----සිංදු කතා - ----හිමි නැති පෙමකට
"ශරන්යා මේ වීක් එකේ ප්‍රොග්‍රැම් එකේ ශූට් එකට එන කට්ටියගේ ලිස්ට් එක ලැබුනා නේද...."
"තාම නෑනේ අරුනොද් අයියා..."
"අයියෝ අරූට ඉතින් වැඩක් භාර දුන්නොත් ඔහොම්මම තමයි......ඔය කොලයක් දියන් බං මංවත් ලිස්ට් එක හදන්න....."
"මොකක්ද අයියේ මෙදා සැරේ තීම් එක...."
"ක්‍රිකටර්ස්ලා දෙන්නෙක් තමයි හිතන් ඉන්නේ ගෙන්නන්න..හ්ම්ම්ම්ම් කාටද එන්න කියන්නේ..." අරුනෝද් කල්පනා කරන්නට විනි
"අනේ අරුනෝද් අයියේ එහෙනම් අපි රශෙන් ජයතිලකව ගෙන්නමුකෝ...."
"ඌ නම් හොඳයි තමයි මේ දවස්වල කෙල්ලෝ ඌට වහ වැටිලනේ ඉන්නේ ඌවයි දසුන් ජයසුරියවයි ගෙන්නමු එහෙනම්...ඒත් තමුසේ මොකද ඌව ගෙන්නන්න් කිව්වේ මට නම් ඇල්ලුවෙ නෑ ඒක..." අරුනොද් එසේ පවසද්දි ශරන්යා සිනාසෙමින් බිම බලන්නට විනි...
"කෙල්ලගේ හිනාවෙන් නම් තේරෙන්නේ ඌට ලව් වගේ කියලා...හැබැයි මං දන්න තරමින් ඌට ගර්ල් කෙනෙක් ඉන්නවා....""
" අනේ එහෙම දෙයක් නෑ අරුනොද් අයියා...මාත් දන්නවා ඉන්ස්ටා එකේ එයා ගර්ල් එක්ක ඉන්න පික්චර්ස් දාලා තිබුනා."
"හරි හරි හිටහන්කෝ මම ආවම ඉන්ට්‍රඩියුස් කරන්නම්...එහෙනම් ශමාල්ගෙන් නම්බර්ස් ඉල්ලන් කෝල් එකක් දීලා මට කන්ෆර්ම් කරනවා හොඳද...."
"හරි අයියා...."
ශරන්යා වැඩ කලේ වර්ණ ටිවී චැනල් එකේ සහයක අධ්‍යක්ශකවරියක් ලෙසය...ඒ ලෙවල් විභාගයෙන් පසු තම පියාගේ හිතවත්කමක් මත ඇයට මෙම රැකියාව ලැබුන අතර ඇය තරමක් අහිංසක මෙන්ම දෙසැරයක් හැරිලා බලන්න තරම් සුන්දරත්වයක් ඈ සතුව තිබුනා...ඈ ටීවී චැනල් එකේ වයසිනුත් බාලම සේවිකාව වු නිසාත් තමන්ගේ පාඩුවේ වැඩ කරන තැන්පත් අහිංසක තැනැත්තියක් වු නිසා එහි වැඩ කරන සියලු දෙනාම ඇයට ආදරේ කළහ..නමුත් ප්‍රඩක්ෂන් ටීම් එකේ වැඩ කරන කෙල්ලො දෙතුන් දෙනෙක් පමණක් ඇගේ සුන්දරත්වයටත් හැකියාවන් වලටත් ඊර්ශ්‍යා කළහ......ඇය ක්‍රිකට් මැච් බලන්න බොහෝ ආසාවක් දැක්වුවාය..ඒ වගේම ශ්‍රි ලංකා ටීම් එකේ නැගී එන ක්‍රිකට් ක්‍රිඩකයෙක් වු රශෙන් ජයතිලකට ඈ බොහෝ සෙයින් ප්‍රිය කලාය... ඔහුට පෙම්වන්තියක් සිටින බවද ඈ දැන සිටියද හිතින් පෙම් කරන තරමට ඈ ඔහුට ඇලුම් කළාය......
ශමාල්ගෙන් දුරකතන අංක ලබාගත් ශරන්යා මුලින්ම අංකනය කලේ රශේන්ගේ දුරකතන අංකයයි...ශරන්යාගේ හද හයියෙන් ගැහෙන්නට විය
"හෙලෝ මිස්ටර් රශේන් ජයතිලක...."
