Posts

සිංදු කතා... "තරුද නිදන / මලක් වුනේ..."

Image
01 කොටස සුදු පාට සාරියකින් සැරසුනු ජානදී මග බලාගෙන සිටියේ ආමන්ත පැමිනෙන තුරුය...එකවරම ඇයට ඇසුනේ ඔවුන්ගේ නිවාස සංකීරනය අසලවු නිවසකින් ඉතාමත් හයියෙන් වාදනය වන සංගීතයකි ....ආමන්ත නොපැමිනිම නිසා කලබල වි සිටි ජානදීට ඇතිවුනේ මහත් කේන්තියකිනි..ඇය ගොස් දොරට තට්ටු කළත් ඒ ශබ්දය නිසා කිසිවකු දොර ඇරියේ නොමැති බැවින් ඇය දොර ඇරගෙන ඇතුලට ගියාය...පාටියක් වු බැවින් ලයිට්ස් නිවා දමා තිබු අතර ඩීජේ එකේ දමා ඇති තිබු  ලයිට්ස් පමනක් දැල්වු අතර එහි වු සියලු දෙනාම පිස්සන් වගේ නටමින් උන්හ..එකවරම  ජානදීගේ ඇගේ කිසිවකු හැප්පුනු අතර වැටෙන්නට ගිය ජානදීව කවුරුන් හෝ අල්ලාගත්තේය..වැටෙන්නට ගිය නිසා බියවු ජානදී බයටම දෑස් පියාගත්තාය...නමුත් ඒ වනවිටත් ශෙහාන්ගේ ශක්තිමත් දෑත්වලින් ජානදී අල්ලාගෙන සිටි අතර.....අඳුරේ වුවද ජානදීගේ පැහැපත් මෙන්ම සුන්දර වත දෙස ශෙහාන් බලාසිටියේ අතරමං වුවකු මෙන්ය...එකවරම ජානදීගේ දෑස් විවර විය..ඒත් සමගම නිවා දමා තිබු විදුලි බුබුලු දැල්වෙන්නට විනි. ඇය ඉදිරියේ වු බළල් ඇස් දෙක දැක කලබලයට පත්වු ඇයට පසුවයි දැනුනේ එම තැනැත්තාගේ දෑත් වලට ඇය සිරවී සිටින බව..එකවරම ඇය ඔහුගෙන් මිදුණාය... "මේ...

----සිංදු කතා---"සොදුරු අතිතයේ නිමල පැතුම වී..."

Image
එදින පැවති තරගයේදී රශේන් විසින් ලබාගත් අසුහතක ලකුණු ප්‍රමාණය ලංකාව ජයග්‍රහනය කරා රැගෙන යාමට හේතුවිය... "අද නම් රශෙන් නියමෙට ප්ලේ කලා නේද ඒයි..." අමායා පැවසුවේ තරගය නිමවී ගෙදර යන අතරතුරය.... "හ්ම්ම්ම් ඔව් මට හොඳටම ෂුවර් මෑන් ගෙස් කලා නංගි මැච් එක බලන්න ඇවිත් ඉන්න ඇති කියලා...මොනවා උනත් මෑන් නංගිට ඇත්තටම ආදරේ කරලා තියෙනවා....ඒ අතින් බලනකොට ඔයා කරපු දේ වැරදියි නංගියි...ඔයාට එයා එක්ක මේ ගැන කතා කරලා තීරනයක් ගන්න තිබ්බා...කවුද දන්නේ අර ගර්ල් කියපු දේවල් ඇත්තක්ද බොරුවක්ද කියලා...." "මාත් ඒක තමයි නංගිට කිව්වේ ..මම නම් කියන්නේ රශේන් මෙහෙ ඇවිත් ඉන්න එකේ එයා එක්ක කතා කරලා සමාව අරගෙන ඒක ඉතින්  ඉවර කරලා මැරි කරන්න රෙඩි වෙන්න කියලා අපි කතා කරන කෙනෙක්ව...අම්මයි තාත්තයි ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නංගි...." "හ්ම්ම්ම් ඒක ඇත්තද..ඔයාට ඕනේ නම් මට මීට් වෙන්න සෙට් කරලා දෙන්න පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඔයා තීරනය කරල කියන්න නංගි...." ශරන්‍යා ඔවුන් කියු දේවල් වේදනාවෙන් අසා සිටියා මිස කිසිවක් නොපැවසුවාය..... තරගාවලිය අවසන් වීමට තිබුනේ තව එක තරගයක...

