-----සිංදු කතා--- "ඔබටයි මේ ආරාධනා.. ."
"රනිදු ඔයා පොඩ්ඩක් මට කතා කරන්න දෙන්න මම ඔයාට විස්තර කරන්නම් ඒ වෙලාවේ මොකද වුනේ කියලා....."
"මොනවද දැන් තමුසේට මට විස්තර කරන්න තියෙන්නේ..මම තමුසේට කිව්වනේ ඒ ගෙදරට යන්න එපා කියලා මොන මගුලටද එහේ ගියේ..එකත් මට නොකියා..අඩුම තරමේ මට කියලා යන්න තිබුනා..ශිට්..."
"රනිදු ප්ලීස් මම කියන දේ පොඩ්ඩක් අහන්න"
"වචනයක්වත් කතාකරන්න එපා..ඒ තමුසේගේ අම්මා, තාත්තා තමයි ඒත් අමතක කරන්න එපා බිස්නස් රැක ගන්න සල්ලිවලට තමුසේව සල්ලායෙක්ට දැන දැනත් බන්ඳන්න ගියා කියලා..ඒ විතරක්ද මගේ අහිංසක තාත්තාව හප්පලා අබ්බගාතයෙක් කලා"
"රනිදු තාත්තා කරපු දේවල් වලට මගේ අහිංසක අම්මා පලි නෑ..ඒ වේලාවේ එයා මට කතා කරාම නොගිහින් ඉන්න බැරිවුනා.....අනික ඔයාට අහන්න ඕනේ නැද්ද රනිදු මම එහේ ගියේ ඇයි කියලා..."
"ඕනේ නෑ..අඩුම තරමේ මට කෝල් එකක් දීලා යන්න තිබුනා....අනික මට උදේ එලියට යනවා කියලවත් කිව්වද.....දැන් තමුසේ වචනයක්වත් කතා කරන්න එපා....මම යනවා එලියට දැන්..තමුසේ රෑට කාලා නිදාගන්නවා...."
"අනේ රනිදු මම කියන දේ පොඩ්ඩක් අහන්න්කෝ...."
රනිදු එලියට ගියේ පුදුම තරහකින්...."මම නෙතුට කොච්චර ආදරේද ඒත් ඇයි එයා මට නොකියා එවගේ දෙයක් කලේ..අනික එයාගේ තාත්තා කොච්චර නපුරුකම් කලාද අපිට...අම්මා එක්ක වුනත් මම නෙමේනෙ සම්න්බන්ධකම් තියාගන්න එපා කිව්වේ...එයාගේ තාත්තානේ....අඩුම තරමේ කෝල් එකක් දීලා කියන්න තිබ්බා...ෂෙහාන් කිව්වේ නැත්නම් මම ඒ දන්නෙත් නෑ....." රනිදු එසේ සිතමින් ගියේ ඔහුගේ නිවසටය....
'මොකද පුතා මේ වේලාවේ.... කෝ දුව ආවේ නැද්ද..."
"නෑ අම්මා..මම විතරයි ආවේ...."
"මේ රෑ ඇයි ඒ ළමයාව දාලා ආවේ තනියෙන් මොනවහරි ප්රශ්න්යක්ද පුතා..."
'නෑ අම්මා ප්රශ්නයක් නෑ....ලීලා නැන්දා ඉන්නවනේ ගෙදර ඒ නිසා එයාට තනියක් නෑ..."
"පුතාගේ මුන දැක්කම නම් හිතෙනවා ප්රශ්නයක් කියලා..පුතා කාලද ඉන්නේ..."
"මට බඩගිනි නෑ අම්මා මම චුට්ටක් ඇලවෙන්නම් අම්මා ටිකක් මහන්සියි...."
"හ්ම්ම්ම් එහෙනම් තේ එකක්වත් හදන්නද...'
