අල්ලපු ගෙදර - හොල්මන් කතා - කෙටි කතාව 1


කතාව ආරම්භ වන්නේ 1950 ගනන් වල ජීවත් වු සතුටින් කල්ගෙවන නුවර එලියේ ප්‍රදේශයේ දුප්පත් පවුලකින්ය...ඒ ගෙදර පුංචි ලස්සන දුවකුත් ....තව බබෙක් හම්බවෙන ඉන්න අම්මා කෙනෙකුත් ඉන්නවා..ඔවුන් ඉතාමත් සතුටින් සිනාසෙනෙවා..ඒ හීනාව දොංකාර දෙනවා.....

නෙහාන් එක පාරට ගැස්සිලා ඇහෙරෙන්නේ ඒ හිනාවේ දොංකාරයත් එක්කමයි...එකවරම ඇඳේ ඔහු ඉඳගන්නේ මුලු ඇගේම දාඩිය දාගෙන....

දැන් අපි ආපහු වර්තමානයට එනවා අපි දැන් ඉන්නේ මේ 2018 හොඳද.......

"නෙහාන් මොකද බබා මේ ඔයා හීනේන් බය වුනාද..."
"හ්ම්ම්ම්ම් බයවුනේ නෑ හැබැයි අමුතු හීනයක් දැක්කේ එකයි එකපාරට ඇහරුනේ....ඔයා උදෙන්ම නැගිටලා ඇඳුම් ටික ලෑස්ති කරගත්තද සශි...."
"හ්ම්ම්ම් ඔව් අනේ එතකොට මට ලේසිනේ..කොයි වේලාවේ කලත් මම එපැයි ලෑස්ති කරන්න..දැන් ඉතින් හවසට පිටත් වෙන්න විතරයි තියෙන්නේ..."
'ඔයා බ්ලැන්කට් ඇති තරම් ගත්තා නේද සශි..නැත්නම් ඉතින් දන්නවනේ ඔයා නුවර එලියේ ක්ලයිමට් එක...."
"ඔව් ගත්තා ගත්තා..."
'වැඩියම ඕනේ නෑ ඉතින් හීටරෙත් ලග ඉන්නේ හැබැයි..." නෙහාන් ඇඳෙන් පැන් සශිව තුරුල් කරගනිමින් පැවසුවේය....
"ඇත්තද...යන්න යන්න ගිහින් ලෑසිති වෙලා හොස්පිටල් එකට ගිහින් එන්න අද ලාස්ට් ඩේ එකනේ...."

 නෙහාන් කොළඹ මහ රෝහලේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකි..ඔහුගේ දෙවන පත්වීම ලෙස ඔහුට ලැබෙන්නේ නුවර එලියේ රෝහලයි..ඔහු සශිව විවාහ කරගන්නේ මීට මාස තුනකට ඉහතදිය...නෙහාන්ගේ දෙමාපියන්ද වෛද්‍යවරුන්ය...ඔවුන් එංගලන්තයේ පදිංචිවුවන්ට..නෙහාන්ටත්, සශි සමග එහි යාමට අවස්තාව තිබුනත් කුමන හෝ හේතුවක් නිසා ඔහුට නුවර එලියේ ලැබු පත්විම අවලංගු කරන්න සිතෙන්නේ නෑ...අවුරුද්දක් හෝ එහි සේවය කර පදිංචිය සඳහා එංගලන්තයට යාමට ඔහු සිතා සිටියේය...

ඔවුන් නුවර එලියට ළගාවෙද්දි රාත්‍රි 8 පමන විය...වරුන් සඳහා වෙන්වු නිවාසයක් තිබුනද ඔහුගේ යාලුවකුගේ මාර්ගයෙන් ඔහු නව නිවසක් කුලියට සුදානම් කරගත්තේය....
"හෙලෝ ඩොක්ටර් මම දැන් නුවර එලියට ඇවිත් ඉන්නේ.."
"හෙලෝ ඩොක්ටර් නෙහාන්.... ගුඩ් එහෙනම් ඔයා ටිකක් රෙස්ට් කරන්න...හෙට උදේ 8 වෙනකොට එහෙනම් හොස්පිටල් එකට එන්නකෝ..ඔයාගේ අකමඩෙට්ෂන් එහෙම ඔකේ නේද ඩොක්ටර්...."
"ඔව් ඩොක්ටර් එහෙනම් මම උදේට එන්නම් ඩොක්ටර්..."

"බබා මේ ගෙදර ලයිට්ස්වත් දාලා නෑනේ  ඔයාට හොඳටම මතකද මේක තමයි ගෙදර කියලා .."
"ඔව් මතකයි...මේක තමයි මම ඒ මිනිහට කිව්වා ලයිට්ස් දාලා තියන්න අපි එද්දි රෑ වෙනවා කියලා...පිස්සු මිනිහෙක්..." 
එවිටම අල්ලපු ගෙදර ගෑනු ලමයෙක් කෑගහනවා ඇහුන නිසා නෙහානුත් සශිත් පුදුම වෙලා බැලුවේ අල්ලපු ගෙදර දිහායි........