"යර්ස් ස්පීකින්ග්...."
"සර් අයැම් ශරන්යා ෆ්‍රොම් වර්ණ ටීවී ..."
"යර්ස් ශරන්යා කියන්න..." ඔහුගේ කටහඩින් ඇගේ නම ඇහෙද්දි ඇගේ කටහඩ පවා එලියට එන්නේ නැති තරම් ඇය කලබල වුනාය...
"හෙලෝ ...මම කියන දේ ඇහෙනවද..."
"ඔව් ඔව් සර් ....සර් අරුනොද්ගේ ටීවී ප්‍රොග්‍රැම් එකට ඉන්වයිට් කරන්න කෝල් කලේ..."
"ආ කවද්ද තියෙන්නේ තව කවුද එන්නේ...."
" තියෙන්නේ නම් නෙක්ස්ට් සටර්ඩේ ටෙන් තර්ටි තව දසුන් ජයසුරියත් එන්න ඉන්නවා....."
"ඒදාට නම් ෆ්‍රී ඔකේ එන්නම්...ඩ්‍රෙස් කොඩ් එකක් මොනවහරි තියෙනවද ශරන්යා...."
"එහෙම නෑ සර්...සර්ට කැමති ඩ්‍රෙස් එකක් ඔකේ...එහෙනම් සර් මම තියන්නම් බායි..."
"බායි ශරන්යා...." දුරකතනය තිබු ගමන් ශරන්යා දිගු හුස්මක් හෙලමින් සිනාසුනාය..." ඕ මයි ගෝඩ් එයා කී සැරයක් මගේ නම කිව්වද ශරන්යා සතුටින් උඩ පැන්නාය.....ඇය රශේන්ගේ ෆොන් නම්බර් එකත් ඇයගේ ෆොන් එකේ සටහන් කරගත්තාය....
රශේන්ගේ වැඩසටහන යන දිනයද ළගාවිය ශරන්යා එදින උදේන්ම නැගිට සුදානම් විය...ලා නිල් පැහැති ඩෙනිම් කලිසමට සුදු බ්ලවුස් එකක් ඇඳ නාල සිටිය නිසා කොන්ඩයද කඩාදැමුවාය......
රශේනුත් දසුනුත් වේලාවට පැමින සිටියහ.ශරන්යා වැඩසටහන සිදුකරන ස්ටුඩියෝ එකට පැමිනෙන විට අරුනොද් ඔවුන් සමග වැඩසටහන සම්බන්ධව කතාකරමින් සිටියහ.ඇය ආ විගසම අරුනොද් ඇයට කතා කලේය...ඇය එතනට යනවිටම රශෙන්ගෙත් ශරන්යාගෙත් දෑස් එකට යාවිය..රශේන්ගේ දැක්මෙන් ඒ ශරන්යාගේ දෑස් සසලවිය..ඒ බව රශෙන්ගෙත් දෑස් දුටුවේය....
"මචං මේ ඉන්නේ මගේ ඇසිස්ටන්ට් ශරන්යා..."
"හෙලෝ"... ශරන්යා දෙදෙනාටම එකවර ආමන්ත්‍රණය කලාය...
"වොයිස් එක වගේම මුණත් හඳක් වගේ ලස්ස්නයිනේ...." කවුරුත් නොසිතු පරිදි රශෙන් ශරන්යා දෙස බලා එලෙස පැවසුවේ ශරන්යාගේ මුණ දෙළුම් ගෙඩියක් තරමට ලැජ්ජාවට රතු කරමිනය..ඇය එකවරම බිම බලාගත්තාය..ඇගේ දෙතොල් පවා සැලෙන්නට විය....ඇගේ වෙනස දුටු අරුනොද්ද රශෙන්ගේ කතාවට තවත් පොහොර දාන්නට විය
"ඔව් ඉතින් එයාට තමයි මචං උබව ගෙන්නන්න ඕන වුනේ..." ශරන්යා අරුනොද් දෙස දෑස් විසල් කර බැලුවේ අසරනවය..ඒ දෑස් වල ලාවට කඳුලු එක්වී තිබුනි....ඇය බොහෝසේ අපහසුතාවයට පත්වු බව තිදෙනාටම වැටහිනි....රශේන්ද ඇගේ කඳුලු පිරි දෑස දුටු ගමන් කලබල විය..
