සිංදු කතා... "තරුද නිදන / මලක් වුනේ..."
01 කොටස
සුදු පාට සාරියකින් සැරසුනු ජානදී මග බලාගෙන සිටියේ ආමන්ත පැමිනෙන තුරුය...එකවරම ඇයට ඇසුනේ ඔවුන්ගේ නිවාස සංකීරනය අසලවු නිවසකින් ඉතාමත් හයියෙන් වාදනය වන සංගීතයකි ....ආමන්ත නොපැමිනිම නිසා කලබල වි සිටි ජානදීට ඇතිවුනේ මහත් කේන්තියකිනි..ඇය ගොස් දොරට තට්ටු කළත් ඒ ශබ්දය නිසා කිසිවකු දොර ඇරියේ නොමැති බැවින් ඇය දොර ඇරගෙන ඇතුලට ගියාය...පාටියක් වු බැවින් ලයිට්ස් නිවා දමා තිබු අතර ඩීජේ එකේ දමා ඇති තිබු ලයිට්ස් පමනක් දැල්වු අතර එහි වු සියලු දෙනාම පිස්සන් වගේ නටමින් උන්හ..එකවරම ජානදීගේ ඇගේ කිසිවකු හැප්පුනු අතර වැටෙන්නට ගිය ජානදීව කවුරුන් හෝ අල්ලාගත්තේය..වැටෙන්නට ගිය නිසා බියවු ජානදී බයටම දෑස් පියාගත්තාය...නමුත් ඒ වනවිටත් ශෙහාන්ගේ ශක්තිමත් දෑත්වලින් ජානදී අල්ලාගෙන සිටි අතර.....අඳුරේ වුවද ජානදීගේ පැහැපත් මෙන්ම සුන්දර වත දෙස ශෙහාන් බලාසිටියේ අතරමං වුවකු මෙන්ය...එකවරම ජානදීගේ දෑස් විවර විය..ඒත් සමගම නිවා දමා තිබු විදුලි බුබුලු දැල්වෙන්නට විනි. ඇය ඉදිරියේ වු බළල් ඇස් දෙක දැක කලබලයට පත්වු ඇයට පසුවයි දැනුනේ එම තැනැත්තාගේ දෑත් වලට ඇය සිරවී සිටින බව..එකවරම ඇය ඔහුගෙන් මිදුණාය...
"මේ ..මේ ...ගෙ...ද...ර අයිති කාටද..." ජානදී වෙව්ලමින් ඇසුවාය...
"ඇයි අහන්නේ ඔයාට ගන්න ඕනේද් මේ ගේ ඔයාට ඕනේ නම් මම අනිවාර්යෙන්ම දෙනවා මොකද ඔයා වගේ ලස්සන කෙනෙක්ට බෑ කියන්න බෑනේ..." ශෙහාන් සිනාසෙමින් පැවසුවේ ඇය වටේ කැරකෙමින්ය...
"පි..ස්..සු..ද ඔයාට????...."
'පිස්සු හැදෙන්නේ නැතිව තියෙයිද අනේ ..." ශෙහාන්ගේ විහිලු දරාගන්න බැරිවු ජානදී ඔහුට රවන්නට විය...ඇයට මෙම නිවසට ආව මෝඩකම යයි සිතුනි...
"ඇයි මිස් මේක මගේ ගෙදර...."කුස්සිය දෙසින් ආ තරුණියක් පැවසුවාය...
"පොඩ්ඩක් සද්දේ අඩු කරන්න පුලුවන්ද ..මගේ ගෙදරට අමුත්තෝ වගයක් ඇවිත්..."
"සොරි මිස් අපි වොලුයුම් අඩු කරන්න..." ඉන්පසු යන්නට හැරුනු ජානදී නැවත් හැරි ශෙහාන්ට රැවුවාය..නමුත් ඔහු නම් සිනාමුසු මුහුනින් ඇය දෙස බලා සිටියේය....ඇය ගිය පසු දිගු සුසුමක් හෙලු ශෙහන් එකවරම බැලුවේ ටානියා දෙසය..එනම් මේ ගෙදර අයිතිකාරයා මෙන්ම ශෙහාන්ගේ හොඳම යාළුවා,...ඔහුගේ නර්තන කණ්ඩායමේ සහායිකාව දෙසය....ඔහු බලද්දිම ඇයට තේරුනා හේතුව ඒ නිසාම ඇය සිනාසුනාය...
