අශේන්ට ඇය ගැන ඇතිවුනේ විස්තරකරගත නොහැකි දුකකි....
"අමා දැන් මොකද ඔයාට තාම අඩුවක් නෑ වගේ නේද...."
"හ්ම්ම්ම්ම්...ඔව් අයියා ඇගට පන නෑ වගේ..."
"අපි එතනදිම රෑ බෙහෙත් වරුව දුන්නා පුතා...." සාලිය පැවසුවේ සාලයේ පුටුවක ඉඳගන්න ගමන්ය......
"දුව කාමරයට යන්න මම සුප් එක අරන් එන්නම්...." දිල්හානි එසේ පවසා කුස්සියට ගියාය....
"හා අම්මා...මම කාමරයට යනවා අයියා..."
'හරි පරිස්සමින් යන්න ගිහින් රෙස්ට් කරන්න හෙට ඔෆිස් යන්න ඕනෙත් නෑ හොඳද...."
අමන්දා පඩිපෙල නැග කාමරයට යනතුරුම අශේන් ඈ දෙස බලාසිටියේය ඔහුට සාලිය එතන සිටිබවද අමතක වී තිබුනි.......නමුත් සාලිය නම් අශේන් ඈ දෙස දුකින් බලා සිටිනවා හොඳටම දැක්කේය..ඒවගේම අමන්දාගේ අසනීපය නිසා ඔහු බොහෝ කලබල වී ඇති බවද ඔහුට තේරුනේය.....අශේන්ගේ කල්පනාව බිඳුනේ සාලියගේ කටහඩත් සමගය.....
"පුතා පාර්ටි එකට ගිහින් වේලාසන ඇවිත් නේද...."
"ඔව් තාත්තා ඒක් ඉතින් පාර්ටි එකක්මත් නෙවෙයි...රකිත රට ඉඳන් ආවට පස්සේ අපේ කොල්ලෝ සෙට් එක එකතු වුනා විතරයි....මම කලින් ආවේ හෙට උදේන්ම මීටින්ග් එකක් තියෙන නිසා තාත්තා....."
15. කොටස
එදින රාත්‍රියේ ලීලා, අමන්දාගේ කාමරයේ නිදන්නට වුයේ, අශේන්ගේ ඉල්ලිම පරිදිය....අශේන්ටත් එදින රාත්‍රියේ හරිහැටි නින්දක් නොලැබුනේය...උදෑසන අවදිවි කාර්යාලයට යාමට සුදානම් වී පලමුව ඔහු කලේ අමන්දාගේ සුවදුක් බැලිමට ඇයගේ කාමරයට යාමයි....
"නංගි මම ඇතුලට එන්නද....ඔයා ඇහරිලද ඉන්නේ.."
"ඔව් එන්න අයියා.." අමන්දා ඒ වනවිටත් අවදිවි ඇග සොදා ඇඳට වී පොතක් කියවමින් සිටියාය....
"දැන් අඩුද ඔයාට.."
"ඔව් උණ නම් නෑ ඒවුනට කොන්ද රිදෙනවා අයියේ...කමක් නෑ නේද මම ගෙදර හිටියට..මට හෙට එන්න පුලුවන් වෙයි...."
"ඒකට නම් කිසිම ප්‍රශන්යක් නෑ..මුලින්ම ඔයා හොඳවෙලා ඉන්නකෝ....ඔයාට මොනවහරි ගෙන්න ඕනේද එනකොට...." අශේන් එසේ පවසන විට ඔහුගේ හඩේහි වගේම වචනවල තිබු දයාබරත්වයට අමන්දාගේ දෑස් තෙත්වී තිබුනේය....
"ඇයි නංගි ඔයාට අමාරුයි නේද තාම...." අමන්දාගේ දෑස් වල කඳුලු දුටු අශේන් පැවසුවේය....
"හ්ම්ම්ම් නෑ අයියා....කට ටිකක් තිත්තයි වගේ ඔයා එද්දි අමු අඹ ටිකක් ගේන්න එහෙනම්..."
"අනිවාර්යෙන් ගෙන්නම්..මේ මැට්ටි අමාරු තියාගෙන පොත් කියවන්න එපා ටිකක් නිදාගෙන් ඉන්න..ඔයා කාල බෙහෙත් බිව්වද දැන්..."
'හ්ම්ම්ම් ඔව්..."
"එහෙනම් පරිස්සමින් ඉන්න මම ඔෆිස් ගිහින් එන්නම්..."
"හා...ඔයත් පරිස්සමින් ගිහින් එන්න අයියා"
අමන්දා ඔහුට අඹ ගේන්න යයි කිව්ව නිසා අශේන්ට දැනුනේ පුදුම සතුටක්...කාර්යාලයේ වැඩ ඉක්මනට අවසන් කර ගෙදර ඒමේ අරමුනින් ඔහු පිටත්විය....
එදින හවස අශේන් පැමිනෙන විට අමන්දාත් දිල්හානිත් සාලියත් වත්තට වී තේ පානය කරමින් සිටියහ.එමෙන්ම අමන්දාත් ඒ වන විට බොහෝසේ සුවවි සිටියා.....
"ආ ළමයට දැන් නම් හොඳටම හොඳයි වගේ....මෙන්න ඔයා ගේන්න කිව්ව අඹ"
"අනේ තැන්ක්යු අයියා...දැන් නම් ගොඩක් අඩුයි..මම මේ ටික ඇතුලෙන් තියලා එන්නම්.."
"පුතා ඔසි වල ඉන්න ලොකුමාමා කෝල් කලා..අක්කට ටිකක් අමාරුයි කිව්වා..නිතරම මාව අහනවා කිව්වා..මාමා ඉඳන් කියනවා කරදරයක් වෙන්න කලින් ඇවිත් බලන්නලු....."සාලියා ඒසේ පැවසුවේ ඔහුගේ එක කුස උපන් එකම සහෝදරිය ගැනය
"ඔව් පුතා..ඔයා දන්න්වනේ ලොකු නැන්දි තාත්තටයි ඔයාලටයි කොච්චර ආදරේද කියලා..මොනවා උනත් එයාගේ ලෙඩගතිය තවත් වැඩි වුනා ආකාශ්ගේ මරණයත් එක්ක..මායි තාත්තයි වීක් එකකට ගිහින් එන්න හැදුවේ...ඉතින් අපි අමන්දාවත් එයාලගේ ගෙදර නතර කරන්න හැදුවේ ..මොනවා උනත් අපි දෙන්නත් නැතිව එයාව මෙහෙ තියාගන්න එක එච්චර හොඳ නෑ නේද....පුතාට තේරෙනවා ඇතිනෙ මම කියන දේ..අනික තමයි ලීලා ඉන්න නිසා පුතාගේ කෑමබිම ප්‍රශ්නයක් නෑනේ...."