"සොරි නංගි මම ඔයාට විහිලුවක් කලේ...."රශෙන් පැවසුවේය...
"ශරන්යා සොරි මම විහිලුවක් කලේ...කට්ටියට ගිහින් රෙඩි වෙන්න කියන්න යන්න...." අරුනොද් ද ඒසේ පැවසුවේය... ශරන්යා එතනින් ඉවත් වුනේ පපුවටත් අත තියාගනිමිනි....
"පව් බං උබලා දෙන්න ඒ ළමයාව ඇඩෙව්ව නේද...." දසුන් පැවසුවේය...
"සිරාවටම අරුනොද් එයාද මට එන්න කියන්න කිව්වේ..."
"ආ කොල්ලගේ හිතත් මොනාහරි වෙලා වගේ..මේ පස්සේ උබට කතාකරන්න සෙට් කරලා දෙන්නම්...දැන් යමු ප්‍රොග්‍රැම් එක කරමු...."
අරුනොද් වැඩසටහන සාර්ථක ලෙස නිමා කලේය...රශේන් එහෙන් පිටත් විමට පෙර ශරන්යාගෙන් නැවත් සමාව ඉල්ලුවේය..අරුනොද්ගෙන් ඇගෙන් දුරකතන අංකයද ඉල්ලා ගන්න ඔහු අමතක කලේ නෑ....නමුත් ඒ වේලාවේ ශරන්‍යාට ඊර්ශ්‍යා කරන ශෙරින් එය දුටුවාය...
"අර බලහංකෝ බං රශෙන් අරුනොද්ගෙන් අරකිගේ නම්බර් එකත් ඉල්ලගෙන ගියේ....'
"ඌට ගර්ල් කෙනෙක් ඉන්නවා බං..මොනවා උනත් ඒකිව දැක්කාම කාගෙත් සිල් බිඳෙනවා බං....."
"ඒ වුනාට බං ඒකිට හොඳ වැඩක් කරන්න ඕනේ..පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපන් ඒක් ගැන හොඳද...."
එදින හවස ඇය සිටියේ ඉතාමත් සතුටින්ය...රශේන්ගේ දෑස් ඇයට අමතක කරන්න බැරිවුනාය...ඇය කාමරයේ ඇඳට වී දෑස් පියාගෙන් ඒ මොහොත සිහිකරන්නට විය..එකවරම ඇගේ දුරකතනය නාද විය..එය අතට ගත් ඇයට ඇගේ නෙත් අදහගන්නට බැරිවිය....එහි රශෙන් යනුවෙන් සටහන් වී තිබුනි...ඇය වෙව්ලන දෑතින් ෆොන් එක අතට ගෙන කෝල් එක අන්සවර් කලාය...
"හෙලෝ...."
"හෙලෝ....අඳුරන්න පුලුවන්ද මාව....'රශෙන් ඇසුවේය...ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති බැවින් ඔහු නැවත ඇමතුවාය....
"හෙලෝ..ඔයා ලයින් එකේ නේද ඉන්නේ..."
"හ්ම්ම්ම්ම් ඔව්...."
"ඇයි මට ආස නම් ඔච්චරටම මට බය...."
"ආස...මම එහෙම ආස නෑ..."
"ඇත්තද මට අරුනොද් ඔක්කොම කිව්වා..."
"අරුනොද් අයියට පිස්සු..."
"අරුනොද්ට නම් මම දන්නේ නෑ එත් මට නම් අද පිස්සු හැදුනා.."
"හ්ම්ම්ම් මටත්" ඇය නොදැනිම ඇගෙන ඒ වදන් පිටවුනේ රශෙන්ව සිනාගස්සමිනි.
"නෑ නෑ මම කිව්වේ මට පිස්සු හැඳුනේ නෑ..." ඇය කලබලයෙන් පැවසුවාය...රශෙන් නැවත හයියෙන් සිනාසුනේය....