"කව්ද මචෝ ඒ සුරංගනාවිය..ලයිට්ස් ඔෆ් කරලා තියේද්දි මන් දැක්කේ මගේ අත උඩට හඳක් වැටිලා ඉන්නවා වගේ..."ශෙහාන් පිස්සුවෙන් වගේ කියවන්නට විනි...
'ඒයි මැට්ටො පිස්සුද තමුසේට..ඒ මනුස්සය බැඳලා ළමයෙකුත් ඉන්නවා...මේ ළගදි මෙහෙට ආවේ..."ටානියා පැවසුවේ ශෙහාන්ට්ගේ හිසට ටොක්කකුත් අනිමින්ය...
"සිරාවටම බොරු කියන්න එපා බං..." එහි වු අනිත් අයද පුදුම වුයේ ඇය බැඳලා ළමයෙකුත් සිටින බව පැවසු නිසාය....
අවුරුදු 29ක් වු ජානදී ලාවන්‍යා සමරදිවාකාර,.... මෙවර නැගීඑන තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානය දිනාගත් ආමන්ත සඳරු සමරදිවාකරගේ බිරිඳ වුවාය....එමෙන්ම පුංචි කෙනන්ගේ මවයි....ආමන්ත පොඩි තැනක සිට දියුණු වු පුද්ගලයෙකි ..අවුරුදු හතරක් පමණ ආදරය කළ ඔවුන් විවාහ වුයේ මීට වසර හතකට පෙරය.....ඉන්පසු ඔවුන්ගේ කැදැල්ලට ආ පුංචි කෙනන් සමග සතුටින් කල් ගෙවු ඔවුන්ගේ ජීවිත රටාවන් වෙනස් වන්නට වුයේ ආමන්ත ධනවත් ව්‍යාපාරිකයකු වු පසුය..........කොළඹ නගරයේ සුඛෝපභෝගි නිවාස සංකීර්නයක නිවසක් ,.ගෙදරට වැඩවලට උදව්වට කාන්තාවක් , සුඛොඉපභෝගි වාහන මෙන්ම , සියලුම සැපසම්පත් ජානදීට හිමිවුවත් ,...ආමන්ත ඇගෙන් දුරස් වන්නට වුයේ ඔහුගේ වැඩවල අධික කාර්යබහුලත්වය නිසාමය...ජානදීට හැමදේම ලැබුනත් ඇයට ආමන්ත ළග නිතරම රැදෙන්න්ට නොලැබිම නිසා ඇය සිටියේ බොහෝ සේ සිත් තැවුලෙන්ය...නමුත් ඈ සියල්ල නිහඩවම දරාගෙන සිටියාය..මේ දවස්වල කෙනන්ද පාසලේ කඳවුරක මාසික පුහුනුවක් සඳහා සහභාගි වී සිටියේය...
අද ඇයත් ගෙදර පැමිනි සිටි අමුත්තනුත් සුදානම් වී සිටියේ ව්‍යාපාරික සම්මාන උළෙලක හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය රැගෙන එන ආමන්තව පිලිගැනිමටය......
කලබලවි නැවත නිවසට පැමිනෙන විට ආමන්ත පැමින සිටිය අතර නොයෙකුත් මාධ්‍ය ආයතනද පැමින තිබුනි.....
"මිස්ටර් සමරදිවාකර ඔබ අද ව්‍යාපාරික ලෝකයේ තරුණ ව්‍යාපාරිකයෙක් විදියට ගොඩාක් ඉදිරියට ඇවිත් තියෙන්නේ ..මොකක්ද ඇත්තටම ඒකේ රහස..."