"ඔයාලත් නැත්නම් නංගිව එයාලගේ ගෙදර යවන එක තමයි හොඳ...මං ගැන නම් කරදර වෙන්න ඕනේ නෑ අම්මා...මටත් එන්න තිබ්බා ඔයාල එක්ක යන්න ඒත් මේ දවස්වල ඔෆිස් එකේ වැඩවලට මං නැතිව බෑ තාත්තා....." අශේන් තරමක් දුකෙන් පැවසුවේය...
"ඔව් පුතා ඔයත් ගිහින් බෑ..ඒ ටික ඔයා බලගන්න..."
' දැන් කවද්ද යන්නේ තාත්තලා....
"හෙට රෑට තියෙන ෆ්ලයිට් එක බුක් කරන්න හැදුවේ පුතා..."
"හ්ම්ම්ම් ඔකේ තාත්තා ...මම චෙන්ච් එකක් දාගෙන් එන්නම් ..."
"හරි පුතා...."
"දිල්හානි මට ඔයා එක්ක තව දෙයක් තියෙනවා කතාකරන්න ඒත් මේ වෙලාවේ බෑ..අපි යන ගමන් ඔය ගැන කතාකරමු...." අශේන් එතනින් ගිය පසු සාලිය දිල්හානිට පැවසුවේ තරමක් බෑරෑරුම් ලෙසය....
"ඒ මොනවා ගැනද..."
"දැන් කතාකරන්න බෑ ඒ ගැන....මම පස්සේ කියන්නම්..."එවිට අමන්දා ඔවුන් අතරට පැමිනියාය...දිල්හානි ඇයටද ඒ විස්තරය පැවසු පසු ඇය ගෙදර යාමට කැමති විය....
අමන්දා සතියකට ඇතිතරම් ඇඳුම් සුදානම් කරගත්තාය....පසුදින කාර්යාලයට ගොස් ගෙදර ආ පසු ඇයගේ ගෙදරට යාමට ඇය සිතගත්තාය... රාත්‍රි කෑම මේසයේදි පවා අශේන්ගේ වැඩි කතාබහක් නොවිය..සාලියට නම් ඔහුගේ එම හැසිරිමට හේතු පිලිබඳව වැටහිමක් තිබුනි.....
"දුව ඔයා දැන් ඔෆිස් යනවද..."
"ඔව් තාත්තා මට දැන් හොඳයිනේ...ඔෆිස් ඉවර වෙලා මම අපේ ගෙදර යනවා..අපේ තාත්ති මාව ගන්න එන්නම් කිව්වා...." එවිටම වෙනස්වුන අශේන්ගේ මුහුනද සාලිය හොඳින්ම දැක්කේය....
"ඉතින් ඇයි දරුවෝ තාත්තට කරදර කරන්නේ අශේන් ඔයාව ඇරලයිනේ..." දිල්හානි පැවසුවාය...
"අයියා ඉතින් තාත්තාවයි අම්මයිත් එයාර්පොර්ට් දාන්න ඕනේ නේද..එත්කොට අයියට කරදරෙනේ ඒකයි මම තාත්තිට එන්න කිව්වේ...."
"මට නම් කරදරයක් නෑ..තාත්තා ෆ්ලයිට් එක තියෙන්නේ 11.30 නේද ඔයාලව මම නවය වෙනකොට දැම්මා නම් හරි නේද...ඊට කලින් මම නංගිව දාල එන්නම්..."
"ඔව් එහෙම කරන්න දුව රොහාන්ට කරදර කරන්න එපා...." සාලිය එසේ පැවසිම නිසා අශේන්ගේ මුහුනේ පුංචි හිනාවක් ඇඳුනේය.....
16. කොටස
පසුදින උදෑසනම අමන්දා ඔෆිස් යාම සඳහා සුදානම් වී සිටියාය..අශේන් පහළට පැමිනෙන විට අමන්දා ඔහු එනතුරු බලා සිටියාය..උදෑසන කෑම කැමෙන් අනතුරුතුව ඔවුන් දෙදෙනාම ගෙදරින් පිටත්විය...
"අමා ඔයා හෙට උදේටත් ඔෆිස් යන්න රෙඩි වෙලා ඉන්න මම උදේට ගන්න එන්නම් ඔයාව...."
"එපා අයියා ඔයාට කරදරයිනේ ඒක..... මම තාත්තිට කියලා ඇරලගන්නම්..."
"ඇයි ඔයා හැමතිස්සේම් එහෙම හිතන්නේ ..මට ඇති කරදරයක් නෑ..ඔයා මම එනකොට ලෑස්ති වෙලා ඉන්න හොඳද...." අමන්දා හා කියන්න හිස වැනුවාය... ඇයට වේලාවකට සිතාගන්න අපහසු තරම් ඇය අශේන් හා බැඳි ඇති බව ඇයට දැන්නට වුවාය..එපමනක් නොව වෙලවකට ඔහු ඉදිරියේ ඇය අවනත වීම ගැනත් ඇය කල්පනා කරන්නට වුවාය..
"මොනවද කල්පනා කරන්නේ.."
"හ්ම්ම්ම් මුකුත් නෑ..."
"ඔයා ගෙදරින් ගියාම මට තමයි පාළු අමා.." ඔහු වැඩි දුර නොසිතා කළ ප්‍රකාශය නිසා අමන්දා පුදුමයෙන් එකවරම ඔහු දෙස බැලුවාය...ඔහුටද එහි බරපතලකම දැනුනේ අමන්දා එලෙස බැලුවාට පසුය....
"මේ..... මම කිව්වේ ඉතින් අම්මලත් නෑනේ ඔයත් නැතුව ගියාම ගෙදර කතාකරන්න කවුරුත් නැනේ මට පාළුවෙන් තමයි ඉන්න වෙන්නේ කියලා..."