"කවුද නෙහාන් කෑගහනවා...."
'ඔයා ඔහොම මම ගිහින් බලන්නම්..."
"පිස්සුද නෙහාන් ඔයාට..අපි එහේ ඉන්නේ කවුද කියලවත් දන්නේ නෑ...."
 එකවරම එම කෑගෑසිම නතර වුන අතර ඒම ගෙදර ඉඳන් එලියට පැමිනුනේ අවුරුදු 45ක් පමණ වයසැති පුද්ගලයෙකි...ඔහු නෙහාන්වත් සශිවත් දුටු පසු ඔවුන් වෙතට ආවේය...
"ඔයාලද මේ ගෙදරට අලුතෙන් ආව අය..."
"ඔව් මම ඩොක්ටර් නෙහාන් විජේසුරිය...මේ ඉන්නේ මගේ වයිෆ් සශි විජේසුරිය...."
"හඳුනාගැනිමට ලැබිම සතුටක්..මම ඩේවිඩ් අල්පොන්සෝ..." ඔහු නෙහාන්ට අතට අත දුන්න්නේය...
"මිස්ටර් ඩේවිඩ් ගෙදර කාටහරි තුවාලයක්වත් වුනාද කවුරුහරි කෑගහනවා ඇහුනා..." නෙහාන් ඇසුවේ කුතුහලයකිනි...
"හ්ම්ම්ම් තුවාලයක් නම් නෑ..ඒ කෑගෑහුවේ මගේ ලොකු දුව....එයාට මේ දවස්වල පොඩ්ඩක් සනීප නෑ....ඩොක්ටර් ගෙදර ලයිට්ස් දාල නෑ නේද..මම ටොච් එකක් ගෙනත් දෙන්නද...කළුවර නිසා ඇතුලට යන්න බෑ නේද..."
"අනේ ලොකු උදව්වක් මිස්ටර් ඩේවිඩ්..."
ඩේවිඩ් එවර පැමිනියේ තවත් කුඩා දැරියක් සමගය...
"මේ ඉන්නේ මගේ පොඩි දුව ජෙනිෆර්.." ඔහු ඇයව ඔවුන්ට හඳුන්වා දෙමින්ම ටොච් එක දල්වා ඔවුන්ට ගෙය ඇතුලට යාමට උදව් කලේය...
"හායි ජෙනිෆර්..මම සශි..මම ඔයාට ජෙනි කියලා කතාකරන්නද...." සශි ඇසුවේ ඇයව වඩාගනිමින්ය...
"හා...ඔයාගේ නම මොකක්ද..." අවුරුදු හයක් පමන වයස වු ජෙනිෆර් හුරතල් ලෙස විමසුවාය.......
'මම සශි...."
"තෑන්ක්යු වෙරි මච් මිස්ටර් ඩේවිඩ්..."
" ආ නො ප්‍රොබ්ලම් ඩොක්ටර්...මට මිස්ටර් ඩේවිඩ් කියන්න ඕනේ නැහැ..ඩේවිඩ් කිව්ව්වම ඇති..එහෙනම් ඩොක්ටර් මොනවාහරි උදව්වක් තිබ්බොත් ඕන වේලාවක කතාකරන්න..එහෙනම් අපි යන්නම්..."
"තෑන්ක්යු අගේන් ඩේවිඩ්.."
"බායි ජෙනි..."
"බායි සශි..."

"හරිම හුරතල් ළමයෙක් නේද නෙහාන්...."ඩේවිඩ් සහ ජෙනි පිටත් වු පසු සශි පැවසුවාය....
"හ්ම්ම්ම්ම් අපිත් හදමුද  ඒ වගේ හුරතල් බබේක්ව..." නෙහාන් සශිව තුරුල් කරගනිමින් ඇසුවේය....
"හදමු හදමු හැබැයි දැන් නම් බෑ..අද මහන්සි අපි වොශ් දාලා නිදාගමුද බබා...."
"අපෝ කම්මැලියා එනවා එහෙනම් නිදාගන්න වොශ් දාලා..මේ ඔයා නෙස්කැෆේ ගෙනාවා නේද බබා වොශ් දාල එකක් බීලම නිදාගමුද පට්ට සීතලයිනේ....."
"ඒක නම් හොඳ අදහසක්...."

පසුදින නෙහාන් උදෙන්ම රෝහලට පිටත්ව ගියේය..සශි ඇඳුම් අස්කරන්නට වුවාය..ඒ අතරතුර ගෙදර දොරේ බෙල් එක වැඳෙන්නට විය....සශි දොර ඇරියේ මේ වේලාවේ කවුරුන් පැමිනියේදැයි පුදුමයෙනි....දොර ඇරිය පසු එහි වුයේ ජෙනිෆර්ත් ඇගේ මවත්ය..ඇය අත කෑම පාර්සලයක්ද විය.
"හායි සශි.." පුංචි ජෙනි ඇයට ආමන්ත්‍රනය කලාය....
"හායි පැටියෝ..මේ ජෙනිගේ අම්මද"
"ඔව් මම බාබරා....මේක ගන්න ඔයාට ගෙනාවේ..."
"අනේ තෑන්ක්යු එන්න ඇතුලට ඉඳගන්න.."
"තෑන්ක්යු..දැන් එන්න බෑ පස්සේ වෙලාවක එන්නම් ..ලොකු දුව තනියෙන්...."
"එහෙනම් අනිවාර්යෙන් එන්න හොඳද..." සශි පැවසුවාය...
"සශිත් අපේ ගෙදර එනවා නේද..." ජෙනි හුරතලෙයන් ඇසුවාය...
"එන්නම් බබෝ...."

එලෙස දවස් ගෙවි ගියේ එම පවුල් දෙක හිතවත් කරමින්ය..නමුදු තව වෙන තුරු සශිත් නෙහානුත් ඩේවිඩ්ලගේ ගෙදරට ගියේ නැත එමෙන්ම ඔවුන්ගේ ලොකු දුවවද දැක තිබුනේ නැත....මේ අතරතුර නෙහාන්ටත් සශිටත් ඔවුන් රෑ කෑමකට ආරධනා කල නිසා ඔවුන් එහේ යාමට සුදානම් විය.

Comments

Post a Comment

Popular posts from this blog

සිංදු කතා... "තරුද නිදන / මලක් වුනේ..."