මෙලෙස රශේන් හැකිසැම විටම ශරන්‍යාට කතාකලේය..ශරන්යාද එසේමය...එය ප්‍රෙමයක් දක්වා දුරදිග යාමටද වැඩිකලක් ගත නොවිය.... ඔවුන්ට බාධාවක් ලෙස වුයේ ඔහුට විවාහ වීමට තීන්දු කර සිටින ටියානාය..ටියානාට ඔහු කලක් ඇත්තටම ආදරය කලත් ඇගේ සමහර ක්‍රියාවන් නිසා ඇයව ඔහුට එපාවී සිටියේය..එමෙන්ම ශරන්යාගේ මුනගැසිම නිසා ඔහුට කෙසේ හෝ ටියානත් සමග තිබු සම්බන්ධය නවත්වන්නට අවශ්‍ය විය.. ඔහු ටියානා සමග කීපවරක්ම කතා කර මේ සම්බන්ධය නතර කරන්නට උත්සහ කළද ... ටියානාගෙන් මෙන්ම ඇයගේ දෙමපියන්ගෙන්ද ඔහුට ගැලවිමක් නොවිය....ටියානාගෙත් ඔහුගේත් සම්බන්ධය සියලු දෙනාම දැන සිටි නිසා ශරන්යාටත් ඔහුටත් මුනගැසිමට පවා නොහැකි විය..ශරන්යාගේ තැන්පත් ගතිගුන ළග, අහිංසකකම වගේම සුන්දරත්වය ඉදිරියේ ටියානා ළග තිබු නරක ගතුගුන හැසිරිම් වඩාත් කැපි පෙන්නට වුනා..රශේන්ට පුහුනුවීම් කටයුතු පවා හරියාකාරව කරගැනිමට නොහැකි වු නිසා තරගවලදීත් ඔහුගේ දක්ෂතා පෙන්වන්නට නොහැකි විය...ඒ සම්බන්ධව ශරන්යා සිටියේ බොහෝ සිත් තැවුලෙන්ය.....ටියානාත් සිටියේ රශේන් සමග තරහකින්ය..තව ගර්ල් කෙනෙක් නිසා ඇයව රශේන් මග අරින බව දැන උන්නත් ඒ කවුද කියා ඇය දැන සිටියේ නැත...රශේනුත් ශරන්යාව මුනගැසිමට පවා නොගියේ ටියානා ඒ බව දැනගත්තොත් ඇයට නපුරක් වෙයි සිතු නිසාය....නමුත් ශරන්යාගේ ඔෆිස් එකේ සිටි ඇයට ඊර්ශ්‍යා කල අය කෙසේ හෝ ටියානට ඇය ගැන සියලු විස්තර ලබාදි තිබුනේය...එමෙන්ම ශරන්යා කාගෙවත් හිත රිද්ද්න්න කැමති කෙනෙකු නොවන නිසා ඔවුන් ටියානාට උපදෙස් දෙන්නේ ඇයට දුක හිතෙන් විදියට හැසිරෙන්න එත්කොට ඇය මෙම සම්බන්ධය නතර කරයි කියායි.....මෙලෙස ඇය ශරන්යා මුනගැසිමට ගියේ කඳුලු පිරි දෑසින්ය....
"ශරන්යා ඉස්සර මායි රශේනුයි ගොඩාක් ආදරෙන් හිටියේ..ඒත් එයා ඔයාව මුනගැහුනට පස්සේ මට ගොඩක් නපුරුකම් කලා..මාව රිදෙව්වා...මම ඒවා හැමදේම ඉවසුවා..මට රශේන්ගෙ සතුට ගැන හිතලා ඔය දෙන්නට සුභ පතලා ඈත් වෙන්න බැරිකමක් නෑ ශරන්යා ඒත්...ඒත්....මම රශේන්ට ගොඩක් ආදරේ කරපු නිසා එයාට මගේ හැමදේම දුන්නා ශරන්යා...ඉතින් මම කොහොමද තව වෙන කෙනෙක්වත් මැරි කරන්නේ ඔයාම කියන්න ශරන්යා..මම ගොඩක් අසරන වෙලා ඉන්නේ එයා මාව අතඇරලා ඔයා ළගට ආවොත් මට සුවිසයිඩ් කරගන්න වෙන්නේ ශරන්යා මට අම්මා තාත්තාටවත් මුන දෙන්න බැරිව යයි...."ටියානා අඩමින්ම පැවසුවාය...කිසිවක් අදහගත් නොහැකිව ඒ සියල්ල අසා සිටි ශරන්යාද අඩන්නට විය....
"ඔයා මුකුත් කරගන්න එපා ටියානා..මමයි ඔයාල දෙන්නා අතරට ආවේ...මම රශේන්ගෙන් ඈත් වෙලා යන්නම් ප්ලීස් ඔයා මුකුත් කරගන්න එපා...."