"හ්ම්ම්ම්ම් ඉතින් ඔයා ගෙදර ඉන්නේ ටිකවෙලවනේ වැඩිපුර වෙලාවක් ඉන්නේ ඔෆිස් එකෙනේ ඒ හින්දා එච්චර අවුලක් වෙන එකක් නෑ..."
"හ්ම්ම්ම්ම්"
අශේන්ට ඔවුන්ගේ නුවර පිහිටි ශාඛාවෙන් ඇමතුමක් ආවේ ඔහු වැඩ කරන අතරතුරය...
"බොස් ගුඩ් මොර්නින්ග්.."
"ගුඩ් මොර්නින්ග් චානක .."
"බොස් මම මේ වැදගත් දෙයක් කියන්න ගත්තේ...."
'ඔව් චානක කියන්න මොකක්ද..."
"මේකයි බොස් අපේ ෆයිනෑන්ස් එකවුන්ට්ස් වල පොඩි පොඩි නොගැලපිම වගයක් තියෙනවා ..මම ජගත් සර් එක්ක මේ ගැන කතා කළා ..ඒත් එයා කිව්වා එයා හදපු රිපොර්ට්ස් ඔක්කොම බැලන්ස් වෙනවා කියලා..ඒත් එහෙම වෙන්න විදියක් නෑ බොස්.....මම ඒකයි ඒ ගැන බොස්ට කියන්න හැදුවේ"
"හ්ම්ම්ම් ඒකත් එහෙමද.... මෙහෙමයි දැන් කැන්ඩි වලයි අපේ කුරුණැගල ඔෆිස් එකේයි මෙහෙයි ෆයිනල් එකවුන්ට්ස් හැන්ඩ්ල් කරන්න එයා නෙමෙයි...ඔයාට කොහේද කෙස් එක තියෙන්නෙ කියලා හොයාගන්න බැරිද....."
"බැහැ බොස් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ මට හොයාගන්න බැහැ..."
"හරි චානක මමම එන්නම් එහෙනම්..මම කවද්ද එන්නේ කියලා ඔයාට කෝල් එකක් දෙන්නම්..තව දෙයක් මම ඔහේ එන බවක් කවුරුත් දැන ගන්න ඕනේ නෑ හොඳද.."
"නෑ බොස් මම කාටවත් කියන්නේ නෑ..."
දුරකථනය තිබ්බ වහාම අශේන් , අමන්දාගේ දුරකතනයට ඇමතුමක් ගෙන ඇයට ඔහුගේ කැබින් එකට එන ලෙස දැන්වුයේය...
අමා ඇවිත් දොරට තට්ටු කලාය...
"එන්න අමා ඇතුලට...ඉඳගන්න..අමා ඔයා අපේ කැන්ඩි බ්‍රාන්ච් එකේ ෆයිනල් අකවුන්ට්ස් ටික චෙක් කලාද...."
"නෑ අයියේ ...මම පෙරේදා ආවේ නැති නිසා තාම කුරුණෑගල ටික ඉවර කරන්න බැරිවුනා..බට් අද වෙනකොට ඒ ටික ඉවරවෙයි...හෙට මම කැන්ඩි ටික චෙක් කරන්න ගන්නම්..."
"හරි ඔයා දැන් එහෙනම් කුරුණැගල බ්‍රාන්ච් ඒකේ ටික පැතත්කින් තියලා ..කැන්ඩිවල එකවුන්ට්ස් චෙක් කරන්න..."
"ඇයි අයියේ මොකක් හරි ප්‍රශ්නයක්ද..."
"ඔව් ඔයාට මට ඔය ටික හෙට වෙනකොට චෙක් කරලා දෙන්න පුලුවන්ද.."
"හ්ම්ම්ම් පුලුවන්..හැබැයි අයියේ මට මිස්ටර් ජගත් රිපොර්ට්ස් ටික දෙනකොටම කිව්වා කැන්ඩිවල චෙක් කරන්න ඕනේ නෑ එයා ඒ ටික කලින් හැදුවා කියලා...ඒත් මම කොහොමත් චෙක් කරන්න හිටියේ....එයා එහෙම කියපු හින්දාම මම ඒක අන්තිමෙට කරන්න තියාගත්තා...."
"ඒකත් එහෙමද..තව දෙයක් අමා අපිට එහෙම වුනොත් අනිද්දාට කැන්ඩි යන්න වෙයි..ඒ ගැන හරියටම මම ඔයාට හෙට කියන්නම්..."
"හරි අයියේ මම මේ ටික පුලුවන් තරම් ඉක්මනට හදන්නම්..."
එදින හවස වනවිට අමන්දාට සියලුම ගිනුම් කටයුතු අවසන් කරන්න නොහැකිවුනත් එම ගනුදෙණුවල මුදල් නොගැලපිම් තිබුන බව ඇයට වැටහිනි...ඇය ඒ බව ඔවුන් ගෙදර යනවිට අශේන්ට පැවසිමට හිතාගත්තාය...
"අයියේ මට පෙන්නේ කැන්ඩි එකවුන්ට්ස් වල ට්‍රාන්සැක්ශන්ස් වල ප්‍රශ්න වගයක් තියෙනවා..."
"ඔයාට ඒවා ට්‍රෙස් කරගන්න පුලුවන් වුනාද අමා..."
'ඔව් අයියේ..."
"හරි නංගි ඔයා මට ඉතුරු ටිකත් හදල දෙන්නකෝ...මට පෙන්නේ ජගත් හොඳ ගේමක් දීලා වගේ..බලමුකෝ...ඔයා ඇඳුම ටික රෙඩි කරලද තියෙන්නේ අමා.."
"හ්ම්ම්ම් ඔව් අයියේ..."
ඔවුන් දෙදෙනා ගෙදරට ගිය පසු..අමන්දා දිල්හානිටත් සාලියටත් වැඳ ඔවුන්ගෙන් සමුගත්තේ ඔවුන්ට පරිස්සමින් යන ගමන ගිහින් එන ලෙස පවසමිනි...ඉන් අනතුරුව නැවත අශේන් සමග වාහනයට ගොඩ වුයේ ඈගේ නිවසට යාමටය..ටික දුරක් යනතුරුම දෙදෙනා අතර වුයේ නිහඩබවකි....