"හ්ම්ම්ම් ඇත්ත්ටට ඒකේ රහස තමයි මහන්සි වෙලා වැඩකරන එක...මගේ කැපවීම..මම මේ ඉන්න තැනට ආවේ මගේ තනි උත්සාහයෙන්.." එය ඇසු සැනින් ජානදිගේ මුහුණ වෙනස් විය....මන්ද ජානදි බලාපොරොත්තු වුනේ ඔහුගේ ජයග්‍රහණ වලට ඇය කරන කැපවිම ගැනත් ඔහු සඳහන් කරයි කියලා....එතනට පැමිනි සිටි ජානදීට ඊර්ශ්‍යා කළ ආමනතගේ යාළුවන්ගේ බිරින්දෑවරුන්ට නම් එය සිනාසි සතුටු වන්නට කාරණයක් විය....
"අපි හිතුවේ මේ ඔක්කෝම ආමන්තට ලැබුනේ ජානදී නිසා කියලා නේද..."එතන සිටි නතාශා පැවසුවේ ජානදීට ඇසෙන්නටය......මේ සියල්ල ඇය නිහඩව විඳ දරාසිටියාය....පිලිගැනිමේ සාදය අවසන් වු පසු සියලු දෙනා නික්ම ගියහ...
ජානදී ඇග සෝදාගෙන පැමිනෙන විට ආමන්ත සිටියේ ව්‍යාපාරිකයකු සමග ස්කයිප් ඇමතුමකය.විනාඩි තිහක් පමණ ඇය ඇඳට වී බලාසිටියේ ආමන්ත එනතුරුය....ඇඳට ආ ආමන්ත ඇලවී දෑස් පියාගත්තේ ජාන්දීවත් ගනන් නොගෙනය...ජානදීට දැනුනේ දරාගත නොහැකි දුකකි....
"ආමන්ත අපි පොඩ්ඩක් කතාකරමුද...."
"අනේ ජානදී හෙට කතාකරමුද අපි ..මට අද ගොඩක් ටයර්ඩ්....." දිගු සුසුමක් හෙලු ජානදී ද ඉන්පසු දෑස් පියාගත්තාය.....නමුත් නින්ද ඇය අහලකවත් නොවීය අතීතයේ ආමන්ත , ජානදීට ආදරය කළ අයුරු සිහිකර ජානදී අඩන්නට විනි....
තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුලින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ....
පිනි විසිරෙන විට වටහගනු මැන
දෙනෙතින් කඳුලැලි ගලන තරම්
රැහැයි හඩන විට හඳුනාගනු මැන
රෑ තුන් යාමේ හඩන හැඩුම්.......
සුළග නොවේයි මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුන කුසුම්
මේ අතර දෑස් පියා ඇඳේ ඇලවී උන් ශෙහාන්ට නම් නින්ද අහලකවත් නොවුයේ, ජානදී රුව මැවි මැවි පෙනුන නිසාය...."හා පැටියෙක් වගේ බයවුන ඒ ඇස්....ශිට් ඔයා වෙන කෙනෙක්ගේ වුනේ කොහොමද බබෝ....අද වෙනකම් වෙන කිසිම කෙල්ලෙක් වෙනුවෙන් මේ හිත මෙච්චර වද වින්දේ නෑ....ඇයි කියන්න ඔයා මට කලින් මීට් වුනේ නැත්තේ...." ශෙහාන් පිස්සුවෙන් මුමුනන්ට විය.....ඔහු ඇයට වඩා අවුරුදු පහකින් බාල වුවත් ඒ බවක් ඇයගේ රුවෙන් නම් දිස්වන්නට නොවිය..
"ආමන්ත ..."
'ඔව් කියන්න..."
"අපි ගමේ ගිහින් එන්න යමුද හෙට....."
"මේ හදිස්සියේ මොකද..."
"හදිස්සියක් නෑ...පුතත් නැති නිසා මට පාළුයි ඒකයි..."
"අනේ සොරි ජානදී ..මේ දවස් ටිකේ නම් මට කිසිම ෆ්‍රී එකක් නෑ...අපි පස්සේ යමු..."
"මොනවද ආමන්ත ..මම හැමදාම ගමේ යමු කිව්වාවම ඔයා වැඩ කිය කිය මග අරිනවා..."
"මේ බලන්න ජානදී මම මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙනුයි පුතා වෙනුවෙනුයි ප්ලීස් මාව පොඩ්ඩක් තේරුම් ගන්න....."