"තව දෙයක් ශරන්යා ප්ලීස් මම ඔයාව මීට් වුන වගක් රශේන්ට කියන්න එපා..."
"නෑ මම කියන්නේ නෑ..."
මේ අතරතුර රශේන්ද ඉන්දියාව බලා පිටත් වන්නේ තරගාවලියක් සඳහායි..
"ශරන්යා මම මේ ටුවර් එක ගිහින් ඇවිත් ඔක්කොම පිලිවෙලක් කරනවා බබා එතකම් මම එනකම් ඔයා පරිස්සමින් ඉන්න හොඳද බබෝ..ඔයාව ගොඩක් මතක් වෙනවා බබා...මම මේ සැරේ ටුවර් එක ගිහින් ආවාම මම ඔයාලගේ ගෙදර ඇවිත් කතාකරන්නම් බබා මේ ගැන හොඳද...මම ටියානටයි එයගේ පේරන්ට්ස්ලටයි යන්න කලින් කතා කරලා යන්නේ හොඳද.....මිස් යු සෝ මච් බබා..."
"මී ටූ..." ශරන්යා වැඩි යමක් නොපවසා දුරකතනය තබන්නේ කඳුලු පිරි දෙනෙතින්ය....
"මට සමාවෙන්න අයියේ මට අයිති නැති දෙයකට මම ආදරේ කලේ..ඔයාව ඇත්තටම අයිති ටියානටයි..මම ඔයාගෙන් ඈත්වුනොත් ඔයා ඉස්සර වගේ ටියානා එක්ක සතුටින් ඉඳිවි..." ශරන්යා අඩමින්ම මිමිනුවාය....
ඒ අතරතු ශරන්යා ඔහුට හොරෙන් ඇයගේ සොහොයුරු ජිවත්ව සිටින ඕස්ට්‍රේලියාවට යාම සඳහා සියල්ල සුදානම් කරගත්තාය....රශේන් කීපවරක්ම ඇගේ දුරකතනය සම්බන්ධ කරගන්න හැදුවත් බැරි වුන නිසා ඔහු සිටියේ බොහෝ කලබල වෙලයි...තරගාවලිය අවසන් වී ඔහු ලංකාවට පැමිනෙන විට ශරන්යා ඕස්ට්‍රෙලියාවට පිටත්ව ගොසින්ය......
ශරන්යා රට අතඇර ගොස් බව ඔහු දැන්ගත් පසු ඔහුට ඇතිවන්නේ කෙන්තියක් සමගම ලොකු දුකක්..කරන්නේ කුමක්ද කියාවත් ඔහුට සිතාගන්නට නොහැකි තරම් ඔහු මානසිකව වේදනා වින්දේය...අරුනොද්ගේ මාර්ගයෙන්වත් ඇයව සම්බන්ධ කරගැනිමට ඔහුට නොහැකිවිය..."ටියානා දන්නෙත් නෑ ශරන්යා ගැන එයා මුකුත් කිව්වා වෙන්නත් බෑ..ඇයි මගේ පැටියෝ ඔයා මාව දාල ගියේ මට හිතාගන්නවත් බෑ....මගේන් වැරද්දක්වත් වුනාද......"බැරිම තැන ඔහු ශරන්යාගේ දෙමාපියන් මුනගැසෙන්නට ගියේය.....
"අපි දුවට කටයුත්තක් කතා කරලා තියෙන්නේ පුතා....දුව අපිට පුතා ගැන විස්තර කිව්වා..ඒත් තව දරුවෙක්ගේ ජිවිතයක් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑනේ ළමයෝ..අපිට දුව කිව්වා පුතාගේ කලින් සම්බන්ධය තියෙද්දිමයි මේ සම්බන්ධය පටන් ගත්තේ කියලා..දැන් නම් එයා ගොඩක් හිත හදන් ඉන්නේ ඕස්ට්‍රෙලියාවල අපේ නෑයෝ ගොඩක් ඉන්නවා..දුගේ අයියාගේ ෆැමිලි එකත් ඉන්නේ එහේ..එහෙ ඉන්න අපේ නෑ වෙන පුතෙක්ට අපි එයාව කතා කලා දුවත් ඒකට කැමති වෙලා ගියේ...." අශේන් එහෙන් පිටවෙන්නේ දරාගත් නොහැකි දුකකිනි....