"අමා..." අශේන් ඇයගේ නම ආමන්ත්‍රණය කලේ දැඩි සෙනෙහසකිනි...එය අමන්දාට නොදැනුනාම නොවේ..නමුත් ඈ ඒ බවක් නොපෙන්වා සිටියාය...
'ඔව් අයියේ..."
"මට පොරොන්දුවක් වෙන්න ඕනේ..."
"ඒ මොකක්ද..." අමන්දා පුදුමයෙන් මෙන් ඈසිය...
"ගිය දවස් දෙක තුනේ වගේම රෑට අඩන්නේ නැතුව නිදාගන්න ඕනේ..." ඔහු එලෙස පවසද්දිම අමන්දාගේ දෙනෙත් තෙත්වන්නට විය..එය දුටු වහාම අශේන් කාර් එක පැත්තකට කර නතර කලේය..
"ඇයි මේ අමා ඔයාගෙන් නොඅඩා ඉන්න පොරොන්දුවක් ඉල්ලුවාම ඔයා අඩන්නේ...."අශේන් අමන්දාගේ අතක් මෘදුවට අතගාන ගමන් ඇසුවේය...ඒ ස්පර්ශ්යෙන් තවත් හැගුම්බර වුනු අමන්දාගේ දෙනෙතින් තවත් කඳුලු කඩා වැටෙන්නට විය...අශේන් ඔහුගේ අනෙක් අතින් ඇගේ කඳුලු පිසදමන්නට විය....එවිට අමන්දාගේ දෑස් අශේන්ගේ වෙත යොමුවිය..දෙදෙනාගේම දෑස් දෙදෙනාට හොරා කතාකරන්නට විය..නමුත් එකවරම අශේන්ගෙ අතට මෑදි වු අත ඉවතට ගනිමින් අමන්දා කලබල වී ඇයගේ අතින්ම කඳුලු පිස දමා ඉවත බලාගත්තාය.....
"සොරි නංගි..." ඇයගේ ඒ හැසිරිමට සිත රිදුවාගත් අශේන් එසේ පවසා නැවත් වාහනය පනගන්වට විය..නමුත් අමන්දා කිසිවක් නොකිව්වාය..ඇගේ සිත් ඕනවටත් වඩා කලබල වී ඇති බව ඈට දැනෙන්ට විය...සිදුවු දේය ගැන අශේන්ද පසුතැවුනේ ඒ වෙලාවේ සිදුවු සිදුවිම නිසා අනිවාර්යෙන් අමන්දා අඩාවි යයි සිතු නිසාය...නමුත් සිදුවුයේ වෙනත් දෙයකි...අමන්දාගේ නිවසට යනවිට ඇයගේ දෙමාපියන්ද දොරකඩට වී බලාසිටියේ ගේට්ටුවද ඇර තබාය....
"පොරොන්දු වෙන්නම් අද අඩන්නේ නෑ මම...."අමන්දා වාහනය වත්තේ නතර කල පසු වාහනයෙන් බැසිමට පෙර අශේන් දෙස බලමින් ඒසේ පැවසුවාය...
අශේන්ගේ මුහුනේ වුයේ පුදුම සතුටකි..ඇය සමග ඔහුද වාහන්යෙන් බැස ඇගේ දෙමාපියන්ට ඇයව භාර දී වාහනය වෙත පැමිනියේ කියාගත් නොහැකි සතුටකිනි..ඒ බව අමන්දා දුටුවද ඇයගේ එම හැසිරිම ගැන ඇයට සිතාගත නොහැකි ලෙස ඇය අතරමං වී සිටියාය.....
17 කොටස
අමන්දා ටික වේලාවක් යනතුරුම සුනේත්‍රාව වැළඳගෙන සිටියාය...
"මොකෝ දරුවෝ මේ....."
"ආදරේටනේ අම්මා......අම්මා මම මෙහෙ ඉන්නද හැමදාම.." අමන්දා එසේ ඇසුවේ අශේන් නිසා ඇයගේ සිත වඩාත් කලබල වී තිබු නිසාය...
"ඇයි දූ මේ එකපාරටම...අපේ නම් කිසිම අකැමැත්තක් නෑ..අනික දු කැමැත්තේන්නේ එහේ නතර වුනේ...." රොහාන් එසේ පැවසුවේ සැබෑවටම ඇය නැතිව ඔවුන් පාලුවෙන් සිටින නිසාය...අමන්දා සුනේත්‍රාගෙන් මෑත්වි රොහාන් වෙත් ගියාය..
" තාත්තිට මම නැතිව පාළුයි නේද...."
"ඔව් ගොඩාක් පාළුයි දූ..." එවර අමන්දා රොහාන්ට තුරුල් වුනාය...
"ඒත් දුව දිල්හානිලා ආවට පස්සේ එයාල මොනවාහරි හිතයි නේද....දුවට එහේ මුකුත් ප්‍රශන්යක් එහෙම නෑ නේද..."
"අනේ නෑ අම්මා එයාලා මට ගොඩක් ආදරේයි..විශේෂයෙන් ආකාශ්ගේ අම්මා...ඒත් මට ඔයාලවත් ගොඩක් මතක් වෙනවා අම්මා....."
"දුව මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනි..අකාශ්ගේ අයියා.."
"අයියෝ සුනේත්‍රා ඒ ළමයා ගෙට ගොඩවුනා විතරයිනෙ තාම අපි පස්සේ ඕවා කතාකරමු..දු යන්න ගිහින් වොශ් එකක් දාගෙන එන්න කන්න...." සුනේත්‍රා කියන්නට යන දෙය වැලක්වු රොහාන් පැවසුවේය
අමන්දා ඉන්පසු කාමරයට ගියාය..ඇඳට වැටුන ඇය කල්පනා කරන්නට වුයේ මීට මොහොතකට පෙර අශේන් සමග සිඳුවු දේවල්ය..."අනේ මට සමාවෙන්න ආකාශ් මම ඔයාට වරදක් කරන්න හිතුවේ නෑ..." අමන්දා හඩන්නට විනි..ඒත් එකවරම ඇයට මතක් වුයේ අශේන්ට දුන් පොරොන්දුවය...එය මතක් වු පසු පෙරටත් වඩා ඈගේ දෑසින් කඳුලු කඩාහැලෙන්නට විය.."ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ ...මුලින්ම මට මගේ ආකශ්ව නැතිවුනා...දැන්..දැන් මගේ හිත ඕනවටත් වඩා අශේන් ගැන හිතනවා....." අඩලා හෙම්බත්වුනු අමන්දාට නින්ද ගියේ ඇයටත් නොදැනිමය....
