සිංදු කතා... "තරුද නිදන / මලක් වුනේ..."
01 කොටස සුදු පාට සාරියකින් සැරසුනු ජානදී මග බලාගෙන සිටියේ ආමන්ත පැමිනෙන තුරුය...එකවරම ඇයට ඇසුනේ ඔවුන්ගේ නිවාස සංකීරනය අසලවු නිවසකින් ඉතාමත් හයියෙන් වාදනය වන සංගීතයකි ....ආමන්ත නොපැමිනිම නිසා කලබල වි සිටි ජානදීට ඇතිවුනේ මහත් කේන්තියකිනි..ඇය ගොස් දොරට තට්ටු කළත් ඒ ශබ්දය නිසා කිසිවකු දොර ඇරියේ නොමැති බැවින් ඇය දොර ඇරගෙන ඇතුලට ගියාය...පාටියක් වු බැවින් ලයිට්ස් නිවා දමා තිබු අතර ඩීජේ එකේ දමා ඇති තිබු ලයිට්ස් පමනක් දැල්වු අතර එහි වු සියලු දෙනාම පිස්සන් වගේ නටමින් උන්හ..එකවරම ජානදීගේ ඇගේ කිසිවකු හැප්පුනු අතර වැටෙන්නට ගිය ජානදීව කවුරුන් හෝ අල්ලාගත්තේය..වැටෙන්නට ගිය නිසා බියවු ජානදී බයටම දෑස් පියාගත්තාය...නමුත් ඒ වනවිටත් ශෙහාන්ගේ ශක්තිමත් දෑත්වලින් ජානදී අල්ලාගෙන සිටි අතර.....අඳුරේ වුවද ජානදීගේ පැහැපත් මෙන්ම සුන්දර වත දෙස ශෙහාන් බලාසිටියේ අතරමං වුවකු මෙන්ය...එකවරම ජානදීගේ දෑස් විවර විය..ඒත් සමගම නිවා දමා තිබු විදුලි බුබුලු දැල්වෙන්නට විනි. ඇය ඉදිරියේ වු බළල් ඇස් දෙක දැක කලබලයට පත්වු ඇයට පසුවයි දැනුනේ එම තැනැත්තාගේ දෑත් වලට ඇය සිරවී සිටින බව..එකවරම ඇය ඔහුගෙන් මිදුණාය... "මේ...