ආමන්තගේ සිත රිදවන හැසිරිම් නිසා හිත රිදවගෙන් සිටි ජානදී සුදානම් වුයේ මුහුද අසලට ගොස් මොහොතක් ගතකර සිත සැහැල්ලු කරගැනිමටයි....පහළට යන්නට ගිය ඇයට විදුලි සෝපානයෙදී ටානියා මුනගැසිනි...
"ගුඩ් මොර්නින්ග් මිස් අනේ ඊයේ වුන දේට සොරි අගෙන්..."
"හ්ම්ම්ම් ඉට්ස් ඔකේ...."
"මම ටානියා මිස්ගේ නම මොකක්ද..."
"මම ජානදි...."
"මිස් මේ කොහේ යනගමන්ද...."
"මම පොඩ්ඩක් බීච් එක පැත්තට යන්න කියලා..."
"එහෙමද...කම්මැලිකමටද යන්නේ....පුතාව දැක්කෙ නෑනේ ටික දවසකින්..."
" පුතා සමර් කෑම්ප් එක්කට ගිහින් මාසයකට...එයා නැති නිසා තමයි ගොඩක් කම්මැලි....ඔයා කොහේද යන්නේ..."
"මම යන්නේ ඩාන්සින්ග් ක්ලාස්..."
"ඩාන්සින්ග්....මමත් ඩාන්සින්ග් කරලා තියෙනවා..මම ඩාන්සින්ග් වලට ගොඩක් ආසයි..."
"වාව් මරුනේ...එහෙනම් යමු මාත් එක්ක අපේ ක්ලාස් එකට...මායි මගේ යාළුවෙක්ගේයි තමයි ක්ලාස් එක..."
"එහෙමද....කමක් නැද්ද මම ආවාට..."
"අපෝ කමක් නෑ..එහෙනම් යමු නියමයි....අනික තමයි මිස් ජානදී මම ඔයාට කියන්නමයි හිටියේ ඔයා ගොඩක් ලස්සනයි ඔයාට ස්කූල් යන පුතෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ...."
"එහෙමද ...තෑන්ක්යු ටානියා..." ජානදී සිනාසි පැවසුවාය..ඇය එම කතාව ඇසු පලවෙනි වතාව මෙය නොවේ ..බොහො දේනා ඇයට පුතෙකු සිටින බව පැවසු විට පුදුම වෙති...
"අම්මෝ අද නම් ශෙහාන්ට නින්ද යයි..." ටානියා සිතින් සිතුවාය....
ටානියා නැටුම් පංතියට යන විට ශෙහාන් පැමිණ සිටියේය..එකවරම ජාන්දී දුටු ඔහු දෑස් පොඩි කලේ මෙය ඇත්තක්ද නැතිනම් හීනයක්ද වග තහවුරු කරගැනිමට මෙන්ය..මේ අතර ජානදීද ශෙහාන් දුටු විගස භියවී පුදුම වී බලාසිටියාය....
"ටා..නියා මෙයත් ඩාන්සින්ග් ක්ලාස් එනවද..."
"ඔව්නේ මෙයයි මායි තමයි ක්ලාස් එක කරන්නේ...භය වෙන්න එපා මිස් එයා ඒදා මිස්ට විහිලු කලාට ශෙහාන් හරි හොඳ ලමයෙක්....ඒ එයාගේ හැටි...." ටානිටා ජානදීගේ අතත් අල්ලගෙන ශෙහාන් ළගට පැමිනියාය...ශෙහාන් සිනාමුසු මුහුනින් ඇය දෙස කන්න වගේ බලාගෙන සිටි අතර ජානදී නම් එවර සිටියේ ඔහුට රවාගෙනය...
"ටානියා මම හීනයක් නෙමේ නේද මේ දකින්නේ..මාව පොඩ්ඩක් කොනිත්තන්නවකෝ...." එවර ජානදි කට ඇඳ කර සිනාසුනාය...
"ඔයා කලින් කිව්වා නම් ක්ලාස් එක මෙයාගේ කියල මම කීයටවත් එන්නේ නෑ ටානියා...."