අමන්දා කෑමට නොආපු නිසා සුනේත්‍රා කාමරය වෙත ආවාය...ඇඳසිටි ඇඳුම් පිටින්ම හොඳටම නිදා උන් අමන්දාව දැක්කාම ඇයට නැගිට්ටන්නට සිත් නොවු නිසා ඇය පහලට ගියාය...
"දුවව පරිස්සමින් ඇරලුවා නේද පුතා..."
"ඔව් අම්මා...ඔයාලා කෑවද..."
"නෑ ඔයා එනකම් හිටියේ අපි කාලාම පිටත් වෙමු...."
දිල්හානිවත් සාලියවත් ගුවන්තොටුපලට ඇරලු අශේන් ඔවුන්ට වැඳ ඔවුන්ගෙන් සමුගෙන එලියට පැමිනියේ ය....
"ඔයා මොනවද සාලිය ඊයේ දවල් මට කියන්න හැදුවේ පුතා ගැන....."
"හ්ම්ම්ම්ම් කියන්න නම් හැදුවේ අශේනුයි අමන්දායි දෙන්නම ගැන...."
"ඒ කිව්වේ..."
"මට තේරෙන විදියට අපේ ලොකු මෑන් අමන්දා ගැන හිතනවා....."
"ඔයා ඇයි එහෙම කියන්නේ එකපාරටම...." දිල්හානි ඇසුවේ කලබලයෙන්ය....
"ඒදා අමන්දා දුව අසනිප වුන දවසේ පුතා හොඳටම කලබල වුනා..ඒ විතරක් නෙමේ දුව එයාලගේ ගෙදර ගිය එක ගැනත් එයා හිටියේ දුකෙන්...."
"ඔයා කියන්නේ අමන්දාත් එහෙම හිතනව කියලද ..."
"නෑ නෑ..මම මේ කිව්වේ අපේ පුතා ගැන විතරයි....මම අමන්දාගේ එහෙම දෙයක් නෝටිස් කලේ නැහැ..ඒ වුනාට ඒ අය තරුණ ළමයි ඉතින් අපිට ඒ අයගේ හැගිම් ගැන කියන්න බෑනේ..."
"හ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත...අපිට මේ ගැන තව හිතන්න වෙයි...අමන්දා නරක ළමයෙක් නෙමේ..මම ඒකයි එයාව මගේ ළගට ගත්තේ...අනික සාලිය එහෙම දෙයක් වුනත් මගේ නම් අකැමැත්තක් නෑ...ඔයා මොකද ඒ ගැන කියන්නේ..."
"හ්ම්ම්ම්ම් මගේත් අකැමැත්තක් නම් නෑ..මොකද අශේන් නෙතුගේ ප්‍රශ්නේ නිසා සැහෙන්න විඳේව්වා ....අනික එයා ආපහු මැරි කරන්නේ නැහැයි කියන තැන නේ හිටියේ කොහොමත් ..ඉතින් එහෙම එකේ ඇත්තටම මගේත් අකැමැත්තක් නෑ ඒ වුනාට අමන්දාලගේ ගෙදරින් මොනවා කියයිද දන්නේ නෑ..."
"සුනේත්‍රාලා නම් කීයටවත් අකමැති වෙන එකක් නෑ සාලිය...අපි ගිහින් ඇවිත් මේ ගැන කතා කරමුකෝ..."
"එපා දිල්හානි දැන්මම එපා අපි ආකාශ්ගේ තුන් මාසේ දානේ ඉවර වෙනකම් ඉමු...මොකද අමන්දා මේකට කොහොම රිඇක්ට් කරයිද දන්නේ නෑනේ...."
'ඒකත් ඇත්ත....."
අශේන්ට අමන්දා ගෙදර නොමැතිවිම ගැන පාළුවක් මෙන්ම දුකක් දැඩි සේ දැනුනද ඇය පැවසු වදන් සිහිවෙද්දි ඔහුට පුංචි සතුටක් නොදැනුනාම නොවේ....ගෙදරට ආ පසු ඇගපත සෝදාගත් ඔහු ඇඳට ආවේ දුරකතනයත් අතැතිව අමන්දාට ඇමතුමක් ගැනිමටය...වරක් නොව දෙවරක්ම ඇයගේ දුරකතනයට ඇමතුම් ගත්තද ඇය කතා නොකල නිසා ඔහුට දැනුනේ දැඩි වේදනාවකි...."සමහරක් විට මහන්සි නිසා නිදි ඇති...හ්ම්ම්ම් කමක් නෑ හෙට උදේට මීට් වෙනවනේ...."
අමන්දා අශේන්ගෙන් ලැබුන ඇමතුම නිසා නින්දෙන් අවදිවුවත් ඇයට ඔහු හා කතා කරන්න සිත් නොවිය..ඔහු දෙවන වර කතා කරද්දිත් ඇය කලේ දුරකතනය දෙස බලා සුසුම් හෙලිම පමනි..."මට සමාවෙන්න අයියේ....මට බෑ ඔයාට ළංවෙන්න...මම අකාශ්ගේ විතරමයි....මම ඔයාට හවස කිව්වෙ දේ නිසා ඔයා මං ගැන වරදවා හිතන්න ඇති...මට සමාවෙන්න......"
පසුදා උදෑසන අමන්දා කාර්යාලයට යාම සඳහා සුදනම් වී සිටියාය....
"දූ ඔයා ඔෆිස් යන එකටනම් මට ගොඩක් සතුටුයි...." සුනේත්‍රා පැවසුවේ අමන්දා දෙස බලමිනි....
"හ්ම්ම්ම් මමත් ආසාවෙන් යන්නේ අම්මා මට වැඩ කරද්දි වේලාව යනවා තේරෙන්නේ නෑ..."
