----සිංදු කතා---"සොදුරු අතිතයේ නිමල පැතුම වී..."



එදින පැවති තරගයේදී රශේන් විසින් ලබාගත් අසුහතක ලකුණු ප්‍රමාණය ලංකාව ජයග්‍රහනය කරා රැගෙන යාමට හේතුවිය...

"අද නම් රශෙන් නියමෙට ප්ලේ කලා නේද ඒයි..." අමායා පැවසුවේ තරගය නිමවී ගෙදර යන අතරතුරය....
"හ්ම්ම්ම් ඔව් මට හොඳටම ෂුවර් මෑන් ගෙස් කලා නංගි මැච් එක බලන්න ඇවිත් ඉන්න ඇති කියලා...මොනවා උනත් මෑන් නංගිට ඇත්තටම ආදරේ කරලා තියෙනවා....ඒ අතින් බලනකොට ඔයා කරපු දේ වැරදියි නංගියි...ඔයාට එයා එක්ක මේ ගැන කතා කරලා තීරනයක් ගන්න තිබ්බා...කවුද දන්නේ අර ගර්ල් කියපු දේවල් ඇත්තක්ද බොරුවක්ද කියලා...."
"මාත් ඒක තමයි නංගිට කිව්වේ ..මම නම් කියන්නේ රශේන් මෙහෙ ඇවිත් ඉන්න එකේ එයා එක්ක කතා කරලා සමාව අරගෙන ඒක ඉතින්  ඉවර කරලා මැරි කරන්න රෙඩි වෙන්න කියලා අපි කතා කරන කෙනෙක්ව...අම්මයි තාත්තයි ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නංගි...."
"හ්ම්ම්ම් ඒක ඇත්තද..ඔයාට ඕනේ නම් මට මීට් වෙන්න සෙට් කරලා දෙන්න පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඔයා තීරනය කරල කියන්න නංගි...."
ශරන්‍යා ඔවුන් කියු දේවල් වේදනාවෙන් අසා සිටියා මිස කිසිවක් නොපැවසුවාය.....