"ඇත්තද මැඩම්....ඔයාව අපේ ඩාන්සින්ග් ක්ලාස් එකට සාදරයෙන් පිලිගන්නවා.." ශෙහාන් දනහිස නමා පැවසුවේ ජාන්දීත් ටානියාත් සිනාසෙද්දිය....
එදින ජානදී ඇගේ සිතේ තිබු සියලු දුක අමතක වෙනතුරු නර්තනයේ යෙදුනාය...ඈ සිටියේ ගොඩාක් සතුටින්ය...
"ජානදී ඔයා ඇත්තටම ලස්සනට ඩාන්ස් කරනවා..ඔයාට පුලුවන් නම් ටානියා එක්ක අනිත් දවස්වලටත් එන්න ප්ලීස්..."
"මම බලන්නම් ශෙහාන්..."
"ජානදී ඊයේ රෑ වුන දේවල් ගනන් ගන්න එපා ඒ මගේ හැටි...මට සමාව දෙනවා නේද්" ඔහු අත් දෙක වැඳගෙනම පැවසුයේය...
"ඉට්ස් ඔකේ ශෙහාන්...දැන් මම යන්න ඕනේ ..පුලුවන් වූනොත් මම එන්නම් හෙට..."
"එහෙනම් අපි අද ඉඳන් හොඳ යාළුවෝ ඔකේ...'
"ඔකේ සර්..." ඇය සිනාසෙමින්ම පැවසුවාය....
ආමන්ත එන්නට කලියෙන් ජානදී ගෙදරට පැමිනියාය....ඇය නැටුම් ක්ලාස් යන්න අවසර ඉල්ලුවොත් ආමන්ත බනිවි යයි සිතා ඇය ඔහුට නොකියා නැටුම් ක්ලාස් යන්න සිතාගත්තාය..."සොරි ආමන්ත ඔයාට කියන්නේ නැතිව මම හොරෙන් ඩාන්සින්ග් ක්ලාස් යනවට..ඔයාට මම මේ ගැන කිව්වොත් ඔයා මට යන්න දෙන එකක් නෑ....මට ගෙදරටම වෙලා මෙහෙම ඉන්න ගියොත් පිස්සු හැදෙයි....ඔයා දන්නවනේ මම ඩාන්සින්ග් වලට කොච්චර ආදරේද කියලා...මගේ හිතේ තියෙන මේ දුක ටිකක් හරි අඩු වෙයි ඒකෙන්......" ජානදී සිතෙන් සිතුවාය....
මෙලෙස ජානදී, ටානියා සමග හැමදාම වගේ නැටුම් පංතිවලට සහභාගි වුන අතර ජානදීත් ශෙහානුත් හොඳ මිතුරන් බවට පත්විය....ශෙහාන් ජානදී දුටු මුල් දවසේම ඔහුට දැනුනා ජානදී ඉන්නේ සතුටින් නෙමේ කියලා, ඒ නිසාම නිතරම ජානදීගේ මුහුණට සිනාවක් රඳවන්න ඔහු නිතරම කටයුතු කලා, ඒවගේම තමයි ඔහුගේ සිත කෙමෙන් කෙමෙන් ජානදීට ආදරය කරන්නත් පටන්ගත්තා, ඇය අන්සතු වුනත් ඔහුට එය ප්‍රශනයක් වුනේ නෑ...ජානදී නිසා ඔහුත් ජිවිතය ගැන සුභවාදිව සිතන්න්නත් සතුටින් ඉන්නත් පුරුදු වුනා... .මේ අතර ජානදීත් නැටුම් පංතිය නිසා මෙන්ම ශෙහාන් නිසාත් පසුවුයේ ඉමහත් සතුටකින්ය...නමුත් ඇය ශෙහාන් ගැන සිතුවේ හොඳම යාළුවෙක් ලෙස පමනයි මොකද ඇය ආමන්තට බෙහෙවින් ආදරය කළා......
"ජානදී දන්නවද මගේ ලොකුම හීනය මොකක්ද කියලා..."
"නෑ..."