"ඒත් ඇයි මේ කලිසම් අඳින්නේ ..දූට ලස්සන සාරි ඇන්දාම තමයි..මගේ අලුත්ම සාරි ගොඩක් ඇතී ඉන්නකෝ මම ඔයාට ලස්සන ජැකට් ටිකක් මහලා දෙන්නම්...."
"මාත් ආසයි සාරි එකට ඒත් වෙලවකට කරදරයි අම්මා..."
අශේන්ගේ කාරය වත්තේන් ඇතුලට ආවේද ඒ මොහොතේමය...
අමන්දා රොහාන්ටත් සුනේත්‍රාටත් වැඳ එලියට ආවාය...
"ගුඩ් මොර්නින්ග් පුතා..."
"ගුඩ් මොර්නින්ග් අන්කල්, ගුඩ් මොර්නින්ග් ආන්ටි...."
"පුතා කාලද ඉන්නේ..."
"ඔව් ආන්ටි..ලීලා දවල්ටත් කෑම හදල දුන්නා අමාටත් එක්කම..."
"එහෙනම් හොඳ වෙලාවට අපි කෑම හැදුවේ නැත්තේ නේද දුව..."
"එහෙනම් අපි යමුද අමා..අද වැඩ ගොඩක් තියෙනවානෙ..."
"යමු අයියේ..." සුනේත්‍රාගෙනුත් සාලියගෙනුත් සමුගෙන අමන්දාත් අශේනුත් ගෙදරින් පිටවිය
වෙනදා වගේ නොව අමන්දාට අශේන් සමග තනිවු විට අපහසුවක් දැනෙන්ට වු නිසාම ඇය කතා නොකර වාහනයේ කවුළුවෙන් ඉවත බලා සිටියාය..අමන්දා ඊයේ රාත්‍රියේ දුරකතන ඇමතුම ගත් නැති නිසාත් අමන්දාගේ නිහඩ බව නිසාත් අශේන්ද වුයේ තරමක් අවුලෙනි
"ඊයේ රෑ මම කෝල් කලා ඔයාට..නින්ද ගිහිල්ලාද හිටියේ...."
"ඔව් අයියේ මම උදේ දැක්කේ..." බොරු කියන නිසා අමන්දාට අශේන් දෙස බලා එය කියන්නට නොහැකි විය..ඒ නිසාම ඇය ඉවත් බලාගෙනම පැවසුවාය...
"නංගි මාත් එක්ක තරහෙන්ද ඉන්නේ ...."
එවර නම් අමන්දා අශේන් දෙස බැලුවාය..ඒ දෙනෙත් වල වුයේ කියාගත නොහැකි දුකකි..ඇය ඒ දෙනෙත් දෙස බලාගෙනම නැතැයි කියන්නට හිස වැනුවාය...
"එහෙනම් ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ..."
"එහෙම දෙයක් නෑ ඇයියේ....අද කැන්ඩි බ්‍රාන්ච් එකේ එකවුන්ට්ස් ටික කම්ප්ලීට් කරන්න ඕනේ නේද අයියේ..." අමන්දා මාතෘකාව වෙනස් කරන්නට මෙන් පැවසුවාය...
"අහිංසකයි වගේ හිටියට පොඩ්ඩක් විතර කපටියිනේ..."අශේන්ට ඇය කළදේ තේරුන නිසා සිනාසෙමින් පැවසුවේය..අමන්දාද සිනාසෙන්නට වුවාය....
"දැන් තමයි මුහුන ලස්සන ..බුම්ගෙන ඉන්නකොට නෙමේ මැට්ටි...."
අමන්දා නැවත් සිනාසුනි..ඇයගේ හිතේ අශේන් පිලිබඳව තිබෙන හැගිම් ඇයට තවම තේරුම් ගන්නට නොහැකිය....ඇත්තටම ඇයගේ මුහුනට සිනාවක් එන්නේ ඔහු සමග කාලය ගතකරද්දි පමනයි...නමුත් අශේන් ඕනවටත් වඩා ළං වෙනවාටත් ඇය කැමති වුයේ නැත...
කාර්යාලයට ගිය පසු අමන්දා කලේ පළමුව නුවර ශාඛාවේ ගිනුම් ලේඛන පරික්ශා කිරිමය...දවල් කෑම වේලාව පහුවෙන තුරුත් ඇයට දැනුනේ නැත..අශේන්ටද වැඩ වැඩිවු නිසා ආහාර ගැනිමට මතක් වුයේ නැත.සවස 3 වන විට ඇය සියලුම වැඩ නිම කළ අතර සිතුවාටත් වඩා ඒම ගණුදෙණු වල නොගැළපිම් තිබුන අතර මෙය කාර්යාලයේ කාගේ හෝ අනුදැනුම ඇතිව සිදුවු බවක් නම් පැහැදිලිව පෙනෙන්ට විනි.
18. කොටස
අමන්දා අශේන්ට ඇමතුමක් ගත්තාය.......
"හෙලෝ අයියේ ..."
"ඔව් නංගි කියන්න..."
"අයියා හිතුවා හරි කැන්ඩි වල එකවුන්ට්ස් බැලැන්ස් වෙන්නේ නැහැ...පොඩි ගණන් වලින් නෙමේ අයියේ මිලියන ගානක වෙනසක් තියෙනවා...ඒවා හවු වෙන්නේ නැතිවෙන්න හොඳට ප්ලෑන් කරලා තමයි කරලා තියෙන්නේ....."
"ඒකත් එහෙමද..මේක එහෙනම් ලෙහෙසි පාසු කාරණාවක් නෙමේ අමා..මට පොලිසියට ඉන්ෆොර්ම් කරන්න වෙයි..මුලින්ම අපි ගිහින් බලමු ..මගේ යාළුවෙක් ඉන්නවා නුවර පොලිසියේ....කොහොමත් මම මේක අදම සීඅයිඩී එකට දෙනවා..මට හිතාගන්න පුලුවන් මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා...ඒත් සාක්ශිත් එක්ක හොරු අල්ලපුවාම ලේසියිනේ....හරි අමා එහෙනම් අපි හෙට උදේන්ම එහේ යමු...එහෙම වුනොත් මම ඔයාව කලින් අද ගෙදරට දාන්නම්...."