----සිංදු කතා - ----හිමි නැති පෙමකට

Image
"ශරන්‍යා මේ වීක් එකේ ප්‍රොග්‍රැම් එකේ ශූට් එකට එන කට්ටියගේ ලිස්ට් එක ලැබුනා නේද...." "තාම නෑනේ අරුනොද් අයියා..." "අයියෝ අරූට ඉතින් වැඩක් භාර දුන්නොත් ඔහොම්මම  තමයි......ඔය කොලයක් දියන් බං මංවත්  ලිස්ට් එක හදන්න....." "මොකක්ද අයියේ මෙදා සැරේ තීම් එක...." "ක්‍රිකටර්ස්ලා දෙන්නෙක් තමයි හිතන් ඉන්නේ ගෙන්නන්න..හ්ම්ම්ම්ම් කාටද එන්න කියන්නේ..." අරුනෝද් කල්පනා කරන්නට විනි "අනේ අරුනෝද් අයියේ එහෙනම් අපි රශෙන් ජයතිලකව ගෙන්නමුකෝ...." "ඌ නම් හොඳයි තමයි මේ දවස්වල කෙල්ලෝ ඌට වහ වැටිලනේ ඉන්නේ ඌවයි දසුන් ජයසුරියවයි ගෙන්නමු එහෙනම්...ඒත් තමුසේ මොකද ඌව ගෙන්නන්න් කිව්වේ මට නම් ඇල්ලුවෙ නෑ ඒක..." අරුනොද් එසේ පවසද්දි ශරන්‍යා සිනාසෙමින් බිම බලන්නට විනි... "කෙල්ලගේ හිනාවෙන් නම් තේරෙන්නේ ඌට ලව් වගේ කියලා...හැබැයි මං දන්න තරමින් ඌට ගර්ල් කෙනෙක් ඉන්නවා...."" " අනේ එහෙම දෙයක් නෑ අරුනොද් අයියා...මාත් දන්නවා ඉන්ස්ටා එකේ එයා ගර්ල් එක්ක ඉන්න පික්චර්ස් දාලා තිබුනා." "හරි හරි හිටහන්කෝ මම ආවම ඉන්ට්‍රඩියුස් කරන්නම්...

අල්ලපු ගෙදර - හොල්මන් කතා - කෙටි කතාව 1

Image
කතාව ආරම්භ වන්නේ 1950 ගනන් වල ජීවත් වු සතුටින් කල්ගෙවන නුවර එලියේ ප්‍රදේශයේ දුප්පත් පවුලකින්ය...ඒ ගෙදර පුංචි ලස්සන දුවකුත් ....තව බබෙක් හම්බවෙන ඉන්න අම්මා කෙනෙකුත් ඉන්නවා..ඔවුන් ඉතාමත් සතුටින් සිනාසෙනෙවා..ඒ හීනාව දොංකාර දෙනවා..... නෙහාන් එක පාරට ගැස්සිලා ඇහෙරෙන්නේ ඒ හිනාවේ දොංකාරයත් එක්කමයි...එකවරම ඇඳේ ඔහු ඉඳගන්නේ මුලු ඇගේම දාඩිය දාගෙන.... දැන් අපි ආපහු වර්තමානයට එනවා අපි දැන් ඉන්නේ මේ 2018 හොඳද....... "නෙහාන් මොකද බබා මේ ඔයා හීනේන් බය වුනාද..." "හ්ම්ම්ම්ම් බයවුනේ නෑ හැබැයි අමුතු හීනයක් දැක්කේ එකයි එකපාරට ඇහරුනේ....ඔයා උදෙන්ම නැගිටලා ඇඳුම් ටික ලෑස්ති කරගත්තද සශි...." "හ්ම්ම්ම් ඔව් අනේ එතකොට මට ලේසිනේ..කොයි වේලාවේ කලත් මම එපැයි ලෑස්ති කරන්න..දැන් ඉතින් හවසට පිටත් වෙන්න විතරයි තියෙන්නේ..." 'ඔයා බ්ලැන්කට් ඇති තරම් ගත්තා නේද සශි..නැත්නම් ඉතින් දන්නවනේ ඔයා නුවර එලියේ ක්ලයිමට් එක...." "ඔව් ගත්තා ගත්තා..." 'වැඩියම ඕනේ නෑ ඉතින් හීටරෙත් ලග ඉන්නේ හැබැයි..." නෙහාන් ඇඳෙන් පැන් සශිව තුරුල් කරගනිමින් පැවසුවේය.... "ඇත්තද......

-----සිංදු කතා--- "ඔබටයි මේ ආරාධනා.. ."

"රනිදු ඔයා පොඩ්ඩක් මට කතා කරන්න දෙන්න මම ඔයාට විස්තර කරන්නම් ඒ වෙලාවේ මොකද වුනේ කියලා....." "මොනවද දැන් තමුසේට මට විස්තර කරන්න තියෙන්නේ..මම තමුසේට කිව්වනේ ඒ ගෙදරට යන්න එපා කියලා මොන මගුලටද එහේ ගියේ..එකත් මට නොකියා..අඩුම තරමේ මට කියලා යන්න තිබුනා..ශිට්..." "රනිදු ප්ලීස් මම කියන දේ පොඩ්ඩක් අහන්න" "වචනයක්වත් කතාකරන්න එපා..ඒ තමුසේගේ අම්මා, තාත්තා තමයි ඒත් අමතක කරන්න එපා බිස්නස් රැක ගන්න සල්ලිවලට තමුසේව සල්ලායෙක්ට දැන දැනත් බන්ඳන්න ගියා කියලා..ඒ විතරක්ද මගේ අහිංසක තාත්තාව හප්පලා අබ්බගාතයෙක් කලා" "රනිදු තාත්තා කරපු දේවල් වලට මගේ අහිංසක අම්මා පලි නෑ..ඒ වේලාවේ එයා මට කතා කරාම නොගිහින් ඉන්න බැරිවුනා.....අනික ඔයාට අහන්න ඕනේ නැද්ද රනිදු මම එහේ ගියේ ඇයි කියලා..." "ඕනේ නෑ..අඩුම තරමේ මට කෝල් එකක් දීලා යන්න තිබුනා....අනික මට උදේ එලියට යනවා කියලවත් කිව්වද.....දැන් තමුසේ වචනයක්වත් කතා කරන්න එපා....මම යනවා එලියට දැන්..තමුසේ රෑට කාලා නිදාගන්නවා...." "අනේ රනිදු මම කියන දේ පොඩ්ඩක් අහන්න්කෝ...." රනිදු එලියට ගියේ පුදුම තරහකින්.......