"මට ඕනේ ලංකාවේ බෙස්ට්ම කරියෝග්‍රැෆර් වෙන්න...හැබැයි මට එකට මගේ හැකියාව පෙන්නන්න හොඳ ඔපචුනීටි එකක් ඕනේ ජානදී..."
"ඉතින් ඔයා ඒ ගැන හොයල බැලුවේ නැද්ද...."
"හ්ම්ම්ම් හොයලා බැලුවා....මගේ යාළුවෙක් කිව්වා ළගදිම සෙට් වෙයි කියලා චාන්ස් එකක්...ලොකු කම්පනි එකකින් ඩාන්සර්ස්ලාට ස්පොන්සර් කරනවලු..ඉතින් ළගදිම ඉන්විටෙශන් එකක් එයි කිව්වා එයාලගේ ප්‍රොගැර්ම් එකක පර්ෆොම් කරන්න..."
"එහෙනම් අනිවාර්යෙන් ඔයාට චාන්ස් එකක් ලැබෙනවමයි..මොකද ඔයා ගොඩක් ටැලන්ට්ඩ්.."
"ඇයි මම විතරද ඔයත් එහෙම තමයි...ඒ විතරක් නෙමේ එහෙම මට අවස්ථාවක් ලැබුනොත් එකේ ක්‍රෙඩිට් එක ඔයාටත් ලැබෙනවා මොකද ඔයා මීට් වුනාට පස්සේ මට පුදුම ශක්තියක් ලැබුනා මගේ ටාගර්ට් එකට යන්න..."" ඇය සිනාසුනාය.....
ඇගේ සොඳුරු සිනාව දෙස බලා ශෙහාන් කල්පනා කරන්නට විනි....
මලක් වුනේ ඇයි නුබ මට
ජිවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජිවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ
ජිවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
සහන් ගීතිකාවක් සේ
ජිවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනමු කෙලෙසින්....
"ජානදී ඔයා අද එළියට ගියාද..."
"ආ ඔ...ව් මට ඔයාට කියන්න බැරිවුනා.." ඔහුගේ වදන් වලට බියවු ජානදී පැවසුවාය...
"මගේ යාළුවෙක් ඔයාව දැකලා තිබ්බා ඒකයි ඇහුවේ..."
"එහෙමද...."
"හ්ම්ම්ම් ජාන්දී හෙට අපේ සෙරමනි එකක් තියෙනවා හවසට ඔයා යන්න රෙඩි වෙන්න ඕකේ....පුතා කතා කරාද අද..."
"ඔව් උදේ කතාකලා..ඔයාව ඇහුවා..."
"එහෙමද මම හෙට උදේට කෝල් එකක් දෙන්නම්...."
ආමන්තගේ වදන් වලට බියවු ජානදී නැවත් නැටුම් පංති නොයා ඉන්න තීරනය කලාය....
පසුදින ජානදීගේ නොපැමිනිම නිසා ශෙහාන් පසුවුයේ දුකෙනි..මෙතෙක් කල් ඔහු බලා සිටි අවස්ථාව අද දින හවස ඔහුගේ නර්තන කණ්ඩායමට ලැබුනු පව ජානදීට පවසන්නට ඔහු මග බලා සිටියේය..මන්ද ඔහුට එතනට එන්න ඇය වචනවලින් නිතරම දිරි ගැන්වු නිසාය.....
එදින හවස ජානදීත් ආමන්තත් මෙන්ම ඔහුගේ අනෙකුත් මිතුරන්ද නතාශා ඇතුලු තවත් කාන්තාවන් කිප දෙනෙක් සමග උත්සවය පැවති හෝටලයට පියනගන්නට විය...එකවරම ඇය දුටුවේ හෝටලයේ ලොබි එකට වී ඇය දෙස දුකෙන් බලා සිටින ශෙහාන්ය...ඔහුව දුටු ගමන් ඇය භය වුයේ ආමන්ත සිටි නිසාය..බැරි වෙලාවත් ඔහු ඇවිත් ආමන්ත ඉදිරියේ කතාකරහෝත් ඇයට බැනුම් අසන්නට වෙන බව දැන ඇය ඔහු නොදැක්කා සේ ඉඳ ආමන්තගේ අත තදින් අල්ලගත්තාය...මේ සියල්ලක් බලාසිටි ශෙහාන්ට දැනුනේ කියාගත නොහැකි වේදනාවකි.....ඒ අතර ආමන්තත් ඔහුගේ යාළුවනුත් එතනින් මෑත්වී ඇතුළට ගියේ ජානදීට නතාශාලා සමග ඇතුලට එන්න බව පවසමින්ය...