"අයියේ මම එන්නම ඕනේ නේද..." අශේන් සමග තනිවිමට බය වු අමන්දා එසේ පැවසුවාය....
"ඔයා අනිවාර්යෙන් යන්න නම් ඕනේ අමා..ඒත් ඇයි ඔයා එහෙම ඇහුවේ...ඔයාට අසනීපයක් එහෙම නෑ නේද..."
"නෑ නෑ අයියේ..හරි යමු එහෙනම්..."
" එහෙනම් ඔයා ඔය රිපොර්ට්ස් වල ප්‍රින්ට් අවුට් ටික ගන්න අමා හොඳද...."
අශේන් එදින හවස වේලාසන අමන්දා සමග කාර්යාලයෙන් පිටත් වුයේ පසුදින උදෑසනම නුවර යාමට සිතාගෙනය
"අයියාට රෑට කන්න ලීලා කෑම හදනවා කිව්වද.."
"කෝල් කරලා කිව්වේ නම් නෑ ඉතින් හැබැයි හදයි නේද....නැත්නම් ඉතින් කඩෙන් හරි කනවා මොනවා කරන්නද අපි ගැන හොයන්න කවුරුත් නැනේ..." අශේන් යටි ඇසින් අමන්දා දෙස බලා පැවසුවේය....නමුත් අමන්දා එයට කිසිවක් නොකිව්වාය..
"මොකද එකපාරටම සද්දයක් නැතිව ගියේ...."
"නෑ මුකුත් නැහැ...අයියේ එහෙනම් ලීලාට කෝල් එකක් දීල කියන්න කෑම හදන්න එපා කියලා..ඔයා අපේ ගෙදරින් කාලා ලීලාටත් කෑම එකක් අරන් යන්න..."
"හ්ම්ම්ම්ම් ඇත්තටමද කිව්වේ..."මනමාල හිනාවකින් අශේන් පවසන විට වර නම් අමන්දාට හිනාව පාලනය කරගන්න බැරිවුනි....
"මට පෙන්නේ මීට කලින් කවුරුත් කෑමකට ගෙදරකට කතා කරලා නැද්ද් කොහේද..."
"අපෝ නෑ කතා කරලා තියෙනවා...ඒත් ඔයා වගේ ලස්සන කෙල්ලෙක් නම් එහෙම කතා කරලා නැහැ,...."
"පිස්සු ඔයාට..."
'හ්ම්ම්ම්ම් ඔව් මටත් ඒක තේරුනා..."
අමන්දා ඇගේ මවට දුරකතන ඇමතුමක් ගෙන පැවසුවේ අශේන්ටත් ලීලාටත් කෑම සාදන ලෙසය.....අමන්දාගේ ගේ අසළ තිබු ෆැබ් එක ළග අශේන් කාරය නැවත්තුවේය...
"ඇයි මේ ෆැබ් එක ළග නතර කලේ අයියේ..."
"ගිය දවස් දෙකේම ඔයාලගේ ගෙදර ආවට මට මුකුත් ගෙනියන්නත් බැරිවුනා..ඉන්න මම කේක් එකක් අරගෙන එන්නම්..."එසේ කියා වාහනයෙන් බහින්නට ගිය අශේන්ගේ අතකින් අල්ලා අමන්දා අශේන්ව නැවත්තුවාය...
"අනේ එපා පිස්සුද අයියේ ඔයාට..."නමුත් අශේන් බැලුවෙ ඇය අල්ලාගෙන සිටි අත දෙසයි එවිටයි ඇයට තේරුනේ ඇය එකවරම අත අහකට ගත්තාය....අශේන් සිනාසීම කාරයෙන් බැස ෆැබ් එකට ගියේය....ඉන්පසු චොකලට් කේක් එකක් රැගෙන ආ අශේන් එය අමන්දාගෙ ඔඩොක්කුව මතින් තැබුවේ සිනාසීගෙනමය..අමන්දා ඔහුව රැවුවාය....
ඔවුන් අමන්දාගේ නිවසට පැමිනෙන විට රොහාන් සාලයට වී සිටියේය...
"ආ ඔයාල අද කලින් ආවද..."
"ඔව් තාත්ති...අයිය එහෙනම් තාත්තිත් එක්ක කතා කර කර ඉන්න..මම වොශ් එකක් දාගෙන එන්නම්...." අමන්දා එසේ පවසා කුස්සියට ගොස් සුනේත්‍රාට අශෙන් අරන් දුන් කේක් එකත් දී කාමරයට ගියාය....
"ඉතින් පුතා...අම්මලා පරිස්සමින් ගිහිල්ල කියලා උදේ දූට කෝල් කරලා කියලා තිබ්බා..."
"ඔව් අන්කල් මටත් කෝල් කලා....අන්කල් හෙට අමායි මායි කැන්ඩි ඔෆිස් එකට යනවා..."
"ආ අපේ දූ කිව්වා තමයි මට කැන්ඩි ඔෆිස් එකේ එකවුන්ට්ස් වල අවුලක් තීය්නවා කියලා..ඒකටද යන්නේ පුතා.."
"ඔව් අන්කල් , මල්ලි ගොඩක් මිනිසුන්ව ටක්ගාල ට්‍රස්ට් කරන්වනේ..ඉතින් මේ මිනිස්සු එකෙන් අයුතු ප්‍රයෝජන අරන්..මමත් තාම ඔෆිස් එකට අලුත්නේ මට ඒවා අල්ලගන්න තරම් කාලයක් තිබ්බේ නැහැ...කොහොමහරි අවුරුදු දෙක තුනක ඉඳන් ඕවා වෙලා තියෙනවා.."
"ඉතින් පුතා කවුද කලේ කියලා දන්නවද.."
"මෙහෙ බ්‍රාන්ච් එකේ එකවුන්ට්ස් මැනෙජර් ෂුවර් එකට මේකට සම්බන්ධයි අන්කල් මොකද එයා තමයි ෆයිනල් එකවුන්ට්ස් චෙක් කරන්නේ...ඒකට සම්බන්ධ අනිත් අයව තමයි අල්ලගන්න ඕනි....මම සීඅයිඩී එකටත් දුන්නා..පුලුවන් තරම් ඉක්මනට ඒවා විසදෙයි අන්කල්..."