තරගාවලිය අවසන් වීමට තිබුනේ තව එක තරගයක් පමනි එයද තව දින දෙකකින් පැවත්විමට නියමිත අතර ඉන්පසු ඔවුන් නැවත ශ්‍රි ලංකාව බලා පිටත් වේ....ශරන්‍යා අවසානයේ තීරනයක් ගන්නේ ඔහුව මුණ ගැසිමටය....ඒ අනුව සනුකගේ යාලුවකු මාර්ගයෙන් ඔහුගේ නිවසට රශේන්ව කැඳවිමට කටයුතු කල අතර..රශේන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ශරන්‍යා දැකගැනිමටය.....ශරන්‍යා එතනට පැමිනුන විගසම රශේන්ගේ දෑසින් කඳුලු ගලා හැලෙන්නේ සනුකවත් ඔහුගේ යාලුවාත් පුදුම කරමින්ය...ශරන්‍යාත් දෝතින් මුහුණ වසාගෙන අඩන්නේ මේ සියල්ල දරාගත නොහැකි නිසාය...ඔවුන්ට නිදහසේ කතා කිරිමට ඉඩ හැර සනුකත් යහළුවත් එතනින් ඉවත්ව ගියහ...
රශේන්, ශරන්‍යා ළගට ගොස් ඇයගේ දෑත් මුහුනෙන් ඉවත් කරව දැඩිව වැළඳගන්නේ කියාගත් නොහැකි සෙනෙහසකින්ය....
"ඇයි මැනික මාව දාල ගියේ ....මම ඔයා නැතිව කොච්චර අමාරුවෙන්ද ජීවත් වුනේ....එකවරම ශරන්‍යා ඔහුගේ ග්‍රහනයෙන් ඉවත්ව ඔහුව තල්ලු කරදැම්මාය...
"ඒකද ඔ....යා.... ටියානාව මැරි කලේ....." වෙව්ලන කටහඩින් ශරන්‍යා පැවසුවාය...
"ඔයා හිතන්නේ මම ටියානාව මැරි කලේ මගේ උවමනාවට කියලාද බබා...මම ගොඩක් අසරන වුනා....ඔයා මාව දාලා ගියා..මම ඔයා ඉන්න තැන හොයාගන්න කොච්චර උත්සහ කලාද මට පිස්සු හැදුනේ නැති ටික විතරයි...බැරිම තැන මම ඔයාලගේ ගෙදරත් ගියා ඒත් ..ඒත් බබා දන්නවද ඔයාගේ තාත්තා කිව්වා ඔයා වෙන කෙනෙක්ව මැරි කරන්න හිත හදගත්තා කියලා..ඒ වේලාවේ මට ඇතිවුන හැගිම කියන්න තේරෙන්නේ නෑ..ඒත් මගේ හිත කිව්වා ඔයාට මාව නැතිව බෑ කියලා....ඒක නේද මගේ මැනික වෙන කාගේවත් උනේ නැත්තේ...."
"ඔයාට මම ගැන ඔච්චරටම විශ්වාසයක්  තිබ්බා නම් ඇ...යි..ඔයා ටියානාව මැරි කලේ අයියේ...."
"මම අසරන වුනා බබා...මම දන්නවා මම ටියානාව මැරි කරන්න ඉද්දියි ඔයා එක්ක යාලු වුනේ කියලා..ඒත් මම ටියානාට හැමදේම පැහැදිලි කලා..මම ඔයාට කිව්වනේ බබා මම ඉන්දියන් ටුවර්  එක ගිහින් ඇවිත් හැමදේම විසඳනවා කියලා..ඒත් ඊට කලින් ඔයා මගෙන් ඈතට ගිහින්.....අනික මම විතරක් නෙමේ ටියානත් මාත් එක්ක යාලුවෙලා ඉද්දි තව කෙනෙක් එක්ක අෆේයාර් එකක් තිබිලා තියෙනවා...ඒ මනුස්ස්යගේ අතින් ටියානාට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා තිබුනේ ඒ වෙනකොට ....ඒ විතරක් නෙමෙ මාස දෙකක බඩකුත් දිලා ඒ මනුස්සයා අතුරුදහන්...ටියානා සුවිසයිඩ් කරගන්නත් හැදුවා..එයාගේ පෙර්න්ට්ස්ලා මට ඇවිත්  වැඳලා ටියානාව මැරි කරන්න කිව්වා...ඒත් මම ටියානාව මැරි කරන්න කැමති වුනේ එයා එක්ක කවදාවත් පවුල් කන්න නෙමේ බබා ඒ හම්බවෙන්න හිටපු ළමයාට තාත්තාගේ නම දෙන්න විතරයි...ඒත් ටියානාට බබා හම්බවෙන්න ළංවෙනකොට ඒ මනුස්සයා ඇවිත් එයාගේ වැරදි පිලිඅරගෙන ටියානාව බාරගත්තා....කියන්න දැන්වත් ඔයා මට සමාව දීලා මගේ ළගට එනවද කියලා මැනික....." රශේන් පැවසු දේවල් කඳුලු පිරි දෑසින් අසා සිටි ශරන්‍යා ඔහු ළගට ගොස් ඔහුගේ පපුවට හිස තබාගෙන හයියෙන් අඩන්නට විනි....
"මටත් සමාවෙන්න අයියේ...මම ගත්ත තීරනය වැරදියි..මට ඔයා එනකම් එන්න තිබ්බා..." දෙදෙනාම ටික වේලාවක් යනතුරු වැලඳගෙන ඇඩුහ....ඉන්පසු රශේන්, ශරන්‍යාගෙ මුහුන නිකටින් ඔසවා ඇයගේ නලලට හාදුවක් දුන්නේය.....
"ආයේ කවදාවත් මාව දාල යන්න හිතන්නවත් එපා...ඔයා මගේ විතරයි...මාත් ඔයාගේ විතරයි මැනික...."
"නෑ කවදාවත් දාල යන්නේ නෑ...හැම ආත්මෙම මම ඔයාගේ විතරයි අයියේ...."
රශේන්ගේ දෙතොල් ශරන්‍යාගේ දෙතොල් මත තබමින් ඔවූන් මාස  අටක් පුරා ඔවුන් විඳි දුක අමතක කරමින් ආදරයේ සතුට විඳින්නට විය.....

මෙලෙස ඔවුන්ගේ ආදරය විවාහයෙන් කෙළවර වුයේ සියලු දෙනාගේම ආශිර්වාදය මැද්දේය......

සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති....

කඳුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ළග ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති

නොසැලි නොතැවි බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඇති
ආත්ම ගනනේ පුරුදු ලෙසින්
මේ අයුරින් හමුවන්න ඇති.....

Comments

Popular posts from this blog

අල්ලපු ගෙදර - හොල්මන් කතා - කෙටි කතාව 1

සිංදු කතා... "තරුද නිදන / මලක් වුනේ..."