දෛවෝපගත බැඳීම්

නිම්නා පුලුවන් තරම් හයියෙන් දුවන්නට විය...කදුලු කැට මෙන් දෑස්වලින් කඩාහැලෙන්නට විය..ඇය මේ දුවන්නේ මහපාරේ යනවගද ඇයට ගානක් නොවිය ඇය නොනවතවාම පිස්සියක සේ දුවන්නට විය..එකවරම පැමිනි ට්‍රක් එකට බ්‍රෙක් ගැසිමට වේලාවක් නොවිය.ට්‍රක් එකේ ඉදිරිපස වැදි නිම්නා ඈතට විසි විය....... අතේ සේලයින් බටයක් ගසා සුඛෝපභොගි පෞද්ගලික රෝහල් කාමරයක ඇඳක නිම්නා වැතිර සිටියාය...ඒ අසල වුයේ සාරියකින් සැරසි සිටි මැදිවිය ඉක්මවු සුන්දර කාන්තාවකි..නිම්නා දෑස් අරින්නට විය...ඒ අතරතුර ඇය භාරව සිටි වෛද්‍යවරයාද කාමරයට පැමිනියේය... "දු හව් ආර් යු ෆිලින්ග් නව්?......." "හ්ම්ම්ම්ම් අයිම් ෆිලින්ග්  බෙටර් නව් ..." "ගුඩ්..." "මිසිස් දල්පදාදු ඔයාගේ ඩොටර් ඉන් ලෝට දැන් ගොඩක් හොඳයි..ඔයා කැමති නම් අද හවසට එයාව ගෙනියන්න පුලුවන්..." "තැන්ක් යු සෝ මච් ඩොක්ටර්.." "යු ආර් වෙල්කම් මිසිස් දල්පදාදු..." නිම්නාට සිදුවු අනතුරින් ඇගේ හිසට සිදුවු තුවාලය නිසා අවුරුදු පහක පමන ඈත  අතිතය ඇගේ මතකයෙන් ගිලිහි තිබුනි..අඩුම තරමේ එම අනතුර සිදුවිමට කලින් සිදුවු දේවල්ද කිසිවක් ඇයට මතක නැත. හර...
Image
ඇය.... අමන්දා වික්‍රමසිංහ              රොහාන් වික්‍රමසිංහගේත්, සුනේත්‍රා වික්‍රමසිංහගේත් එකම දියණිය ය. අවුරුදු තුනක් තිස්සේ පණ මෙන් ආදරය කළ තම පෙම්වතාගේ මනමාලිය වී දිවි ඇතිතුරා ඔහුගේ පතිනිය වන්නට පෙරුම් පුරන්නීය. ඔහු...... ආකාශ් රත්නායක            සාලිය අත්තනායකගෙත්, දිල්හානි අත්තනායකගෙත් බාල පුතු ය. තම පියාගේ ව්‍යාපාර කටයුතු වලට සහය දෙමින් සැහල්ලු ජිවිතයක් ගත කළ ඔහුගේ සියල්ලම වුයේ අමන්දා ය. අමන්දා මෙන්ම ඔහුත් ඇයට පණ මෙන් ආදරය කළේය.නොබො දිනකින් අමන්දා සමඟ විවාහ වී යහපත් පවුල් ජිවිතයක් ගත කිරිමට ඔහුද සිහින දකින්නේ ය...     ඔවුන්ගේ සිහිනයට කුමක් සිදු වෙවිද??? රැදෙන්න කියාගන්න බෑ ආදරය සමඟින් උදෑසනම පටන් ගත් වැහි පොදය නොනවත්වාම පැවතුනි.මුලු ගෙදරම එකම කලබලයකි. "මම කිව්වේ නංගි අද නම් සුභ දවසක්ම තමයි බලන්නකෝ මේ ලස්සන මල් වැස්සක් වහින්නේ උදේන්ම එකනේ" ඒ අමන්දාගේ ලොකු අම්මාය. ඇත්තටම අද අමන්දාගේ මුලු පවුලටම සතුටු දිනයකි, ඇයි ඒ විතරක්ද අමන්දාට නම් අද ගොඩාක්ම සතුටු දවසක්. හැම යුවතියකගේම හීනය ලස්සන මනමාලිය...