"හා....' රනිදු කාමරයට ගොස් ඇඳේ වැතුරුනේ මොනවා වුනත් නෙතුට මම කෑගහපු එක වැරදියි මට එයාට ඇහුම්කන් දෙන්න තිබ්බා ඕ ශිට් ...ෆොන් ස්ක්රීන් නෙතුගේ හිනාවෙන මුහුන දිහා බලාගෙන සිටිද්දි රනිදුගේ දෑසින්ද කදුලු ගලා හැලුනේය.....රනිදු එහෙම්මම දෑස් පියාගත්තා..හිතේ තිබුන දුකටයි ඔලුවේ කැක්කුමටයි රනිදුට නින්ද ගියේ ඔහුට නොදැනුවත්මය......
රනිදුගේ ෆොන් එක එකදිගට නාද වුවත් සයිලන්ට් මොඩ් දාල තිබුන නිසා රනිදුට ඇහුනේ නෑ..නෙතු සැකයට වගේ රනිදුගේ නිවසේ දුරකතනයට ඇමතුමක් ගත්තාය...
මැදියම් රෑ වු නිසා නෙතුට දෙසැරයක් පමන එම දුරකතනයටද ගන්නට සිදුවිය...
"අම්මා මම නෙතු..සමාවෙන්න අම්මා මේ වෙලාවේ කතා කලාට..රනිදු ආවද අම්මා ඔහේ..."
"ඔව් දුව ..මොනවාහරි ප්රශ්නයක් වුනාද දුව..මම ඇහුවට මුකුත් කිව්වෙත් නෑ.."
"හ්ම්ම්ම්ම් ඔව් අම්මා එයා පරිස්සමින් නේද කියලා මට දැනගන්න ඕන වුනේ අම්මා..එයාගේ ෆොන් එකට මම කීපසැරයක්ම ගත්තා ඒත් අන්සවර් කලේ නෑ එකයි මම අම්මට ගත්තේ මේවෙලාවේ....."
"ඒකට කමක් නෑ දුව පුතාගේ හිත ගොඩක් රිදිලා දුව මොකද වුනේ කියන්නකෝ දරුවො ප්රශ්නයක් ඇතිවුනාම ඒවා විසදගන්න ඕනේ ඔයාල දැන් කසාද බැඳපු ලමයි..."
"මේකයි අම්මා වුනේ...මට දැන් මාස එකහමරක් තිස්සේ සනීප නැතිවුනේ නෑ ඉතින් මම ලීලාට කියලා ෆාමසි එකෙන් ස්ලිප් එකක් ගෙනත් චෙක් කලා ඉතින් එකේ පොසිටිව් ආවේ...ඒත් ඉතින් ක්ලිනික් එකකින් චෙක් කරලා ක්න්ෆර්ම් කරගන්න ඕන වුනා මට ඊට පස්සේ රනිදුව සර්ප්රයිස් කරන්න හැදුවේ ඒකයි මම නොකියාම මෙඩිටෙක් එකට ...මම රිපොර්ට් එක දෙනකම් එතන ටිකක් වෙලා හිටියා..ඒ ඉඳල රිපොර්ට් එක අතට ලැබුන ගමන් මට ඒක බලලා ගොඩක් සතුටු හිතුනා ඒත් එක්කම අපේ අම්මිත් එතනට ආවා රිපොර්ට්ස් වගයක් ගන්න එයාව දැක්ක ගමන් මට ඇඩුනා අම්මා..එයත් මගේ රිපොර්ට් එක දැකලා ගොඩාක් ඇඩුවා සතුටට...මොනව වුනත් මමත් අම්මා කෙනෙක් වෙන්න යන්න කියලා දැනුනාම අම්මගේ ආදරේ වැඩියෙන් දැනුනා අම්මේ ඉතින් මම ඒ වෙලාවේ ගොඩක් හැගිම්බර වෙලා හිටියේ...තාත්ති බිස්නස් වැඩවලට රට ගිහින් එන්නේ හෙට කියලා අම්මා මට පිසෙන්ඩු වුනා ගෙදර ගිහින් එමු කියලා....අම්මිගේ අතින් කෑම හදලා එයා මට කැව්වා අම්මා ඊටපස්සේ අම්මිම මාව ගෙදරට ඇරලුවා..මම ගෙදර ඇවිත් රනිදුට ඔක්කොම කියන්න හිටියේ අම්මා..ඒත් ඊට කලින් ශෙහාන් මාව දැකලා රනිදුට කියලා..එයා ගෙදර ආවේ ගොඩක් කේන්තියෙන් මට පොඩ්ඩක්වත් ඇහුම්කන් දුන්නේ නෑ..මම දන්නවා මම වැරද්දක් කලා ඒත් අම්මා ඒ වේලාවේ මමයි අම්මියි හිටියේ ගොඩක් අසරන වෙලා...රනිදු මට අපේ දරුවා ගැන් සුබ ආරංචියවත් කියන්න ඉඩදුන්නේ නෑ අම්මා..." නෙතු අඩ අඩ රනිදුගේ අම්මට විස්තරේ කියද්දි රනිදුගේ අම්මත් හොඳටම ඇඩුවා