"මහා පුදුම මිනිස්සු ඉන්නේ දැන් තමන් හම්බකරන් කන තැනට ඔහොම හොරවැඩ කරලා හැමදම ඉන්න බෑ ඉතින් ..."
"ඒක ඇත්ත අන්කල්..." සුනේත්‍රාද එතනට පැමිනියේ අශේන්ටත් රොහාන්ටත් තේ පිලියෙල කරගෙනය...අශේන් රැගෙන ආ කේක් එකද ඇය කැබලි කපා ගෙන ආවාය.....
"අපේ දූ ආසම කේක් තමයි පුතා ගෙනත් තියෙන්නේ නේද රොහාන්..."
"ආ එහෙමද ආන්ටි..."
"අපෝ ඔව් චොකල්ට් ෆජ් කන්න හරි ආසයි දූ..." එවිටම අමන්දා නාලා තෙත් කොන්ඩේත් කඩලා දාල කෙටි සැහැල්ලු ගවුමකින් සැරසි ආවාය...ඇය දුටු විගස අශේන්ගේ මුවේ සිනාවක් රැදුනේය.....
"දූගේ තේ එක නම් මම ගෙනාවේ නෑ.."
"හරි අම්මා මම ගිහින් ගන්නම්.."
"ඔන්න දූ ආසම කේක් තමයි පුතා ගෙනත් තියෙන්නේ..."
"එහෙමද..." අමන්දාත් ඔවුන් සමග ඉඳගෙන තේ බොන්නට විය....
"අම්මා කෑම හදලා ඉවරද..."
"ඔව් දූ තව ටිකකින් කෑම මේසෙට යවන්නම්..."
"දැන්නේ අනේ අපි තේ බිලා ඉවරවුනෙත් තව ටිකකින් කමු නේද පුතා...මම නිව්ස් ටිකක් බලන්න යන්නද පුතා..." රොහාන් එසේ පවසා ඒතනින් නැගිට්ටේය...
"හරි අන්කල් .."
" දූ මාත් කුස්සිය අස් කරලා එන්නම් දුව පුතා එක්ක කතා කරකර ඉන්න..."
"අම්මා ඉන්න මම අස්කරන්නම්...."
"පිස්සුද ළමයෝ ඔයා දැන් නාලානේ ඉන්නේ...මම අස් කරන්නම් මම තාම වොශ් දාලත් නෑනේ...." සුනේත්‍රා අමන්දාවත් අශේන්වත් තනිකර ගියාය....
"අපි පොඩ්ඩක් එළියට ගිහින් කතාකරමුද නංගි..." අමන්දාට ඔහු සමග තනිවෙන්නට උවමනාවක් නොවිය..මොකද ඇයට නොදැනිම අශේන් ඉදිරියේ ඇය අතරමං වන බව ඇයට දැන් දැනී ඉවරයි....
"මොකද මැට්ටි කල්පනා කරන්නේ..."
"නෑ...මුකුත් නෑ යමු එලියට...."
ඔවුන් එලියට ගොස් අඹ ගස යට තිබු බංකුවෙන් වාඩි වුනහ...ඇය නාලා සිටි නිසා ඇගේ කොන්ඩේන් ආ ෂැම්පු සුවඳට අශේන්ට ආස සිතුනේය..ඒ නිසාම ඇගේ දිගු කොන්ඩය අගිස්සෙන් ඔහු අතට ගත්තේය..එම ක්‍රියාවෙන් කලබල වු අමන්දා එකවරම ඔහු දෙස බැලුවාය..එවර දෙදෙනාගේම දෑස් එකට මුනගැසිනි....
"කොන්ඩේ සුවඳයි ඔයාගේ...."අශේන් ඇය දෙසම බලා පැවසුවේය..තාමත් ඔහු ඇගේ කොන්ඩයය අතහැරියේ නැත.....අමන්දා හිමින් ඔහුගේ අතේ රැදුන ඇයගේ කොන්ඩය ඇගේ අතට ගෙන ඉවත් බැලුවාය.....
"තරහද මාත් එක්ක...."
අමන්දා නැතැයි කියන්නට හිස වැනුවේ ඉවත බලාගෙනය.....
"ඔයා ඔහොම ඉන්නකොට මට ඉඹින්න හිතෙනවා අමා...." අශේන් සිතෙන් සිතුවේය.....ඉවත බලාසිටි අමන්දාගේ මුහුන ඇගේ නිකටින් අල්ලා ඔහුගේ දෙසට හැරෙව්වේය....අශේන් එවිටයි දුටුවේ අමන්දාගේ දෑසේ තිබෙන කඳුලු...
"ඇයි මේ අමා.....මම ඔයාගේ හිත රිදෙව්වද..."ඇය බිම බලාගෙන හිස වැනුවේ ඔව් කියා යි....
ඔහු ඇයගේ කඳුලු පිසදමන්නට විනි..ඇයත් නිහඩවම සිටියා විනා කිසිත් නොකිව්වාය....
"මට සමාවෙන්න නංගි බබෝ....අපි යමු දැන් ඇතුලට...." ඇය ඔහු ළග සංවේදි වන බව ඔහුට දැනෙන්ට විය...ඇය කෙරෙහි තිබෙන ආදරය නිසාම ඔහුට ඇයව තවත් රිදවන්නට උවමනා නොවිය...ඇය දැන් සිටින තත්වය ඔහු හොඳින් තේරුම් අරගෙන සිටියේය.... මතුදවසක ඇයත් ඔහුට ආදරය කරාවී යයි ඔහුට සිතුනේය..ඉන්පසු ඔවුන් දෙදෙනාම ඇතුලට ගියහ..රාත්‍රි අහාරයෙන් පසු අශේන් ඔවුන්ගෙන සමුගෙන ගියේ හෙට පාන්දර නුවර යාමට අමන්දාව රැගෙන යන්නට එන බව පවසමින්ය....අශේන් ගෙදරට ගියද, අමන්දාට දුරකතන ඇමතුමක් ලබා නොදි ඉන්න තිරනය කලේ ඇයගේ සිත තවමත් දුකෙන් ඇතැයි සිතු නිසාය....අමන්දාද හවස සිදු වුන දේවල් සිහිකර කර සිටියාය .....
This comment has been removed by the author.
ReplyDeleteMeke anith tika ko affa mechcharaida novel eka
ReplyDelete