'කමක් නෑ බබෝ ඔයා සතුටින් නම්....ඒත් ඔයාට මම එනකම් ඉන්න තිබ්බා නේද්..මම පොරොන්දුවුනා නේද ඇවිත් මේ ඔක්කෝම විසඳනවා කියලා...."
"නංගි කල්පනා කලා ඇති දැන් ඔයා...මාස තුනක් යන්න කලින්ම ඔය ලස්සනට ටියානාව මැරි කරල තියෙන්නේ....තමුසෙත් දැන් මැරි කරන්න රෙඩි වෙනවා..මෙහෙට ආවට පස්සේ ප්‍රොපොසල්ස් නම් කීයක් ආවද..." ශරන්යාගේ නෑනා වන අමායා ඒසේ පැවසුවාය
"මමයි අක්කි එයාව දාල ආවේ අනික මම අම්මිටයි තාත්තිටයි කියන්න කියපු බොරු නිසා එයා හිත හදාගන්න ඇති...මොනවා වුනත් ටියානාත් පව්නේ අක්කි..."
"ඒ වුනාට බලනවකො ඒකිගේ හැටි වෙඩින් ඩ්‍රෙස් එකෙන් භාගයක්ම එලියේ...රශේන්ට ගැලපෙන්නෙ ඔයා වගේ ලස්සන චුටි අහිංසක කෙල්ලෙක් නංගි...දැන් ඉතින් ඔවා ගැන කතා කරලා වැඩක් නෑ...."
කාලය සෙමෙන් සෙමෙන් ගත්විය..ශරන්යා ඕස්ට්‍රෙලියාවට ඇවිල්ලත් දැන් මාස අටක්...කොච්චර විවාහ යෝජනා ආවත් ශරන්යා කැමති වුනේ නෑ...ඇයගේ සොහොයුරාගේ පුංචි දුවත් සමග ඇය නිතරම කාලය ගතකලේ එවිට ඇගේ හිතේ තියෙන දුක අමතක වෙන නිසයි... ඒ අතරතුර ශ්‍රි ලන්කන් ටීම් එක ඕස්ට්‍රෙලියාවට පැමිනෙන්නේ තරගාවලියකට සහභාගි වීම සඳහායි....
"අන්න අයියා මැච් එක බලන්න ටිකට්ස් අරන් ඇවිත් අනිද්දට තියෙන්නේ ...රශෙනුත් ප්ලේ කරනවලු...."අමායා පැවසු විට ශරන්‍යාට දැනුනේ පුදුම සතුටක්...
"අක්කි එයාගේ වයිෆ් ඇවිල්ලද දන්නේ නෑ නේද..."
"ඒක නම් දන්නේ නෑ කෙල්ලේ.."
"අපි යමු අක්කි අඩුම තරමේ මට ස්ක්‍රින් එකෙන්වත් එයාව ලයිව් බලන්න පුලුවන් නේ...."
ටොස් එක දිනන්නේ ශ්‍රි ලංකාවේ ටීම් එක නිසා මුලින්ම ෆිල්ඩ් කරන්න එන්නේ එයාලා...රශේන් ග්‍රවුන්ඩ් එකට එනකොට ශරන්යාගේ දෑස් කඳුලිවලින් පිරෙන්න වැඩි කාලයක් යන්නේ නෑ..ඒක දැකපු අමායාටත් දුක හිතුනා....ග්‍රවුන්ඩ් එකේ සියල්ල්ලොම ලංකාවේ ටීම් එකට චීයර් කරන්න කෑගෑසුහ....
"මම දන්නවා බබා ඔයා මාව බලන්න ඇවිත් ඇති..සමහරක්විට ඔයාගේ හස්බන්ඩ් එක්ක ඇවිත් ඇති ඒත් ප්ලීස් එක සැරයක් මාව ඇවිත් මීට් වෙන්න..." පැවිලියන් එකට දැස් යොමු කරමින් රශේන් දුකෙන් මිමිනුවේය..........
හිමි නැති පෙමකට
ඉකිබිඳ හැඩුමට
සිත මගේ බොළද වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත් යොමුවී
කිරිල්ලියක ලෙස ඉගිලි එන්නට
සිතේ අත්තටු නැතද මැවී
වරම් නොවෙ මට ඔබ හමුවන්නට
ඈතින් ඉඳ හිනැහෙනු මැනවී.....
Comments
Post a Comment