"අනේ රත්තරන් දැන් අඩන්න එපා ඔයාට අඩන්න හොඳ නෑනේ දැන් ලීලා ඉන්නවනේ නේද දූ ළග මම පුතාව ඇහරලා එයාට විස්තරේ කියලා එවන්නම්...හොඳ දු වගේ දැන් අඩන්න එපා හොඳද ...."

රනිදුගේ මව රනිදුව නැගිට්ටවා විස්තරේ කිවු පසු රනිදු වේදනාවෙන් අඩමින් මවට තුරුල් වුනේ ඔහුගේ අතින් සිදුවු වැරද්දේ බරපතලකම දැනුන නිසාත් නෙතු ගැන ඇතිවුන දැඩි සෙනෙහසත් නිසාය....ඔහු තව මොහොතක්වත් එහි නොසිට වාහනයට ගොඩවුනේය...ඔහු ගෙදරට පැමිනෙන විට පාන්දර එක පමන වීතිබුනි...ඔහු යනවිටත් නෙතු නොනිදා සැටියට වී සිටියේය....රනිදු ගෙට ගොඩ වුන විගස ගොස් එකවරම නෙතුව බඳාගෙන පොඩි එකෙකු සේ අඩන්නට විය...
'මට සමාවෙන්න රත්තරන් මට ඔයාට ඇහුම්කන්දෙන්න තිබුනා...මගේ පන ඒ වෙලාවෙ මම කේන්තියෙන් ගියාට මට හිත වාවගන්න බැරිවුන බබෝ....කෝ මගෙ චුටි පැටියා..." රනිදු නැමි නෙතුගේ කුස සිබිමින් නැවත් ඇඩුවේය...
"මට සමාව දෙනවා නේද පැටියෝ ."
"හ්ම්ම්ම්ම් මම ඔයාට සමාව දෙනවා මාත් වැරද්දක් කරපු නිසා..ඒත් මම ඔයා එක්ක තරහම තරහයි..."
"අනේ බබො අපි ආයේ කවදාවත් තරහාවෙන්නේ නෑ හොඳද..අනික ඔයා එක්ක තරහවෙලා මට ඉන්නත් බෑ..ආදරෙයි පන ගොඩාක් කලින්ටත් වඩා...."
"මාත් ආදරෙයි ගොඩාක්..."
"මාත් ආදරෙයි ගොඩාක්..."
රනිදු නෙතුව දෝතට ගෙන කාමරයට පියනැගුවේ නෙතුගේ සිනාවලින් මුලු ගෙදරම පිරෙද්දීය....
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ අයාචනා....
හිරු සඳු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බෑ තරහ වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ අයාචනා....
පෑව සෙනේ අමනාපේ නිසා
මොදු වෙලා තිබුනාට වඩා..
සිත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
තරහ උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිද ආයේ
යලි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා.....
ඔබටයි මේ අයාචනා....
හිරු සඳු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බෑ තරහ වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ අයාචනා....
පෑව සෙනේ අමනාපේ නිසා
මොදු වෙලා තිබුනාට වඩා..
සිත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා
තරහ උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිද ආයේ
යලි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා.....
Comments
Post a Comment