"ඇමන්ඩා අර බලන්නකෝ අර හැන්ඩ්සම් බෝයි අපි දිහාම බලන් ඉන්නවා නේද..." නතාශා පැවසුවේ සමච්චලයට මෙන්ය මොකද ඇයට හොඳටම තේරුනා ඔහු බලා සිටින්නේ ජානදී දෙස බව..ඒ වදන්වලට ගැස්සුනු ජානදී ඇතුලට යන්නට ඉක්මන් කලාය...ඇය ඇතුලට යන්නට හදන විට එතනට පැමිනි ගැහැනු ළමයෙක් ඇයට කතා කරන්නට විය.
"මිස් ජානදී ඔයා මෙහේ....අනේ මිස් ජානදී ඔයාව මෙතනට එව්වේ දෙවියෝම තමයි.."
"ඇයි සමාදි..."
"අනේ මිස් පුලුවන් නම් එන්නකෝ මාත් එක්ක ..." සමාදි ශෙහාන්ගේ නර්තන කන්ඩායමේ සිටින ළමයෙකි.....ඇය කලබලයෙන් වගේ කතා කලේ කුමක් හෝ ප්‍රශන්යක් වී ඇති බව දැනුනාට ඇය හා යන්නට ජානදී භය වුයේ මේ වෙලාවේ ආමන්ත සිටින නිසාය...
"ඇයි මිස් කල්පනා කරන්නේ අනේ එන්නකෝ මාත් එක්ක..ටානියා අක්කගේ කකුල ඩැමේජ් වෙලා..." ටානියාට අනතුරක් යයි පැවසු නිසා ඇය සමාදි සමග ගියත් ඇය ගියේ භයෙන්ය....
"අනේ ජානදී බලන්නකෝ මගේ කකුල ඩැමේජ් වුනා ෆයිනල් රිහර්සල් එක කරද්දි ..."
"කෝ බලන්න ටානියා ඔයාට ගොඩක් අමාරුද..."
"චුට්ටක් විතර කැක්කුමයි..ඒත් ජානදී ඒක නෙමේ ප්‍රශ්නේ...මට අද පර්ෆොර්ම් කරන්න බැරිව යයි ශෙහාන් එක්ක...ප්ලීස් ජානදී ඔයා මේ ඩාන්ස් එක කරන්න ශෙහාන් එක්ක..ඔයාටත් ඒ ඩාන්ස් එක ප්‍රැක්ටිස් ජානදී ප්ලීස්..." ටානියා එලෙස පවස්ද්දි භය වු ජානදිට දඩිය දාමන්නටද වුවාය...
"අනේ ටානියා මට එක කරන්න බෑ..මගේ හස්බන්ඩ් ඇවිත් ඉන්නේ මාත් එක්ක..."
"අනේ බෑ කියන්න එපා ජානදී..මන් වගේම ඔයත් ශෙහාන්ගේ හොඳ යාළුවෙක් නේද..මේක ශෙහාන්ගේ හීනයේ පළවෙනි ස්ටෙප් එක ඔයා හොඳටම දන්නවා නේද ජානදී..ප්ලීස්..." ජානදී කරන්නේ කුමක්ද කියා සිතාගන්නට බැරිව ඇය නළල පිරිමදින්නට විය...ඇත්තටම ඇය දන්නවා මේ වගේ අවස්ථාවක් එනකම් ශෙහාන් කොච්චර ආසාවෙන් බලන් හිටියද කියලා..නමුත් ආමන්ත....ආමන්ත ඉස්සරහ මම කොහොමද එහෙම කරන්නේ...ජානදී කල්පනා කරන්නට විනි...ඈතින් ඇය දෙස දුක්මුසු මුහුනින් බලා සිටියෙ ශෙහාන්ය......
Comments
Post a Comment